Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී ලංකාවේදී ඇල්ලූ තමිල්නාඩු ධීවරයන් මුදාහැරීමට පියවර ගන්න ජයලලිතාගෙන් මන්මෝහන්ට ලිපියක්‌

නීති විරෝධී අයුරින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධීවරයන් 25 දෙනා සහ ඔවුන්ගේ බෝට්‌ටු වහාම නිදහස්‌ කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා වෙත ලිපියක්‌ යවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම ක්‍රියාව ජනවාරි 27 දා තමිල් නාඩුවේදී ආරම්භ කිරීමට නියමිත ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලට බාධාවක්‌ වන බවද ඇය සිය ලිපියේ සඳහන් කොට තිබේ.

එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම දිගටම සිදු කරන බවයි.

ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඉන්දියාවට ගොස්‌ එරට විදේශ ඇමැති සල්මන් කුර්ෂිඩ් මහතා සමඟ කළ සාකච්ඡාවලදී, දෙරට ධීවරයන් මුහුදු සීමාවන් උල්ලංඝනය කිරීම මින් ඉදිරියට සිදු නොකළ යුතු බවටත් මසුන් ඇල්ලීමේදී තහනම් දැල් ආම්පන්න භාවිත නොකළ යුතු බවටත් ඇති කරගනු ලැබූ එකඟතාව ඉන්දීය ධීවරයන් විසින් කඩකර ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගන්නා බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණසූරිය මහතා පැවසීය. Divaina

Tamilnadu CM by a letter to Indian PM, has requested to get released 25 Tamilnadu fishers arrested by SL NAVY few days a go.
She has mentioned that this will be a obstacle to the success of the proposed bilateral discussion on 27 Jan on the issue.
But SL NAVY says they are going to arrest  fishing vessels which are violate the Sri Lanka Maritime boundary.
Indian fishers have break the agreement between SL fisheries Minister Dr. Rajitha Senarathne and Indian Foreign Minister Mr. Salman Kurshid taken place during the discussion held previously on the issue. They had agreed not to violate maritime laws and not to use destructive fishing equipment in future.