Home » » මුතුරාජවෙල අභයභූමියේ සොහොන මත සිහින නගරය ඉදිකෙරේ

මුතුරාජවෙල අභයභූමියේ සොහොන මත සිහින නගරය ඉදිකෙරේ

Written By NAFSO on Tuesday, February 25, 2014 | 9:30:00 AM


තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගෙන එය තිරසාර ලෙස භාවිතයට ගැනීම සඳහා කලකදී මුතුරාජවෙල මහ සැලැස්‌ම නිර්මාණය කෙරුණද එය තවමත් හමස්‌ පෙට්‌ටියේ සිරවී ඇත්තේ දෛවයේ සරදමකට වැනිය. මෙම සැලසුමට අනුව මුතුරාජවෙල තෙත්බිම කොටස්‌ තුනකට වෙන් කිරීමට තීරණය කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපය ලෙසත්, මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, ඒ අතර කොටස ස්‌වාරක්‍ෂක කලාපය ලෙසත්ය.

"තෙත් බිම් සහ කෘෂිකර්මාන්තය" යන තේමාව යටතේ මෙවර අන්තර්ජාතික තෙත්බිම් දිනය යෙදී තිබුණේ ඉකුත් පෙබරවාරි දෙවැනිදාටය. නමුත් උත්කර්ෂවත් අන්දමින් එම තෙත්බිම් දිනය සැමරූ දේශපාලන අධිකාරියද බලධාරීන්ද නිලධාරීන්ද මේ මොහොතේ නැවතත් ශ්‍රී ලංකාවේ අගනුවර තදාසන්න ඉතා වැදගත් සමුද්‍රdසන්න තෙත් බිම් පරිසර පද්ධතියක්‌ වන මුතුරාජවෙල බිලි ගැනීමට පිඹුරුපත් සකසමින් සිටින බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.

මීගමුව - කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ දක්‌වා දිවෙන අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක්‌ හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම් සහිත නගර දෙකක්‌ ඉදිකිරීමේ ව්‍යාපෘතියක්‌ සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත් ඉඩම් අක්‌කර 150 ක්‌ මුල් අධියරේදී මෙසේ පෞද්ගලික සමාගමකට බිලි දීමට නියමිතව ඇත. උක්‌ත වයාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය වෙත ඉදිරිපත් කරන ලද 2012 දෙසැම්බර් 13 දිනැති අයදුම් පත්‍රයට අදාළව මෙම ව්‍යාපෘතිය සිදුකිරීමට කටයුතු දියත් වෙමින් පවතී. ඇමරිකානු ඩොලර් මිලියන 800 ක වියදමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම මහ නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් නිදහස්‌ කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ආයෝජන ප්‍රවර්ධන හා මහා ව්‍යාපෘති පිළිබඳ විධායක අධ්‍යක්‍ෂවරයා විසින් 2013 දෙසැම්බර් 05 දිනැති ECරැ4රැ1718රැ12 දරන ලිපිය මගින් වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

නමුත් මෙකී ව්‍යාපෘතිය සිදු කිරීමට බලධාරීන් අවසර ලබාදුනහොත් දිවයිනේ අගනුවර ආසන්න ඉතා වැදගත් තෙත් බිම් පරිසර පද්ධතියක්‌ වන මුතුරාජවෙල අභයභූමියේ වනජීවි ප්‍රජාවට බරපතළ විනාශයක්‌ සිදුවන අතරම ඒ මගින් සැලසුණු ඉමහත් සේවයද නොලැබී යැමෙන් ආශ්‍රිත ජනතාවටද දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුවන බව අවධාරණය කළ යුතුය.

කැලණි ගඟේ සිට මීගමු කලපුව දක්‌වා ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ඔස්‌සේ පැතිරී ඇති මුතුරාජවෙල තෙත් බිම ශ්‍රී ලංකාවේ බස්‌නාහිර පළාතේ පිහිටා ඇති විශාලතම පහත් බිමයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක්‌ ඔස්‌සේ පැතිරී ඇති මුතුරාජවෙල තෙත්බිම් විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා බිලි ගැනීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් එහි වපසරිය දිනෙන් දිනම පහළවැටීම එහි පැවැති පාරිසරික වටිනාකම් වලට බරපතළ පහරක්‌ එල්ල වීමක්‌ බව කිව හැකිය. කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහාද මුතුරාජවෙල තෙත් බිමට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක්‌ බිලි දීමට සිදුවූ අතර අතීතයේ කුල්ලක්‌ තරම්වූ මුතුරාජවෙල අද වන විට අල්ලක්‌ තරම් කුඩාවී තිබීම කනගාටුවට කරුණකි.

මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කරගෙන එය තිරසාර ලෙස භාවිතයට ගැනීම සඳහා කලකදී මුතුරාජවෙල මහ සැලැස්‌ම නිර්මාණය කෙරුණද එය තවමත් හමස්‌ පෙට්‌ටියේ සිරවී ඇත්තේ දෛවයේ සරදමකට වැනිය. මෙම සැලසුමට අනුව මුතුරාජවෙල තෙත්බිම කොටස්‌ තුනකට වෙන් කිරීමට තීරණය කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි කොටස උප කාර්මික කලාපය ලෙසත්, මීගමු කළපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙල අභයභූමිය ලෙසත්, ඒ අතර කොටස ස්‌වාරක්‍ෂක කලාපය ලෙසත්ය. මෙම ස්‌වාරක්‍ෂක කලාපය මගින් උපකාර්මික කලාපය හා අභයභූමිය අතර ගැටුම් අවමකිරීමට අපේක්‍ෂා කරන ලදී. අද වන විට උපකාර්මික කලාපය හා ස්‌වාරක්‍ෂක කලාපයද අභිබවා මුතුරාජවෙල අභයභූමියද සංවර්ධනයේ ගොදුරක්‌ බවට පත්වෙමින් තිබීම කනගාටුවකි.

1989 වසරේදී ආසියානු තෙත්බිම් නාමාවලියේ අන්තර්ජාතිකව වැදගත් වන ශ්‍රී ලංකාවේ තෙත් බිම් 41 අතරින් එකක්‌ ලෙසද නම් කරන ලද මුතුරාජවෙල තෙත්බිමට අයත් හෙක්‌ටයාර් 1029 ක භූමි ප්‍රමාණයක්‌ වන සත්ත්ව හා වෘක්‍ෂලකා ආරක්‍ෂක ආඥ පනත යටතේ 1996 ඔක්‌තෝබර් මස 31 වැනි දින අංක 947/13 දරන ගැසට්‌ නිවේදනය අනුව අභයභූමියක්‌ ලෙසද ප්‍රකාශයට පත්කරන ලදී. මුතුරාජවෙල අභය භූමිය හා ඒ ආශ්‍රිත අනාරක්‍ෂිත තෙත්බිම්වල ජෛව විද්‍යාත්මක වටිනාකම සලකා මෙම ප්‍රදේශය කලකදී ජාතික වනෝද්‍යානයක්‌ ලෙස රක්‍ෂිත තත්ත්වය උසස්‌ කිරීමටද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පිඹුරුපත් සැකසුවද ජාතියේ අවාසනාවකට එම කටයුතු මේ දක්‌වා ක්‍රියාත්මක නොවීය.

දැනට සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව මුතුරාජවෙල පරිසර පද්ධතීන් ගණනාවකින් හා ඒ ආශ්‍රිත දිවිගෙවන වනජීවින් රැසකගෙන් සමන්විත බව තහවුරු වී ඇත. කඩොලාන, ආශ්‍රිත කඩොලාන, වගුරු පරිසර, ලඳු කැලෑ, මිරිදිය ජල මාර්ග ආදී විවිධ පරිසර පද්ධතින් රැසක්‌ ඊට අයත්ය. වසරේ විවිධ කාලවලදී ලවණ ජලයද ගලා ඒම නිසා මෙම පරිසර පද්ධතීන් වල විවිධත්වය හා සංකීර්ණත්වය තවත් වැඩිවෙයි. මෙම පරිසර පද්ධති විවිධාකාර ජීවි ප්‍රජාවන් රැසකටම වාසස්‌ථාන සපයන අතර දැනට වාර්තාවී ඇති ආකාරයට මෙහි සත්ත්ව කාණ්‌ඩ 07 කට අයත් විශේෂ 449 ක ජීවින් ජීවත්වේ. ක්‍ෂිරපායින්, පක්‍ෂීන්, උරගයින්, උභයජීවින්, මසුන් හා අපෘෂ්ඨ වංශීන් විශේෂ රැසක්‌ ඊට අයත් වන අතර ඉන් විශේෂ 20 ක්‌ පමණ ශ්‍රී ලංකාවට ආවේණික වෙයි. දේශීය හා සංචාරක පක්‍ෂීන් රැසකගේද ගොදුරු බිමක්‌ හා ලැගුම් පළක්‌ වන මුතුරාජවෙල නේවාසික පක්‍ෂි විශේෂ 86 කට සහ සංක්‍රමණික පක්‍ෂි විශේෂ 93 කට වාසස්‌ථාන සපයයි. ඉතා දුර්ලභ සංක්‍රමණික පක්‍ෂීන් වන දම්සිළුටු දැතුඩුවා (ඨකදිsහ ෂඉසි) දම් පිලිහුඩුවා (ඊක්‌ජන Caචචැd ඡමරචකැ ණසබට Fසියෑර) හා පළගැටි හම්බු කුරුල්ලා (ඡ්කක්‌s.s ඨර්ssයදචචැර ආරඉකැර) වැනි පක්‍ෂීන් මෙම තෙත් බිමෙන් වාර්තාවීමෙන් මෙහි ඇති පක්‍ෂි විද්‍යාත්මක වැදගත්කම මනාව පිළිබිඹු වෙයි.

මෙහි ඇති පාරිසරික වැදගත්කමට නොදෙවැනි ආර්ථික හා සමාජීය වටිනාකම් රැසක්‌ද මුතුරාජවෙල මගින් ජනතාවට සැලසෙයි. ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තය මගින් මෙම තෙත් බිම ආශ්‍රිත ප්‍රජාවට ජීවනෝපාය උදාකර ගැනීමේ හැකියාව පවතී. එසේම අගනුවර ආශ්‍රිතව මෙම තෙත්බිම පිහිටා තිබීම නිසා ගංවතුර පාලනයට, භූගත ජලය ආරක්‍ෂා කර ගැනීමටද එමගින් විශාල පිටිවහලක්‌ ලැබේ. තවද අගනුවර වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් උරාගෙන වාතය පිරිසිදු කිරීම සඳහා ද තෙත් බිම හා ඒ ආශ්‍රිතව වැඩෙන කඩොලාන ශාක ප්‍රජාව ඉතා වැදගත් මෙහෙවරක්‌ ඉටුකරයි.

නමුත් ඒසා වටිනාකම් රැසක්‌ ඇති මුතුරාජවෙල තෙත් බිමේ ස්‌ථිරසාර පැවැත්ම තහවුරු කිරීමට බලධාරීන් තවමත් කටයුතු කර නොතිබීම ජාතියේ අවාසනාවකි. අධිවේගී දුම්රිය මාර්ගය හා බෝපිටිය හා කෙරවලපිටිය සුපිරි නගර ව්‍යාපෘතියද මෙම රමණීය තෙත් බිම ගිල ගැනීමට මාන බලන්නේ මෙවැනි පසුබිමකය. වෛද්‍ය මධ්‍යස්‌ථාන, හෝටල් සංකීර්ණ, කඩසාප්පු, ක්‍රීඩාංගණ, ගොල්µa පිටි ආදී සියලු සුඛෝපභෝගී පහසුකම් වලින් සමන්විත නගර දෙකක්‌ ඉදිකර පෞද්ගලික සමාගමකට මුදල් ඉපයීමට ඉඩ සලසාදෙමින් මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව පරම්පරා ගණනක්‌ ජීවත්වූ අසරණ ජනතාවගේ ජීවිත කබලෙන් ලිපට විසිකර දැමීමට කටයුතු කරන මෙම ඊනියා සංවර්ධන ව්‍යාපෘතියට මුතුරාජවෙල තෙත්බිමේ හා අභයභූමියේ ඉඩම් බිලි නොදීමට වගබලා ගැනීම නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ යුතුකම හා වගකීම බව අප ඉතාමත් අවධාරණයෙන් සඳහන් කරනු කැමැත්තෙමු.

තවද 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප්‍රකාශිත 1995 පෙබරවාරි 23 දින අංක 859/14 දරන ගැසට්‌ නිවේදනය අනුව අභයභූමියක්‌ තුළ හෝ අභයභූමියක මායිමේ සිට මීටර් 100 ක්‌ ඇතුළත යම් සංවර්ධන ක්‍රියාකාරකමක්‌ සිදුකිරීමට ප්‍රථම පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත්ව පූර්ව ලිත පාරිසරික අනුමැතිය ලබාගත යුතු වුවත් මෙම ව්‍යාපෘතිය සඳහා එවැනි අනුමැතියන්ද ලබාගෙන ඇති බවත් දැනගන්නට නැත. එබැවින් අප බලධාරීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ සිදුවන්නට යන මහා විනාශයෙන් මුතුරාජවෙල අභය භූමිය ආරක්‍ෂා කර එහි වටිනාකම් මතු පරම්පරා ගණනාවක්‌ වෙනුවෙන් ඉතිරිකර තැබීමට කඩිනමින් මැදිහත් වන ලෙසය.


සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති- ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා 
පර්යේෂණ කවය.
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger