Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාත්‍රා 4 ක්‌ සමග අපේ ධීවරයෝ 24 ක්‌ ඉන්දීය ආරක්‍ෂක දැලේ

මහවැව - අමරනන්ද විඡේසේකර

ඉන්දියන් වෙරළ ආරක්‍ෂකයින් විසින් මීගමුව යාල්පිටිය සහ දික්‌ඕවිට ධීවර වරායන්වලින් මසුන් මැරීම සඳහා පිටුත්ව ගිය බහුදින යාත්‍රා 04 ක්‌ සමග ධීවරයින් 24 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 30 දා මෙම යාත්‍රා ඉන්දීය වෙරළආරක්‍ෂක නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට පත් යාත්‍රා හතර සහ ධීවරයින් ඉන්දියාවේ තූත්තුකුඩිය වරාය වෙත රැගෙන ගොස්‌ තමිල්නාඩුවේ කිරිමල් නගර් පොලිසිය වෙත බාර දී තිබේ.

මිනෝලි, නතාලි, සුදුදුව සහ දිනුක ලංකා යන බහුදින යාත්‍රා මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. අත්අඩංගුවට පත් ධීවර පිරිස වෙන්නප්පුව, ඉරණවිල සහ තොඩුවාව ප්‍රදේශවල පදිංචි අය වෙති.

මිනෝලි - 3, නතාලි සහ දිනුක යන යාත්‍රා මසුන් මරාගෙන නැවත ගොඩබිම වෙත පැමිණෙන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සුදුදුව යාත්‍රාව මසුන් මැරීම සඳහා ජාත්‍යන්තර මුහුදට යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉකුත් 09 දා ඉන්දීය නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී යාත්‍රා 04 ක්‌ හා ධීවරයින් 26 දෙනෙක්‌ අත්අඩංගුවට ගන්නා ලදී. එම ධීවරයින් ඉන්දියාවේ තූත්තුකුඩිය ශ්‍රීවේගුන්ඩම් බන්ධනාගාරයේ රඳවාගෙන ඇති බව සඳහන් ය.

www.Divaina.com
2013.11.01
4 Malty day Fishing crafts with 24 Sri Lankan fishers  have been taken in to custody by Indian coast guards on 30th Oct. while they are in the International sea.