Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳිමේ සාකච්ඡාව අද

2014 අගෝස්තු 29 4.50 p.m

ඉන්දු - ශ්‍රීලංකා ධීවර ගැටලු විසඳීම සඳහා දෙපාර්ශ්වය අතර පැවැත්වෙන දෙවන වටයේ සාකච්ඡා අද (29) ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත් වේ.මේ සඳහා සහභාගි වන නියෝජිත පිරිස ඊයේ (28)දිවයිනෙන් පිටත් ව ගියේ ය. ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් 
නිමල් හෙට්ටිආරච්චි, ධීවර අමාත්‍යංශයේ උපදේශක එස්.සුබසිංහ, ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලාල් ද සිල්වා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ද මෙම සාකච්ඡා සඳහා සහභාගී වේ.
මෙම සාකච්ඡා සඳහා ඉන්දීය රජය නියෝජනය කරමින් එරට කෘෂිකර්ම. විදේශ කටයුතු හා ස්වදේශ කටයුතු අමාත්‍යංශවල නියෝජිතයින් සහභාගී වීමට නියමිත ය.
ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් පසුගියදා මෙරට දී පැවැති සාකච්ඡාවලදී ඇතිකර ගත් එකඟතාවන්ට අනුව මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වේ
Source: Lakbima