Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මාදැල් බලතල ධීවර දෙපාර්තමේන්තුව වෙත


-ඇමති රාජිත කියයි
මාදැල් කර්මාන්තය සදහා බලපත්‍ර නිකුත් කිරීමේදී මෙතෙක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබු බලතල ධීවර දෙපාර්තමේන්තුව වෙත පැවරීම සදහා වන ගැසට් පත්‍රය නොබෝ දිනකින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ධීවර අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්ක මහතා පැවසීය. සීමාසහිත සමස්ථ ලංකා මාදැල් හිමියන්ගේ ධීවර සමුපකාර සමිතියේ 35 වැනි වාර්ශික සමුළුවට සහභාගි වෙමින් ධීවර ඇමතිවරයා මේ බව කියා සිටියේය. හලාවත - උඩප්පුව ත්‍රෛව්පදි අම්මාන් දේවාලය ආසන්නයේ පිහිටි ප්‍රජා ශාලාවේදී මෙම වාර්ශික සමුළුව පැවැත්වුණි. 
මෙහිදී තව දුරටත් කථා කළ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.ලංකාවේ ශ්‍රමය තිබෙනවා.නමුත් අවාසනාවකට ශ්‍රමය නිසි පරිදි යොදා ගන්නේ නෑ.මෙරට රැකියා නොමැති බව පවසමින් ඇතැම් අය මැද පෙරදිග යනවා.එසේ ගිය ඇතමුන් ආපසු ගම් රටවල් බලා එන්නේ පෙට්ටියෙන්.නමුත් ඒකත් සැපයි කියලා හිතන පිරිසක් තමයි අපේ රටේ ඉන්නේ.මෙය අපේ රටේ ශ්‍රමිකයින්ට තිබෙන මානසික ගැටළුවක්.
වර්තමානයේ මා දැල් ඇදීම සදහා ශ්‍රමිකයින් නොමැති බව පැවසීම අවාසනාවක්. නමුත් ඕනෑ තරම් ශ්‍රමිකයින් සිටින රටකයි අපි ඉන්නේ.මෙතෙක් කලක් මා දැල් සදහා බලපත්‍ර නිකුත් කිරීමේදී ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා තිබු බලතල ධීවර දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සදහා වන ගැසට් නිවේදනය ළගදීම නිකුත් කිරීමට බලාපොරොත්තු වනවා.එම ගැසට් නිවේදනය අවශ්‍ය නීතිමය කටයුතු සදහා මේ වන විටත් නීතිපතිදෙපාර්තමේන්තුව වෙත යවා තිබෙන්නේ.එම ගැසට් නිවේදනය නිකුත් වු විට දැනට මා දාල් කර්මාන්තකරුවන් මුහුණ දී ඇති ගැටළු රැසකට පිළිතුරු ලැබෙන බව මා විශ්වාස කරනවා.
 ධීවර කර්මාන්තය සදහා බලපත්‍ර ලබා දෙන්නේ ධීවර කර්මාන්තයේ යෙදෙන්න පමණයි.එසේ නොමැතිව බ්‍රෝකර් ගාස්තු ලබා ගන්න බලපත්‍ර නිකුත් කරන්න කිසිදු අදහසක් නෑ.ධීවර කර්මාන්තයේ යෙදන බව කියන ඇතැම් බලපත්‍ර හිමියන් ඉන්නේ ගෙවල් වල.ඔවුන් ධීවර කර්මාන්තයේ කිසිදු දෙයක් කරන්නේ නෑ.නමුත් කොමිස් මුදල පමණක් ලබා ගන්නවා.එවිට රුපියල් ලක්ෂ ගණනින් වු කොමිස් මුදල්ද එකතු වන්නේ මාළු අලවි කරන මිළටයි.එහි බර දරන්න වෙන්නේ පාරිභෝගිකයාටයි.මේ නිසා ඉදිරියේදී ධීවර කර්මාන්තයේ නිරත නොවන කිසිවෙකුට බලපත්‍ර හිමි වන්නේ නෑ.
මසුන් මැරීම සදහා යොදා ගන්නා තහනම් දැල ආම්පන්න අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතැම් ධීවර නිළදාරීන් මෙන්ම පොලිස් නිළදාරීන්ද දුෂිතව ක්‍රියා කර තිබෙනවා.මේ නිසා අදාල වැටලීම්කිරීමට නාවුක හමුදාවේ සහාය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.ඒ සදහා වන සාකච්ඡාද මේ වන විට අවසන් කර තිබෙන්නේ.ඒ නිසා ඉදිරියේදී කිසිදු නීති විරෝධී ආම්පන්න පාවිච්චි කර මේ රටට අයිති මුහුදේ තිබෙන මත්ස්‍ය සම්පත විනාශ කරන්න මා සිටින තුරු ඉඩ ලබා දෙන්නේ නෑ.