Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

රාජ්‍ය නොවන සංවිධානවලට ගෝඨාභයගෙන් ඉල්ලීමක්

2014 සැප්තැම්බර් 13 08.22a.m
(ශ්‍රියානි විජේසිංහ )
altරාජ්‍ය නොවන සංවිධානවලට ඇති ගැටලු ජාත්‍යන්තරය වෙත ගෙනයාම වෙනුවට රජය සමග සාකච්ඡා කරන ලෙස ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නොවන සංවිධානවලින් විශේෂ ඉල්ලීමක් කර ඇත.ආරක්ෂක ‍ලේකම්වරයා මෙම ඉල්ලීම කර ඇත්තේ  රාජ්‍ය නොවන සංවිධාන දහයක නියෝජිතයින් විසින් මතු කරන ලද ගැටලු පිළිබඳ අදහස් දක්වමින් ආරක්ෂක ආමත්‍යශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
ක්ෂේත්‍රයේදී මතුවන ඕනෑම ගැටලුවක් විසඳා ගැනීම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සම්බන්ධීකරණ නිලධාරීන් මගින් කරගත හැකි බව ආරක්ෂක ‍ලේකම්වරයා සඳහන් කළ බව ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ‍පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා සඳහන් කළේය.
මෙම සාකච්ඡාවේදී රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කෙරෙහි රජයේ ආවේක්ෂණය, බලය බෙදාහැරීම, අතුරුදන් පුද්ගලයින් පිළිබඳ ගැටලුව සහ රජය සමග සාකච්ඡා පැවැත්වීමට රාජ්‍ය නොවන සංවිධාන දක්වන අකැමැත්ත පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව වෛද්‍ය චන්ද්‍රදාස මහතා පැවැසීය.