Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

හලාවත ධීවරයාට වෙඩි තබා ඝාතනය කිරීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් - විනිසුරු තීන්දු කරයි


 2013 ඔක්තෝබර් 05 09:20 a.m - Lakbima
Antani                                                  ඇන්ටනි ප්‍රනාන්දු

ධීවර උද්ඝෝෂණයක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමකින් මියගිය හලාවත ධීවරයාගේ මරණයට හේතුව සාවද්‍ය මිනිස් ඝාතනයක් බවට හලාවත දිසා විනිසුරු ජගත් කහඳගම මහතා 04 වැනිදා සවස තීන්දු කළේය. 2012 වසරේ පෙබරවාරි මස15 වැනි දින සිදුවු මෙම වෙඩි තැබීමෙන් හලාවත , වැල්ල පදිංචිව සිටි ඇන්ටනි ප්‍රනාන්දු නම් වූ දෙදරු පියෙකු මියගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබූහ. 
රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවරයින් විසින් මෙම උද්ඝෝෂණය පැවැත්වූ බව ප්‍රකාශය විය. පෙබරවාරි මස 14 වැනි දින මුලින්ම ධීවරයින් හලාවත නගරයට පැමිණ විරෝධතාවය දක්වන ලදි. එහිදී විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් ගත්තත් එය ව්‍යවර්ථ වී ගියේය.
නැවතත් 15 වැනි දින ධීවරයින් විරෝධතා දැක්වීමට සුදානම් වන බවට ලද තොරතුරු අනුව හලාවත නගරයේ සහ අවට ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණි. හලාවත , වැල්ල ප්‍රදේශයට එකතු වූ ධීවරයින් හලාවත නගරය කරා ගමන් කරමින් සිටින විට ඔවුන් වැලැක්වීමට පොලීසිය උත්සහ කළ විට විරෝධතාකරුවන් විසින් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කරන ලදි.එම අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමකින් ඇන්ටනි ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කළ අතර ඇන්ටනි ප්‍රනාන්දු මහතා එහිදී මිය ගියේය.
මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව හලාවත අධිකරණය හමුවේ නඩු පවරන ලදි. නමුත් චුදිතයෙකු නම් කර තිබුණේ නැත.
දීර්ඝ නඩු විභාගයකින් පසුව 04 වැනි දින හලාවත දිසා විනිසුරුවරයා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.
ධීවරයින් විසින් දක්වන ලද විරෝධතාවය එක්තරා රාජ්‍ය නොවන සංවිධායක් විසින් සහ දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද්දක් බවත්, ඇන්ටනි ප්‍රනාන්දු ධීවරයාගේ මරණයට ඔවුන් වගකිව යුතු බවටද රජයට සම්බන්ධ මැති ඇමැතිවරුන් පසුගිය කාලය පුරාවට චෝදනා කර සිටියහ.

ජුඩ් සමන්ත

Death of the Fishermen who died during the fuel protest is a Murder - Judge 

-Occured - 15th Feb 2012 during protest against fuel price hike
-Died - Antony Fernando, A fisherman from Chilaw
-Shooting happens during protesters confronting with police special task force.
-There is no Accused
-Politicians in the government accuse to a NGO and  to a political party