Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කොන්දේසි විරහතව ඉන්දීය ධීවරයින් සියලු දෙනා නිදහස්

2014 ජනවාරි 17  04:30 p:mIndiyan-fisharmen1නීති විරෝධි ලෙස මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටි සියළු ඉන්දිය ධීවරයන් ඇප කොන්දේසි විරහිතව මුදා හරින ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඊ.සරවනරාජා මහතා අද (17) සවස නියෝග කළේය. එකසිය එකළොස් දෙනෙකුගෙන් යුත් මෙම ඉන්දිය ධීවරයන් පිරිස පසුගිය වසරේ දෙසැම්බර් මස10 වැනි දින මුලතිව් අලම්පිල් මුහුදු තීරයේ දී නාවික හමුදා අත්අඩංගුවට පත්විය. ඉන්දිය ධීවරයන් පිරිස මුදා හැරියද,නීතිපති උපදෙස් ලැබෙන තෙක් ඔවුන්ට අයත් ධීවර යාත්‍රා පහළොව තවදුරටත් පොලිසිය භාරයේ තබා ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
ඇප කොන්දේසි විරහිතව මෙසේ මුදා හරින ලද ඉන්දිය ධීවරයන් පිරිස නාවික හමුදා භාරයට ගෙන
,ඔවුන් ශ්‍රි ලංකා නාවික හමුදා යාත්‍රාවකින් ඉන්දිය මුහුදු සීමාවට රැගෙන ගොස් ඉන්දිය වෙරළාරක්ෂක බලකායට භාර දෙන ලෙසද එහිදි ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කලේය.
Indiyan-fisharmen2මංගලනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය


Lakbima: www.lakbima.lk