Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

හැඹිලිදැල් ධීවරයින් බන්ධනාගාරගත කරයි


Deevarayoහැඹිලිදැල් බලපත්‍රය අයථා ලෙස යොදා ගනිමින් ත්‍රිකුණාමලය මුහුදේ අනවසර ප්‍රදේශයේ මසුන් මරමින් සිටි ධීවරයින් 89 දෙනෙක් සහ ඔවුන්ට අයත් යාත්‍රා 13ක් සමග හැඹිලි දැල් විශාල ප්‍රමාණයක් සිකුරාදා (18) සවස ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලබීය. මෙම ධීවරයින් පිරිස එදින සවස ත්‍රිකුණාමලය වැඩ බලන මහේස්ත්‍රාත් තිරු සෙල්විනායගම් මහතා හමුවට පමුණුවීමෙන් අනතුරුව ඔවුන් ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. සැකකරුවන් පිරිස බන්ධනාගාරය වෙත රැගෙන ආ අන්දම ඡායාරූපයෙන් දැක්වේ.Deevarayo1අත්අඩංගුවට ගත් ධිවර බෝට්ටු
ඡායාරූපය - මංගලනාත් ලියනාරච්චි (ත්‍රිකුණාමලය)

89 fishers from trincomalee, who captured by the Navy while fishing with illegal purse seine nets have been sent to protective custody till the 21st October.