Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සීමා පැන මාට්ටු


2013 ඔක්තෝබර් 23 02:45 p.m
Deewarayan4ඉන්දීය මුහුදු සීමා ආක්‍රමණය කිරීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්වු මෙරට ධීවර යාත්‍රා සහ ධීවරයින් සම්බන්ධයෙන් අපි පසුගිය කාලය පුරාවටම කථා කර ඇත්තෙමු. නමුත් තම මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ජාත්‍යන්තර මුහුදේදී ධීවර යාත්‍රා 04 ක් සමග ධීවරයින් 24 දෙනෙකුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වන විට ඉන්දියාවේ තූත්තුකුඩිය වරායේ මෙම ධීවරයින් සහ ධීවර යාත්‍රා රදවා ඇති බව දැන ගන්නටඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඒෂානි 01 සංකල්ප 03,දුෂාන් තාරුක, සහ රේන්බෝ 07 නම්වු ධීවර යාත්‍රා සහ එහි සිටි ධීවරයින්ය. මෙම සියළුම ධීවර යාත්‍රා අත්අඩංගුවට පත්වී ඇත්තේ පසුගිය 09 වැනිදාය. 

Deewarayan2පසුගිය සැප්තැම්බර් මස 12 වැනි දින දික්ඕවිට වරායෙන් මුහුදු ගොස් ඇති ඒෂානි 01 යාත්‍රාව ඔක්තොම්බර් 09 වැනිදා ධීවරයින් 06 දෙනෙකුද සමග අත්අඩංගුවට පත්වී ඇත. ඒ වන විට අල්ලා ගන්නා ලද විශාල මසුන් ප්‍රමාණයක්ද එම යාත්‍රාවේ සිට ඇත.සංකල්ප 03 බහු දින යාත්‍රාව මසුන් මැරීම සදහා පිටත්වී ඇත්තේ පසුගිය 08 වැනිදාය.ඒ මීගමුව වරායෙනි. ධීවරයින් 05 දෙනෙකුගෙන් සමන්විත මෙම යාත්‍රාව මසුන් මැරීම සදහා යමින් සිටින විට ඉන්දීය ආරක්ෂකයින්ගේ අත්අඩංගුවට පත්ව ඇත.දුෂාන් තාරුක බහු දින යාත්‍රාව පසුගිය 09 වැනි දින මසුන් මැරීම සදහා පිටත්ව ගොස් ඇත්තේ දික්ඕවිට වරායෙනි.ඒ ධීවරයින් 06 දෙDeewarayan3නෙකුද සමගිනි.මසුන් මැරීම සදහා යාමට පිටත්වී පැය කීපයකින් එනම් ගිය 09 වැනි දිනම ඔවුන් ඉන්දීය ආරක්ෂකයින් ගේ අත්අඩංගුවට පත්වී ඇත.රේන්බෝ 07යාත්‍රාව සැප්තැම්බර් මස 08 වැනි දින දික්ඕවිට වරායෙන් පිටත්වී ඇත.ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔක්තොම්බර් මස 09 වැනිදාය.එම යාත්‍රාවේද අල්ලන ලද විශාල මසුන් ප්‍රමාණයක් සිට ඇත. එම යාත්‍රාවේ ධීවරයින් 07 දෙනෙකු සිට ඇත.
සාමාන්‍යයෙන් මෙසේ අත්අඩංගුවට ගන්නේ ඉන්දීය මුහුදු තීරය ආක්‍රමණය කර මසුන් මරමින් සිටින ධීවර යාත්‍රා සහ ඒවායේ සිටින ධීවරයින්වය. වසර 20 කටවැඩි කාලයක් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබු තම යාත්‍රා සහ ඒවායේ සිටි ධීවරයින්ව අත්අඩංගුවට ගැනීමට ඉන්දීය ආරක්ෂකයින්ට කෙසේවත් අයිතියක් නොමැති බව මෙම යාත්‍රා වල හිමිකරුවෝ සදහන් කරති.තම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවලට ආසන්නයෙන් ජාත්‍යන්තර මුහුදු තීරයේදී බවත්,එම ප්‍රදේශයට කොළඹ සිට ඇත්තේ කිලෝමීටර් 20 ක පමණ දුර ප්‍රමාණයක් බවද ඔවුන් කියා සිටිති.තවද තම යාත්‍රා අත්අඩංගුවට ගත් ස්ථානයට ඉන්දියාවේ සිට නාවුක සැතපුම් 400 ක් පමණ දුරක් ඇති බවද ඔවුන් කියති.
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරණ ඉන්දීය ධීවර යාත්‍රා සහ එම යාත්‍රා වල සිටි ධීවරයින් විශාල වශයෙන් මෙරට නාවුක හමුදාව විසින්Deewarayan1අත්අඩංගුවට ගෙන තිබුණි. එසේ අත්අඩංගුවට ගන්නා ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා රාජසන්තක කිරීමේ සුදානමක් මෙරට බලධාරීන් මේ වන විට ගෙන ඇත.තම ධීවර යාත්‍රා සහ එම යාත්‍රා වල සිටි ධීවරයින්ව මෙසේ ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන තම මුහුදු සීමාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් ඉන්දියාව සුදානම් වන්නේ එකට එක කිරීමක් විය හැකි බවද බහු දින යාත්‍රා හිමිකරුවෝ කියා සිටිති.ඇතැම් විට මෙය අනාගතයේ අපේ රටේ ධීවර කර්මාන්තයට එල්ල කරන මරු පහර වල ආරම්භයක්ද විය හැක.
අත්අඩංගුවට පත්ව ඇති ධීවරයින් සහ ධීවර යාත්‍රා මුදා ගැනීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවක් දැන ගන්නට ඇත.ධීවර යාත්‍රා වල හිමිකරුවෝ ඒ සදහා කටයුතු කරමින් සිටී.ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවෙමින් ඔවුන් එම කටයුත්ත සිදු කරමින් සිටින විට අත්අඩංගුවේ පසුවන ධීවරයින්ගේ පවුල්වල අයද ඒ සදහා හවුල් වී ඇත.ඒ නිසාම එම ඥාතීන් සොයා ගැනීම දුෂ්කර ක්‍රියාවකි.

Lakbima