Home » » ජාතිවාදී ගෝත්‍රිකයන් විසින් උදුරා ගත් හත්මුතු පරම්පරාවක උරුමය

ජාතිවාදී ගෝත්‍රිකයන් විසින් උදුරා ගත් හත්මුතු පරම්පරාවක උරුමය

Written By NAFSO on Saturday, March 14, 2015 | 7:05:00 PM

* ජාතිවාදය අවුලන්නෙ දේශපාලන කල්ලි දෙකක්‌
* යුද්ද කාලෙත් නැති තහංචි නිසා දකුණෙ සංක්‍රමණක
   ධීවරයින්ට නැගෙනහිර මුහුදට බහින්න තහනම් වෙලා..
* දකුණෙන් එන සංචාරක ධීවරයින්ට නැගෙනහිර තහනම්


හත්මුතු පරම්පරාවක්‌ තිස්‌සේ කළ රස්‌සාව අහවර කර ඇත. හලාවත කරප්පුකනෙයි ප්‍රදේශයෙන් පැමිණි සංක්‍රමණික ධීවරයින් මේ වනවිට ඉන්නේ ත්‍රීකුණාමලය පොලිසියේය. ඔවුන් ගෙනා ධීවර ආම්පන්නත් පොලිසියේය. බෝට්‌ටුත් පොලීසියේය. වාඩි තනා ගන්නට ගෙනා පොල් අතුත් පොලීසියේය. සංසාර පුරුද්දට මෙන් අවුරුද්දේ සෑම කාලයකම දකුණෙන් සංක්‍රමණය වී මාස හතරක්‌ තිස්‌සේ නැගෙනහිර මුහුදේ පන්න කරනා ධීවරයින්ගේ උරුමය අහුරා ඇති ආකාරය සිත් කකියවන්නේය. ධීවරයෝ හැත්තෑවක්‌ පමණ පොලිසියේ වත්තේ සිට මුහුද දෙස බලාගෙන සිටිති. එන්නට නියමිත තවත් සිය ගණනක්‌ ධීවරයෝ ස්‌වකීය තාවකාලික සංක්‍රමණය නවත්වා සිදුවන දේ ගැන අපේක්‌ෂා සහිතව සිටිති. ඉතිහාසයේ මුල්ම වරට දකුණේ සංක්‍රමණික ධීවරයින්ට නැගෙනහිර මුහුද තහනම් කලාපයකි.

සංක්‍රමණික ධීවරයින්ගේ උරුමය පිළිබ`දව මෙතරම් බරපතල ලෙස මීට පෙර කිසිවෙක්‌ ප්‍රශ්න කර තිබුණේ නැත. අවුරුද්දේ මේ කාලයේදී නැගෙනහිර පැත්තට සංක්‍රමණය වන ධීවරයින් වැඩිදෙනෙක්‌ හලාවත, මීගමුව, බංගදෙණිය පැත්තේ සිංහල මිනිස්‌සුය. මේ මිනිස්‌සුන්ගේ වාර්ගික අනන්‍යතාව නැගෙනහිර සාමාන්‍ය මුස්‌ලිම් මිනිස්‌සුන්ටත් දෙමළ මිනිස්‌සුන්ටත් කවදාවත් ගැටලුවක්‌ වුණේ නැත. එබැවින් එල්.ටී.ටී.ඊය නැගෙනහිර අමු සොහොන් කරන වකවානුවේත් දකුණේ සංක්‍රමණික ධීවරයෝ නැගෙනහිර මුහුදේ පන්න කළහ.

විරෝධයක්‌ ඇති නොවීමට හේතු තිබිණි. සිදුවෙමින් තිබුණේ ආක්‍රමණයක්‌ නොවේ. සරලව තේරුම් ගත හැකි, රැකියාව ස`දහා කරන තාවකාලික වූ මානුෂික නවාතැන් ගැනීමකි. එසේ රැකියාව ස`දහා මාස තුනක්‌ හෝ හතරක්‌ ගතකිරීමට වාර්ෂිකව දකුණෙන් නැගෙනහිරට පැමිණෙමින් සිටියේ ධීවර රැකියාව ස්‌වකීය ජීවිත උරුමය කරගත් සැබෑ ධීවර පිරිසකි. මේ මිනිසුන් තහනම් පන්න කළේ නැත. ඒ නිසා මුහුදට විනයක්‌ නොවුණි. ඔවුන් කළ පන්න ක්‍රමය සමග ත්‍රීකුණාමලයේ ධීවරයින්ට තරගයක්‌ තිබුණේ නැත. එබැවින් විශේෂිත ගැටුම් නොවුණි. කොහොමටත් නැගෙනහිර දී වෘත්තීය වශයෙන් පූර්ණකාලීනව ධීවර කර්මාන්තයේ යෙදෙන අය හමුවන්නේ අල්පවය. වැඩි දෙනා ගොවීන්ය. ගොවිතැන අතර මුහුදට යන උදවියය. මේ උදවිය ධීවර රස්‌සාවට හුරු කළේත් දකුණෙන් පැමිණි සංක්‍රමණික ධීවරයන්ය.

සංක්‍රමණික ධීවරයින් හම්බු කරගන්නා මාළු ටික විකිණුවේ ත්‍රීකුණාමලය මාළු මාර්කට්‌ එකටය. උපයා ගන්නා මුදල වියපැහැදම් කළේ තමන් වාඩි ලාගෙන සිටි ගම අවට කඩ පිල් වලටය. මාස හතර අහවර වී යළි ගම්රට බලා යනවිට උපයා ගත් මුදලින් සියයට දහයක්‌වත් මේ ඇත්තන් තමන්ගේ ගම් වලට රැගෙන ගියේ නැත. ඒ නිසා සංක්‍රමණික ධීවරයින්ගෙන් පළාතට වැඩක්‌ මිස අවැඩක්‌ නොවුණි. සාමාන්‍ය මිනිස්‌සු මේ ධීවරයන්ගේ ආගමනය බලාපොරොත්තු වූහ. ප්‍රශ්න කර ඇත්තේ නැගෙනහිර සාමාන්‍ය මිනිසුන් සමග අවබෝධාත්මක සුහදතාවයක්‌ සහිතව අඩ සියවසකට අධික කාලයක්‌ ස්‌වකීය රැකියාව කළ දකුණේ ධීවරයන්ගේ මේ පාරම්පරික උරුමයය. අහෝසි කර ඇත්තේ රට තුළ නීත්‍යානුකූල පදනමක්‌ මත රැකියාවක්‌ කිරීම ස`දහා පුරවැසියෙකු සතු මූලික අයිතියය. මේ අනීතික ව්‍යාපාරය සිදුවන්නේ ඉතිහාසයේ මුල්ම වතාවටය. නීතිය අතට ගත් ගෝත්‍රිකයින් පිරිසක්‌ විසින් සලකුණු කළ මේ අත්තනෝමතික ප්‍රවේශය පෙන්වා දෙමින් ඇත්තේ අනාගත ව්‍යසනයක සොහොන් ලකුණුය.

මේ ඒ ව්‍යසනයේ කතාවය.

විරෝධතා මතුවීම හා උද්ඝෝෂණය

දිනය පසුගිය 04 වැනිදාය. තමුන්ගේ සීයලා මුත්තලා අවුරුද්දේ මේ කාලයේ කරන්නාක්‌ මෙන් හලාවත කරප්පුකනෙයි ප්‍රදේශයේ ධීවරයින් පිරිසක්‌ තමන්ගේ රස්‌සාව ස`දහා නැගෙනහිර වෙරළ තීරයට පැමිණියහ. මෙසේ පැමිණෙන්නේ මේ රටේ වලංගු නීති ප්‍රකාරව ආවරණය කරන ලද අයිතීන් සහිතවූ සංක්‍රමණික ධීවර වෘත්තියේ යෙදෙන්නටය. ඔවුන් පැමිණෙන්නේ ත්‍රිකුණාමලය දිසාපතිවරයාගේ අවසරය සහිතවය. වෙනදාට හාරසීයක්‌ පමණ ධීවර පිරිසක්‌ නැගෙනහිර මුහුදේ පන්න කරන්නට එන්නේය. එහෙත් දිසාපතිවරයාට මෙවර එසේ එන ධීවරයින් දෙසීයකට සීමා කරන්නට සිදුවිය. එම තීරණය ගනු ලැබුවේ පසුගිය 04 වැනිදා කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී දිසාපතිවරයා, ප්‍රාදේශීය ලේකම් වරයා, දිස්‌ත්‍රික්‌ ධීවර අධ්‍යක්‌ෂවරයා හා විරෝධතා මතු කරනා කණ්‌ඩායම් සහිත ධීවර නියෝජිතයන් සමග කළ සාකච්ඡාවකින් ඇති වූ එක`ගතා ප්‍රකාරවය. හලාවත කරප්පුකනෙයි ප්‍රදේශයේ සිට මුල්ම ධීවර කණ්‌ඩායම නැගෙනහිරට එන්නේ මේ එක`ගතා පිළිබ`ද කළ දැනුම්දීම මතය.

එහෙත් 05 වැනිදා රාත්‍රියේ සංක්‍රමණික සිංහල ධීවරයෙකුගේ බෝට්‌ටුවක්‌ ගිනි තබන්නට අන්තවාදීහු කටයුතු කළහ. අනතුරුව මගට බැස උද්ඝෝෂණයක්‌ කිරීම ඇරඹිණි. උද්ඝෝෂණය සිංහල සංක්‍රමණික ධීවරයින්ට එරෙහිවය. උද්ඝෝෂණය පැවැත්වෙමින් ඇති තැනට පැමිණෙන ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස්‌ ගුණවර්ධන කියන්නේ තමන්ගේ ආණ්‌ඩුවට ඡන්දය දුන්නේ නැගෙනහිර දෙමළ මුස්‌ලිම් මිනිසුන් විනා දකුණේ අය නොවන බවය. ඔවුන් නැගෙනහිර මුහුදේ ධීවර පන්න නොකළ යුතු බවය. මේ ලියන මොහොත වනවිටත් සංක්‍රමණික ධීවරයන්ට තම බඩුමුට්‌ටු පොලිසියේ තබාගෙන මුහුද දෙස බලා සිටින්නට සිදුව ඇත්තේ මෙවන් දේශපාලන දුගියන් විසින් උත්සන්න කළ ගැටලු නිසාය.

විරෝධතාවේ දේශපාලනය

සිංහල ධීවරයින්ගේ පැමිණීමට පසුගිය වසරේ සිට නැගෙනහිරදී විරෝධතා මතු වුණේය. මේ විරෝධතාවය නිර්මාණය කරනු ලැබුවේ අන්තවාදී දෙමළ හා මුස්‌ලිම් දේශපාලනයේ නිරත ප්‍රාදේශීය දේශපාලකයන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවයට භාවිත වූ පිරිසක්‌ විසින් බව හ`දුනාගෙන තිබිණි. එහෙත් ඒ ජාතිවාදී උද්වේගයන් සමනය කිරීම ස`දහා කිසිවෙක්‌ කටයුතු කළේ නැත.

ගතවෙමින් ඇත්තේ නැගෙනහිර සිවිල් පරිපාලන කටයුතු යථාවත් වෙමින් ඇති වකවානුවය. මේ අතර නැගෙනහිර පළාත් සභාවේද බල පෙරළියක්‌ විය. සාපේක්‌ෂව දියුණු ප්‍රජාතාන්ත්‍රික වටපිටාවක්‌ නැගෙනහිර පළාත තුළ නිර්මාණය වනවිට එම අවස්‌ථා නොදියුණු ගෝත්‍රිකයන් කිහිපදෙනෙක්‌ විසින් අවභාවිත කරන ආකාරය රටට පෙනෙන්නේ මේ ලෙසය. බලය ලබාගත් පළාත් සභාවේ අර්ධ පරිණාමික දේශපාලකයන්ට දැන් නැගෙනහිර වෙනම රටකි. ඒ රටට මුන්නක්‌කරයෙන් ධීවරයන් එන්නට බැරිය. මීගමුවෙන් හලාවතින් හෝ බංගදෙණියෙන් ධීවරයන් එන්නටත් බැරිය. එළි දකින්නේ ඒ අවිනීත, බිහිසුණු ජාතිවාදී මානසිකත්වයේ ප්‍රතිඵලය. රජය හා ඔවුන් අතර ඇතිකරගත් සම්මුතිය එය ඇතිකරගත් මොහොතේ සිට පැය 24 ක්‌ යන්නට පෙර බි`ද දැමීමෙන් මොවුන් සිය වියරු මානසිකත්වය ප්‍රකට කරන්නේය. මේ අශීලාචාර මිනිසුන් සමග අහවල් යහපාලනයක්‌දැයි සිතෙන්නේ සිදුවෙමින් ඇති අවනඩු දකිනවිටය.

අප මුලින් කී ලෙසම මේ වාර්ගික හැ`ගීම් සහිත උද්ඝෝෂණ පසුපස සිටින්නේ හ`දුනාගත් පිරිසකි. එල්.ටී.ටී.ඊ හිතවාදී අදහස්‌ සහිත සමහර ප්‍රාදේශීය දේශපාලකයෝ මේ අතර වෙති. ජාතිවාදයේ දංගෙඩිය මත තබා ස්‌වකීය පෙකණිවැල කපාගත් මුසල්මානුවෝ කිහිපදෙනෙක්‌ වෙති. උන්ගෙන් පඩි ගනිමින් ව්‍යසනය දක්‌වා සමාජය දක්‌වන අලඡ්ජී සිංහල පිරිමි හා ගැහැණු කිහිපදෙනෙක්‌ වෙති. මුන් නැගෙනහිරදී මේ මොහොතෙ ඉන්නේ රටේ නීsතියටත් ඉදිරියෙනි. ගැටලුව ඇත්තේ එතැනය.

මිනිස්‌සු කියන කතා

මේ පිළිබ`දව අපට කතා කරන කිහිපදෙනෙකි. ඉන් එක්‌ අයෙක්‌ ත්‍රීකුණාමලය මාළු වෙළෝදපළේ ව්‍යාපාරික විල්සන් පෙරේරාය. ඔහු දශක තුනකට වැඩි කාලයක්‌ සිය ව්‍යාපාරය කරගෙන යන්නේය.

''මම මේ සංක්‍රමණික ධීවරයින්ගෙන් මාළු ගන්නේ මං මේ ව්‍යාපාරයට බැස්‌ස දවස්‌වල ඉ`දලා. 1983 වගේ කාලෙදිත් මේ අයගෙ මාළු මිලදී ගත්තා මතකයි. මෙහෙ සලපයාර් ධීවර වරාය පාවිච්චි කළේ මේ සංක්‍රමණික ධීවරයො. මට මතකයි කිසිම වාර්ගික ප්‍රශ්නයක්‌ තිබේබෙ නෑ ඒ කාලෙ. මේක ත්‍රීකුණාමලය සාමාන්‍ය මිනිස්‌සුන්ගේ ප්‍රාර්ථනාව නෙමෙයි. දැන් මේ මිනිස්‌සුන්ට මුහුදට බහින්න දෙන්නෙ නැතිව කරන්නෙ අපරාධයක්‌. මේ කාලෙ පන්න කරන්නේ බලයො. ඒ පන්නයට බොහොම දක්‌ෂ මීගමුව පැත්තෙන් එන ධීවරයො. මේ හො`දට අස්‌වැන්න තියන කාලෙ. ඒත් මේ මිනිස්‌සුන්ට මුහුදට බහින්න දෙන්නෙ නෑ... මොකක්‌ද මේ අය මේ කරන්නෙ. රටේ මුහුද කාගෙවත් බූදලයක්‌ නෙමෙයි.'' විල්සන් කියන්නේ එසේය.

රුචිරංග පෙරේරා සංක්‍රමණික ධීවරයෙකි. ඔහු කතා කරන්නේ මහත් විස්‌සෝපයෙනි.

''බලන්ඩ මහත්තයා. මේ අපි බලාපොරොත්තු වුණ දෙයක්‌ නෙමෙයි. අපේ සීයලා මුත්තලත් අවුරුද්දෙ මේ කාලෙදි මෙහෙ ඇවිත් මාළු ඇල්ලුවා. 2004 සුනාමිය එනකොට මමත් මෙහෙ මුහුදෙ හිටියෙ. අපි මේ පළාත්වල මිනිස්‌සුන්ව ආශ්‍රය කළේ නෑයො වගේ. අපි අතරෙ කිසිම අරෝවක්‌ තිබ්බෙ නෑ. දැන් හැමදේම ඉවරයි. දවස්‌ ගාණක්‌ තිස්‌සෙ අපි පොලිසියෙ වත්තෙ ලැගගෙන ඉන්නවා. වාඩි ගහගන්න ගෙනාව පොල්අතු ටික විතරක්‌ නෙමෙයි, බෝට්‌ටුත් පොලිසිය වත්තෙ. අපි තවත් බලාගෙන ඉන්නවා මොකද වෙන්නෙ කියලා.''

මේ අතර කතාවට එක්‌වන තවත් වියපත් ධීවරයෙකි. හේ ඇන්ටනිය. ඇන්ටනි සිය කතාව අපට කීවේය.

''මහත්තයෝ... අපි මුහුදට ආදරෙයි. අපි තහනම් පන්න කරන්නෙත් නෑ. මුහුදට අපරාධ කරන අය අපිට රුස්‌සන්නෙත් නෑ. මෙහෙ ඉන්න සමහරු මේ කර්මාන්තෙන්ම යෑපෙන අය නෙමෙයි. ඒ අය කාලයක්‌ ගොවිතැන් කරනවා. කාලයක්‌ මුහුදු යනවා. ගිහින් ඩයනමයිට්‌ දානවා. දාලා ලොකු විනාශ කරනවා. අපි මේ අකටයුතු වෙනකොට ඒවා ලොකු මහත්වරුන්ට දැනුම් දෙනවා. සමහරු ඒකටත් තරහයි. මේ මාලු බෝට්‌ටු අයිති මුදලාලිලා කීපදෙනෙක්‌ ඉන්නවා. ඒ අය අපි එනවට අකමැතියි. එයාලට වඩා වැඩි අස්‌වැන්නක්‌ මුහුද ගැන දන්න අපිට ගන්න පුළුවන් එකට ඒ අය විරුද්ධයි. මේ හැම එකක්‌ම එකතුවෙලා... දැන් අපිට මුහුදට බහින්න නෑ.''

මේ පටන් ගත්තා පමණය. රටේ පුරවැසියෙකුට නීත්‍යානුකූලව රටේ ඕනෑම තැනක රැකියාවක්‌ කිරීමේ අයිතිය නැතිවී තිබේ. නැතිවී ඇත්තේ යුද සමයේදීත් ආරක්‌ෂා වූ, කිසිවෙක්‌ විසින් ප්‍රශ්න නොකළ උරුමයකි. මේ මිනිසුන්ට නැගෙනහිර මුහුදේ පන්න කිරීමට ඇති නුසුදුසුකම ඔවුන් සිංහල වීමය. මේ එරෙහිවීම සම්බන්ධ මීළ`ග විරෝධය මතුවනු ඇත්තේ මීගමු වැල්ලෙනි. මිනිස්‌සුන්ගේ ජීවිත මිරිකාගෙන මතුව පැණෙනා සාධාරණ ආවේගයන් පිපිරී යන විට මහා ව්‍යසන සිදුවන්නේය. ඒ පිපිරීම් වල අවසානය මහා වාර්ගික ගින්නක්‌ වීමේ අවදානම රට හමුවේ මේ මොහොතේ තිබේ.

නිර්මාණය වෙමින් ඇත්තේ මේ රට ප්‍රාර්ථනා කළ තත්ත්වයන් නොවේ. යහපත් සමාජයක්‌ පිළිබ`ද යථාර්ථය ඇත්තේ අප අතපොවන මානයට වඩා බොහෝ දුරිනි. එවන් සංකල්ප සාධාරණ වන්නේ දියුණු ආකල්ප සහිත මිනිසුන් වෙසෙනා සමාජයකටය.

අප තවමත් උත්සාහ කරන්නේ රිලවුන්ට වාස්‌තු විද්‍යාව ඉගැන්වීමට දැයි අපෙන්ම විමසාගත යුතු මොහොත එළඹි ඇතැයි සිතේ.

ජානක ලියනආරච්චි
සමන් මල්ලවආරච්චි
Share this article :
NAFSO
NAFSO Convenersdiary
WOMEN
YOUTH
LAND
ACN
IDP
PPD
SRIVIMUKTHI
www.nafsojurney.blogspot.com
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger