Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මේ ඉඩම් අපේ - අවතැන් වූවෝ


Image copyrightdefence.lk
Image caption'තල්සෙවන හෝටලය ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි, මේක ආර්ථික කටයුත්තක්'

යුධ හමුදාව විසින් උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම් අහිමි වී ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ සභාපතිවරයා පවසයි.

1990 වසරේදී අවතැන්වූ යාපනය දිස්ත්රික්කයේ 30,000ක් පමණ වැසියන් තවමත් නැවත පදිංචි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බවයි ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ සභාපති හර්මන් කුමාර බීබීසීයට කියා සිටියේ.

යුද්ධය නිසා යාපනය දිස්ත්රික්කය තුළ තවමත් අවතැන්ව සිටින පවුල් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් රාජ්ය නොවන සංවිධාන කිහිපයක් එක් වී සකස් කළ වාර්තාවක් එළිදක්වමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

යාපනය දිස්ත්රික්කයේ අවතැන් වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව එළිදක්වනු ලැබුවේ ‘අවතැන්වූ ජනතාවගේ සහ කාන්තා ගෘහ මූලික පවුල්වල ඉඩම් අයිතිය තහවුරු කරනු’ මැයිනි.

ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ඇතුළු රාජ්ය නොවන සංවිධාන එකතුවේ ප්රධානත්වයෙන් වාර්තාව එළි දැක්විණි.

යාපනය දිස්ත්රික්කයේ අවතැන් කඳවුරු 43ක් මූලික කර ගනිමින් පැවැත්වූ මෙම අධ්යනය මගින් එම කඳවුරු වල ජිවත් වන ජනතාව මුහුණ දෙන සෞඛ්ය, ආර්ථික හා සමාජ ගැටළු පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කොට තිබේ.

'පැවති ආණ්ඩුවේ ප්රතිපත්ති'

අවතැන් වූවන් උතුරේ නොමැති බව හැඟවෙන ප්රතිපත්තියක සිට පැවති ආණ්ඩුව කටයුතු කළ බව පෙන්වා දෙන හර්මන් කුමාර, වත්මන් පාලනය අවතැන් වූවන්ගේ ප්රශ්නය කඩිනමින් විසඳීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

ජාතික ආරක්ෂාව සඳහා එකී ඉඩම් අවශ්ය කරන හෙයින් එම ජනතාව ඒවායේ පදිංචි කළ නොහැකි බවට අගමැතිවරයා සහ බලධාරීන් තර්ක කරන බව පෙන්වා දෙන හර්මන් කුමාර කෙසේවෙතත් යුද හමුදාව

සංචාරක ව්යාපාරයේ නියැලීම නිසා බොහෝ දෙනකු අවතැන්ව ඇති බවත් පවසයි.

Image copyrightGetty

‘අපි ගත්තොත් උතුරේ කන්කසන්තුරේ තියෙන තල්සෙවන හෝටලය, ඒ හෝටලය නිසා අවතැන්වූ පිරිස් කඳවුරු වල තබා ගනිමින් මේ ස්ථානය සංචාරක ව්යාපාරයක් ලෙස ගෙන යනවා, ඉතින් මේක ආරක්ෂක විධිවිධානයක් නෙවෙයි මේක ආර්ථික කටයුත්තක්’

'බලාපොරොත්තුවක්'

කෙසේවතත් යුධ හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් ජයනාත් ජයවීර එම චෝදනාව ප්රතික්ෂේප කරමින් බීබීසීයට කියා සිටියේ හෝටල් කර්මාන්තය සඳහා යොදා ගෙන ඇත්තේ ජනතාවගේ ඉඩම් නොව රජයට අයත් ඉඩම් බවයි.

‘වසර 26ක්’ තම මුල් ඉඩම අහිමිව අවතැන් කඳවුරක දිවි ගෙවනමුතය්යා සිවනන්දවේල් මෙම වැඩසටහනට එක් වී සිටියේය.

ඔහු එහිදී සඳහන් කළේ වසර 26ක් මුළුල්ලේ පවතින ඉඩම් ප්රශ්නය නව ආණ්ඩුව යටතේ විසඳෙනු ඇතැයි යන්න තම එකම බලාපොරොත්තුව බවයි.

මුල් ඉඩම් නැවත ලබාගැනීම සඳහා තමා ඇතුළු විපතට පත් කණ්ඩායම් විසින් උපවාස, උද්ඝෝෂණ ඇතුළු ක්රියාමාර්ග රැසක් ගෙන ඇති නමුත් කිසිදු රජයක් තම ප්රශ්නය විසඳීමට උනන්දු නොවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ

BBC Singhala