Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය යාත්‍රා උතුරු මුහුද ආක්‍රමණය කරයි උතුරේ ධීවරයන්ගේ ජීවනෝපායට ගැටලු

චතුර පමුණුව

පසුගිය සති දෙකක කාලය පුරා ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති.

මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ " හින්දු" පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ඉන්දියානු යාත්‍රා නිසා වඩමාරච්චි ප්‍රදේශයේ ධීවරයන්ගේ මාළු දැල් ද විනාශ වී ඇති බව මාදගල් ප්‍රදේශයේ ධීවරයකු වන ජෝශප්පිල්ලේ සින්නතුරේ ප්‍රකාශ කර තිබිණි.

නාවික හමුදාව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට නොගන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 15 වැනිදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සූදානම් වන නිසාත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නිසාත් බව උතුරේ ධීවරයෝ පවසති. 

යාපනය දිස්‌ත්‍රික්‌ ධීවර සංගමයේ ලේකම් කේ. රාඡේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරන්නේ ඉන්දීය ධීවර ආක්‍රමණය නිසා තමන්ට මහත් විපත්තිදායක කාලයක්‌ උදාවී ඇති බවත්ය. 

දැන් ඉන්දීය යාත්‍රා කිසිම බයක්‌ නැතිව අපේ මුහුදට එනවා යෑයි හෙතෙම කියයි.