Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ධීවර හිසරදයට ඉන්දියාවෙන් බේත්

2013 ඔක්තෝබර් මස 11 11:23:14 | . , කෝවිද ගුණසේකර                ලංකාදීප 
ශී‍්‍රලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දීයා ධීවරයින් ඉක්මනින් මුදා ගැනීමට හැකි නව වැඩපිළිවෙළක් ඇති කරන බව ඉන්දියාවේ ස්වදේශ අමාත්‍යංශය පවසයි.
‘‘ද හින්දු‘‘ වෙබ් අඩිවියේ දැක්වෙන පරිදි ශී‍්‍රලංකාවේ ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන ඉන්දිය මසුන් මරන්නන් ඉතා දිගු කාලයක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවීම සැළැකිල්ලට ගෙන ඇති ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය දෙරටටම වැඩදායක වන සේ මෙවන් වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවන් වැඩපිළිවෙලක් දැනට කි‍්‍රයාත්මකය.එයට අනුව ඉන්දීය වෙරළ සීමාවට අනවසරයෙන් ඇතුළු වන පාකිස්තාන මසුන් මරන්නන්ව ඉන්දීය ආරක්ෂක භටයින් අත්අඩංගුවට ගෙන පාකිස්තාන ආරක්ෂකඅංශ වලට වහාම භාර දේ.එලෙසම පකිස්තාන ආරක්ෂක අංශද පාකිස්තානයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුල් වන ඉන්දීය මසුන් මරන්නන් අත්අඩංගුවට ගෙන ඉන්දීය ආරක්ෂක අංශ වෙත භාර කරයි.
වැඩපිළිවෙළට අනුව දෙරටේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගන්නා මසුන් මරන්නන් රදවා තබා ගැනීමක් සිදුනොකරන අතර අත්අඩංගුවට ගත්තවුන් වහාම දෙරට අතර හුවමාරු කර ගැනේ.
ඉන්දියාවේ වෑයම මෙවන් වැඩසටහනක් ශී‍්‍රලංකාවද සමග කි‍්‍රයාවට නැංවීමයි.


ධීවර හිසරදයට ඉන්දියාවෙන් බේත්සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
හ‍‍ෆ්සල් 2013-10-11 11:42:30
ඒ වුනාට මෙයට දඩුවමක් තිබිය යුතුයි. තවත් රටක මුහුදේ මසුන් මැරීම නීති විරෝධී. හරි එවෙලේම බාර දෙමු. නමුත් මොවුන් අල්ලපු මාලු සහ ධිවර ආම්පන්න රාජ සන්තක කරලා. ඒක අපේ රටේ දුප්පත් අයට නොමිලේ ලබා දෙනවා. (ස)
සේනාරත්න 2013-10-11 11:56:27
ලංකාවේ ධිවරයින් ඉන්දීය වෙරළ සීමාවට කිසි දිනෙක ඇතුල් නොවන්නේ නම් එවිටත් ලංකාවේ අත් අඩංගුවේ සිටින ඉන්දීය ධිවරයින් භාරදිය යුතුද? නිකම් භාර දීමක් නොව සමාන සංඛ්‍යාවක් එක වර හුවමාරු කර ගත යුතුය. (ස)
ශිරානි 2013-10-11 12:00:35
අපේ පොල් වත්තට එහා වත්තේ එකා හැමදාම හොරෙන් පොල් කඩනවා. (දිල්)
ඉන්දික 2013-10-11 12:03:41
ඊට වැඩ පහසු නැද්ද ලංකාවේ සීමාවට එන්න එපා කියන එක? (නි)
ටිරෝන් 2013-10-11 12:03:54
ලොවටම හිසරදයක් වූ මොවුන්ට අපි පමණක් 'ලොකු අයිය‍ා' යැයි කියමින් ආවඩමු (නි)
ග්‍රිෂාණි 2013-10-11 12:31:44
කෝ මේවාට විරුද්ධව කථා කරන්න කෙනෙක් නැද්ද? සිංහල මිනිස්සුන්ගේ නෙමෙයි, දෙමළ මිනිස්සුන්ට අල්ලන්න තිබෙන මාලු ටික මේ හොරු අල්ලාගෙන යන්නේ. ඉතින් ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හලන අයට පුලුවන්නේ මේක නවත්වලා ලංකාවේ දෙමළ මිනිස්සුන්ට සාධාරණය ඉෂ්ට කරන්න. බැරිවෙලාවත් දකුණේ මිනිස්සු උතුරේ මාළු ඇල්ලුවා නම් බලන්න තිබුණා තත්ත්වය. කවුරුවත් මේ ගැන කථා කරන්නේ නැහැ, ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා මිසක්. (නි)
ලානක 2013-10-11 12:47:50
ඔවුන් බෙහෙත් දී ඇත්තේ ඔවුන්ගේම හිසරදයට මිසක අපගේ ධීවර ජනතාවගේ හිසරදයට නොවේ. ජයලලිතා තමුන්ගේ ජනතාවට කන්න දෙන්නේ අපේ සම්පත් වුවත් අපටම මැර බලය පෙන්වයි. දැනට ඔවුන්ට නැත්තේ කන්න පමණක් වුවද තව දශකයක් යනවිට ජල හිගයට මුහුණ දීගන්නට නොහැකි වනවා නොඅනුමානය. එයට පිළිතුරු සොයනු ඇත්තේද මේ ආකාරයෙන්ම වේ. එම නිසා උතුරේ හමුදා ශක්තිය මෙන්ම දේශපාලන කොඳුඇටපෙලේ ද ශක්තිය වැඩිකළ යුතුව ඇත. (අ)