Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යහපාලනය වචනයක් විතරයි.... දුන්පොරොන්දු රකිනු...වරාය නගරය නවතනු.. පරිසරවේදීන් සටනේ







පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර ව්‍යාපෘතියක් බවත් එහි දී සිදු වී ඇති ගණු දෙණු හා චීන සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම් නීති විරෝධී වන බවත් ය. එපමණක් නොව එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිට වූ පසුව වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන බව ද ඔහු පවසා සිටියේය. වර්තමානය වන විට අගමැති ධුරය හොඹවන්නේ එවකට විපක්ෂ නායකව සිටි රනිල් වික‍්‍රමසිංහ මහතාම ය. ඔවුන් බලයට පැමිණෙන විට සඳහන් කළේ රටේ යහපාලනය ස්ථාපිත කරන බවය. යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන්නේ වගවීම ය. රජයක් හෝ දේශපාලකයෙක් හෝ රාජ්‍ය නිලධාරියකු විසින් තමන් කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන්, තමන් ලබා දුන් අනුමැතියක් සම්බන්ධයෙන් හෝ නිර්දේශ සම්බන්ධයෙන් පමණක් නොව තමන් ගත් තීරණයක් සම්බන්ධයෙන් ද වගකීම දැරීම වගවීම යි. වරාය නගර ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ දී ද කි‍්‍රයාත්මක කිරීමට දැඩි උත්සාහයක් දැරීමෙන් පෙනී යන්නේ යහපාලනය යටතේ වගවීම යන්න වචන වලට පමණක් සීමා වී ඇති බවය. යහපාලන සංකල්ප රටට ඉදිරිපත් කරමින් එ්වා පිළිගනිමින් බලයට පැමිණි එක්සත් ජාතික පක්ෂය අද වන විට තමන් විසින් අතීතයේ කළ ප‍්‍රකාශ සම්බන්ධයෙන් වගවීමක් සිදු නොවන බව පෙනෙන්නට තිබේ. විපක්ෂයේ සිටිය දී දැඩි ලෙස හෙලාදැකි ව්‍යාපෘතියක් අද ඔවුන් විසින්ම තවදුරටත් වර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමට පිඹුරුපත් සැකසීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණකි.

එපමණක් නොව රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමන් පසුගියදා චීන සංචාරයේ දී මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවට චීන රජයට ද පොරොන්දු විය. තවම මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී නොමැති තත්ත්වයක් තුළ හා මෙම ව්‍යාපෘතියට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග රැුසක් ගැනෙමින් තිබෙන අතරතුර එ් සියල්ල පසෙකලා මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන බවට ප‍්‍රකාශ නිකුත් කිරීමෙන් යහපාලනයේ තවත් අංගයක් වන නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක් කර තිබේ. යහපාලන රජයකින් මෙවන් දෑ බලාපොරොත්තු වි නොහැකිය.

පසුගිය ජනාධිපතිවරනයේ දී මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර තිබුණේ ඔලූවෙන් සිට ගත් සංවර්ධනයේ ප‍්‍රමුඛතා දෙපයින් සිටවීමට කටයුතු කරන බවත් නාස්තිකාර ව්‍යාපෘති සියල්ල අත්හිටුවා රටේ ස්වාභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසර ආර්ථික සංවර්ධනයක් ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් සකස් කරන බවය. එපමණක් නොව පරිසරයට හානි කර සංවර්ධන කටයුතු සඳහා අන්තනෝමතික ලෙස විදේශීය සමාගම් වලට ඉඩම් පැවරීම් අත්හිටුවීට කටයුතු කරන බව ද සඳහන් කර තිබිණ. නමුත් එ් සියල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හමුවේ වත්මන් පාලකයන් විසින් ම අභියෝගයට ලක් කර ඇත.
පසුගිය මහ මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලිය ඇතුළත් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ රටේ නගර නිර්මාණය කිරීම භූ විද්‍යා සැලසුමකට අනුව තීරණය කරනු ලබන බවය. නමුත් එ් කිසිවක් වරාය නගර ව්‍යාපෘතියට අදාළව කි‍්‍රයාත්මක වන බවක් පෙනෙන්නට නැත.

පසුගිය රජය පැවති සමයේ යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පළමු පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අනුමැතිය සඳහා වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 වසරේ දී ය. ඉතාම දුර්වල හා අසම්පූර්ණ වාර්තාවක් ලෙස එය ඉදිරිපත් කර තිබුණි. නමුත් එම වාර්තාව 2011 ජුනි 11 වන දින සිට රජයේ වැඩකරන දින 30 කාලයක් මහජන අදහස් සඳහා විවෘත කරන ලදී. ඒ වාර්තාව සකස් කර ඇත්තේ හෙක්ටයාර් 200 ක භූමියක් මුහුද ගොඩකර ලබා ගැනීම සඳහා ය. පසුව 2012 වසරේ දී චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම මගින් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව මුහුද ගොඩකර හෙක්ටයාර 233 ක භූමියක් ලබා ගැනීමට යෝජනා විය. ඒ අනුව පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට ඇමුණුම් වාර්තාවක් සකස් කර අදාළ සමාගම වෙනුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නැවත වරක් ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව මහජන අදහස් සඳහා විවෘත නොකර ඉතාම අසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාව සඳහා වගකීම් විරහිතව 2014 ඔක්තෝබර් 23 වන දින ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42 කින් සමන්විත අනුමැතියක් ලබා දී තිබේ. එම අනුමැති ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට ප‍්‍රථම චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම 2014 සැප්තැම්බර් 16 වන දින සිට ගොඩකිරීම් කටයුතු ආරම්භ කෙරින. අනුමැතිය ලබා දීමට මසකට කළින් ගොඩකිරීම් කටයුතු නීති විරෝධිව මෙම සමාගම ආරම්භ කර ඇති අතර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම ය. මෙය කුමන නීතිමය පදනමක් මත සිදු වූයේ ද යන්න ගැටළු සහිත ය. දැනට රටේ කි‍්‍රයාත්මක අන පනත් වලට අනුව නම් මෙය නීති විරෝධී කි‍්‍රයාවකි. පසුගිය රජය පැවති සමයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර කි‍්‍රයාත්මක වීම ඇරැුඹුණේ මෙලෙසය.

2014 වසරේ දී ඇරඹි මෙම ව්‍යාපෘතියේ ගිවිසුම්වල පවතින නීති විරෝධී තත්වයන් සැලකිල්ලට ගෙන 2015 මාර්තු 04 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවන ලදී. එය 2015 මාර්තු 06 වන දින වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගම වෙත දන්වා තිබේ.
නමුත් මෙතෙක් අදාළ ව්‍යාපෘතිය අනුමත කළ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජක ආයතන වන ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී ඇති කොන්දේසි සහිත අනුමැතිය තාවකාලිකව හෝ අවලංගු කළ බව නීත්‍යානුකූල ව්‍යාපෘති යෝජක ආයතනයට දන්වා නොමැත. ඒ වෙනුවට මතු සඳහන් අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගමට ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසට දැනුම් දීම ද නීත්‍යනුකූල නොවන ක‍්‍රියාවකි. එමඟින් උත්සාහ දරා ඇත්තේ අදාළ සමාගම සමඟ ඇති කර ගත් නීති විරෝධී ගිවිසුම් වලට නීත්‍යානුකූල භාවයක් ලබා දීම හා  වත්මන් යහපාලන රජය තුළ ද එ් ආකාරයෙන්ම මෙම ව්‍යාපෘතිය වර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමටය. එසේ වුවත් මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ මෑත කාලයේ දී සිදු වූ මෙගා ව්‍යාපෘති සියල්ල නැවත ඇගයීමට ලක් කර තාක්ෂණික වංචා වලට වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවය. එසේ නම් කළ යුතු වන්නේ නීති විරෝධී හා දුර්වල වාර්තාවක් සඳහා අනුමැතිය ලබා දුන් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීම හා ලබා දී ඇති අනුමැතිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවීමය. නමුත් එවන් දෙයක් සිදු නොවීම කණගාටුවට කරුණකි.

වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ අයිතිකරු කවරෙක් ද?

එසේ තිබිය දී නැවත වරක් පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවට අතිරේකයක් නැතහොත් පරිපුරකයක් එක් කිරීම සඳහා 2015 දෙසැම්බර් මස අලූතින් පරිසර බලපෑම් තක්සේරු වාර්තාව වත්මන් රජය යටතේ ඉදිරිපත් කෙරින. එම වාර්තාව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිපුරක පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව ලෙස වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. 2015 දෙසැම්බර් මස 01 වන දින සිට 2016 ජනවාරි 13 වන දින දක්වා රජය වැඩ කරන දින 30 ක කාලයක් මහජන අදහස් සඳහා එම වාර්තාව වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් විවෘත කර තිබුණි. එහි දී මෙතෙක් ඉතිහාසයේ යම් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා මහජනතාවගෙන් ලැබුණු වැඩිම ප‍්‍රතිවිරෝධතා ප‍්‍රමාණයක් මෙම ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ සාගරය ගොඩකර ලබා ගැනීමට යෝජිත භූමියේ වපසරිය හෙක්ටයාර් 269 ක් බව ය. එය ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපෘති යෝජක ලෙස මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසිනි. නමුත් පළමු වාර්තාව ඉදිරිපත් කළ හා අනුමැතිය ලබා ගත් ආයතනය වන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියයි. වර්තමාන වාර්තාව ඉදිරිපත් කර ඇති අමාත්‍යාංශය යටතේ ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය ක‍්‍රියාත්මක නොවේ. එසේ තිබිය දී ඉදිකිරීම් කටයුතු හා ව්‍යාපෘති යෝජක ලෙස කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමයි. මේ සියල්ල එකිනෙකට පරස්පර විරෝධී තත්ත්වයන් ය. ඉදිරිපත් කර ඇති වාර්තාව, අනුමැතීන් හා ව්‍යාපෘති යෝජක සමාගම අතර කිසිදු සම්බන්ධතාවයක් හෝ නීත්‍යනුකූල ගිවිසුමක් හෝ නීත්‍යනුකූල අවබෝධතා ගිවිසුමක් හෝ නොමැත. එසේ තිබිය දී මෙම වාර්තාව පළමු වාර්තාවට පරිපුරකයක් සේ ඉදිරිපත් කර තිබේ. එය වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉදිරිපත් කළ හා අනුමැතිය ලබාගත් වාර්තාවකට තවත් අමාත්‍යාංශයක් මගින් ඉදිරිපත් කරන පරිපුරකයකි. එහි වගකීම පිළිබඳව හෝ නීත්‍යනුකූල ස්වභාවය පිළිබඳව හෝ මෙම වාර්තාවේ සඳහන් කර නොමැත.

එපමණක් නොව ජාතික පාරිසරික පනතට අනුව හෝ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව හෝ පරිපූරක පරිසර බලපෑම් තක්සේරු වාර්තා සඳහා මහජන අදහස් විමසීමේ ක‍්‍රමවේදයක් සඳහන් නොවේ. තව ද ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කර එක් ව්‍යාපෘති යෝජක ආයතනයක් මගින් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම වාර්තාවට අතිරේක නැතහොත් පරිපූරක එක් කර තවත් ව්‍යාපෘති යෝජක ආයතනයකට අනුමැතිය ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් පිළිබඳ උක්ත අණ පනත්වල සඳහන් කර නොමැත. එම පනත්වලට අනුව යම් ව්‍යාපෘතියක් සඳහා නීත්‍යනුකූල හා තාක්‍ෂණිකව පිළිගත හැකි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කළ විට ඒ සඳහා කොන්දේසි සහිත අනුමැතියක් ලබාදීම හෝ ප‍්‍රතික්‍ෂේප කිරීම හා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඒ ක‍්‍රියාවලියෙන් පරිබාහිරව පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා වරින් වර අතිරේක නැතහොත් පරිපූරක එක් කිරීම, පරිපූරක වාර්තා සඳහා මහජන අදහස් විමසීම, ව්‍යාපෘති යෝජක ආයතන දෙකකට අනුමැතිය ලබාදීම, ලබාගත් අනුමැතිය වෙනත් සමාගමකට පැවරීම, ලබාගත් අනුමැතිය බලාත්මකව පවතිද්දී වෙනත් ආයතනයක් මගින් අතිරේක එක් කිරීම් කළ වාර්තාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි පියවරයන් උක්ත අණ පනත්වල සඳහන් නොවේ. එ් සියල්ල නීති විරෝධී වේ. මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේ දීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක් අනිවාර්යය කිරීමට කටයුතු කරන බවය. එය වචන වලට පමණක් සීමා නොකර එ් අයුරින්ම කි‍්‍රයාත්මක කළ යුතුව තිබුණි. යම් ව්‍යාපෘතියක් සැලසුම් අදියරේ දීම පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කිරීමේ වැදගත්කම වන්නේ එම ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියන් ලෙස කි‍්‍රයාත්මක කළ හැකි ද යන්න තීරණය කිරීමේ අවස්ථාව ඉන් උදා වන නිසා ය. නමුත් දිගින් දිගටම පාරිසරික අන පනත් උල්ලංඝනය කරමින්, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන පසෙක තබමින් වත්මන් රජය ද අන්තනෝමතික ලෙස කටයුතු කරන ස්වභාවයක් පෙනෙන්නට තිබේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව නීතිය කි‍්‍රයාත්මක කිරීම සර්ව සාධාරණ විය යුතුය යන වගන්තිය ද මෙහි දී උල්ලංඝනය කර තිබේ. වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දීමේ දී වෙරළ කලාපයේ වෙනත් සංවර්ධන කටයුතු වලට අනුමැතිය ලබා දීමේ දී සලකා බලන කරුණු සැලකිල්ලට නොගෙන අනුමැතිය ලබා දී ඇත. එපමණක් නොව දුර්වල හා නීති විරෝධී වාර්තාවක් මත පදනම්ව අනුමැතිය ලබා දී තිබේ. මහ පරිමාණ ආයෝජනයක් මද පදනම් වූ පමණින් වරාය නගර ව්‍යාපෘතිය සඳහා රටේ කි‍්‍රයාත්මක අන පනත් නොසලකා අනුමැතිය ලබා දිය හැකි ද යන්න ගැටළුවකි. මේ සියල්ල සර්ව සාධාරණව නීතිය කි‍්‍රයාත්මක විය යුතුය යන්න අභියෝගයට ලක් කිරීමකි. මේ කරුණු මහ ජනතාවගේ සැලකිල්ලට ලක් විය යුතු ය.

වරාය නගරය නීති විරෝධී ව්‍යාපෘතියක් වන්නේ කෙසේ ද?

යම් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සඳහා අතිරේක නැතහොත් පරිපූරක එක් කළ හැකි වන්නේ එම වාර්තාවේ සවිස්තරාත්මක කරුණු අඩංගු නොවන්නේ නම් ඒ සඳහා යම් යම් අතිරේක දත්ත එක් කිරීම සඳහා ය. නමුත් මෙම ව්‍යාපෘතියට අදාළ ව එක් කර ඇති අතිරේක දෙකට අනුව පැහැදිලි වන්නේ ඒවා එකිනෙකට වෙනස් ව්‍යාපෘති වාර්තා බව ය. පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ මුහුදු ගොඩකර ලබා ගන්නා භූමියේ වපසරිය හෙක්ටයාර් 200 ක් ලෙස සඳහන් වේ. ඒ සඳහා එක් කළ පළමු පරිපූරක වාර්තාවේ හෙක්ටයාර් 233ක් ලෙස සඳහන් කර ඇත. දෙවන එක් කිරීම නැතහොත් වර්තමාන පරිපූරක පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ භූමියේ වපසරිය හෙක්ටයාර 269 ක් ලෙස සඳහන් වේ. මෙම වාර්තාවල භූමියේ වපසරිය අනුව පැහැදිලි වන්නේ එක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් වෙනුවට ව්‍යාපෘති 3 ක් සඳහා ඉදිරිපත් කළ පරිසර බලපෑම් තක්සේරු වාර්තා බව ය.
ඒ අනුව පැහැදිලි වන්නේ මහජන අදහස් සඳහා ඉදිරිපත් කර ඇති උක්ත වාර්තාව නීත්‍යනුකූල නොවන පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් වන බව ය. එවන් වාර්තාවක් මහජන අදහස් සඳහා ඉදිරිපත් කිරීමට හෝ අනුමැති ලබාදීමට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට බලයක් නොමැත.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප‍්‍රධාන මුලික අංගයක් වන්නේ විකල්ප අධ්‍යයනයි. ඒ මත යෝජිත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා සුදුසු, බලපෑම් අවම, වැඩි ප‍්‍රතිලාභ ලැබෙන ස්ථානය හ`දුනා ගැනීම සිදු කරනු ලැබේ. නමුත් උක්ත ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ පළමු පරිසර බලපෑම් තක්සේරු වාර්තාවේ හෝ පරිපූරකයක් ලෙස ඉදිරිපත් කර ඇති මෙම වාර්තාවේ හෝ විකල්ප අධ්‍යයනක් පිළිබඳ සඳහන් නොවේ. විකල්ප අධ්‍යයනයක් නොමැති පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නීත්‍යනුකූලව පිළිගත හැකි වාර්තාවක් නොවේ.

එබැවින් මෙම වාර්තාවෙන් යෝජිත ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සුදුසු මස්ථානය බවට යෝජිත භූමිය හ`දුනා ගැනීම සිදු කර නොමැති අතර මෙම වාර්තාව මත පදනම්ව යෝජිත ස්ථානයේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමෙන් බලපෑම් අවම කිරීම හා ප‍්‍රතිලාභ උපරිමව ලබා ගැනීම පිළිබඳව නිසි ඇගයීමක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

ඒ හේතුවෙන් නීත්‍යනුකූලව ප‍්‍රධාන අඩුලූහු`ඩුකමක් පවතින මෙම වාර්තාව පිළිගත හැකි පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් නොවන අතර එවන් වාර්තාවක් මහජන අදහස් සඳහා විවෘත කිරීමට හෝ අනුමැතිය ලබාදීමට වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට නීත්‍යනුකූල බලයක් නොමැත. එවන් වාර්තාවක් මත පදනම්ව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් පසුගිය කාලයේ දී සිදු වූ ආකාරයටම නැවත වරක් සිදු වන්නේ මෙම ව්‍යාපෘතිය බිඳ වැටීමය. මීට හොඳම උදාහරණය වන්නේ උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියයි. එහි දී ද වැරදි හා අසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් මත පදනම්ව ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රතිළුලයක් ලෙස අද වන විට එම ව්‍යාපෘතිය දැවැන්ත බිඳ වැටීමකට හා විශාල ධනස්කන්දයක් නාස්ති කළ ව්‍යාපෘතියක් තත්ත්වයට පරිවර්තනය වී තිබේ. එ් තත්ත්වයම වරාය නගර ව්‍යාපෘතියටත් අත් නොවීමට නම් නිවැරදි හා අංගසම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සිදු කර මෙම ව්‍යාපෘතිය නිසි පරිදි කි‍්‍රයාත්මක කිරීමට ඇති හැකියාව පළමුව අවබෝධ කර ගත යුතු ය.

අංග සම්පූර්ණ පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක ප‍්‍රධාන අංගයක් වන්නේ පුරා විද්‍යාත්මක හානි ඇගයීම් වාර්තාවක් ඇතුළත් වීම ය. නමුත් මෙම වාර්තාවේ සාගර පුරා වස්තු පිළිබඳව හා මෙම ව්‍යාපෘතියෙන් සාගර පුරාවස්තු වලට සිදුවන බලපෑම් පිළිබඳව සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර නොමැත. 1505 වසරේ සිට වරායක් ලෙස භාවිතා වූ මෙම ප‍්‍රදේශයේ සාගර පරිසරයේ පුරාවස්තු විශාල ප‍්‍රමාණයක් තැම්පත්ව තිබේ. පසුගිය කාලයේ දී වරාය පුලූල් කිරීමේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ දී පුරාවස්තු ගණනාවක් හමු වී ඇති අතර ඒවා සියල්ලම වරාය ඉදිකිරීම් කටයුතුවල දී විනාශයට ලක් කර තිබේ. එවන් තත්වයක් තුළ මෙම ව්‍යාපෘතිය යටතේ ගොඩ කිරීමට ලක් වන සමස්ත ප‍්‍රදේශය ම ආවරණය වන පරිදි පුරා විද්‍යාත්මක හානි ඇගයීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය වුවත් එ් සඳහා කි‍්‍රයාමාර්ග ගෙන නොමැත.

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යනු සාගරය ගොඩකර භූමියක් ලෙස සකස් කිරීම පමණක් නොවේ. එහි ඉදිකරන ගොඩනැගිලි, අපද්‍රව්‍ය බැහැර කිරීම් පද්ධති, මළ අපවහන පද්ධති ඇතුළු සමස්තය වරාය නගර ව්‍යාපෘතියට අයත් වේ. නමුත් සමස්ත ව්‍යාපෘතියෙන් සාගරය ගොඩකිරීම් කොටසට පමණක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කර අනුමැතිය ලබාගැනීම ප‍්‍රධාන අඩුලූහු`ඩුකමකි. සමස්ත ව්‍යාපෘතිය වෙනුවට එක් කොටසට පමණක් පරිසර බලපෑම් තක්සේරු වාර්තාවක් සකස් කිරීමෙන් උත්සාහ දරා  ඇත්තේ සමස්ත ව්‍යාපෘතියෙන් සිදුවන පාරිසරික බලපෑම්, සමාජ ආර්ථික බලපෑම්, සමස්ත ව්‍යාපෘතියේ ඵලදායිතාවය, සමස්ත ව්‍යාපෘතියේ තිරසර පැවැත්ම, සමස්ත ව්‍යාපෘතියේ ස්ථායිතාවය පිළිබඳව ජනතාවගෙන් කරුණු වසංකර ව්‍යාපෘතියෙන් කොටසක ස්වභාවය පමණක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ය. නමුත් ජාතික පාරිසරික පනතේ හෝ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ හෝ මේ ආකාරයට ව්‍යාපෘතියක් සඳහා අදියරයෙන් අදියර අනුමැතිය ලබා ගැනීමක් පිළිබඳ සඳහන් නොවේ. ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා ගැනීමේ දී සමස්ත ව්‍යාපෘතිය ම ආවරණය වන පරිදි පරිසර බලපෑම් තක්සේරුවක් සිදු කර අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු ය. යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන සැබෑ තොරතුරු වලට ඇති අයිතිය පවා ජනතාවට අහිමි කරමින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට උත්සාහ දැරීම කණගාටුවට කරුණකි. මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන කටයුතු වල සියලූ තොරතුරු ජනතාවට දැන ගත හැකි තොරතුරු දැනගැනීමේ පනතක් ගෙන එ්මට කටයුතු කරන බව ය. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ එලෙස සඳහන් වුව ද පනත ගෙන එ්මට ප‍්‍රථම යහපත් පූර්වාදර්ශ සැපයීම වෙනුවට වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ තතු වත්මන් රජය ද ජනතාවගෙන් වසං කිරීමට උත්සාහ දරා ඇත.

වරාය නගරයට කළු ගල් ලබා ගැනීමෙන් වන බලපෑම්

වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මුහුද ගොඩකිරීම සඳහා කළුගල් ලබාගැනීමට යෝජිතව ඇත්තේ කඩුවෙල, හංවැල්ල, පාදුක්ක, දෙල්ගොඩ හා දිවුලපිටිය යන ප‍්‍රදේශවල පිහිටි කළුගල් වලවල් 11 කිනි. මේ සියලූම කළුගල් වලවල් කාර්මික කැණීම් බලපත‍්‍ර යටතේ යාන්ත‍්‍රික කැණීම් කටයුතු සිදුකරන ගල්වලවල් වේ. නමුත් යෝජිත ව්‍යාපෘතියේ ගොඩ කිරීම් සඳහා විශාල කුට්ටි කළුගල් ලබාගැනීම අවශ්‍ය වේ. ඒ සඳහා ගැඹුරු බෝර පිපිරවීම් අඛණ්ඩව කෙටිකාලයක් තුළ සිදුකිරීමට සිදුවේ. ඉන් අවට ප‍්‍රදේශයට ඇතිවන බලපෑම් ඉතා අධික ය. වර්තමානය වන විට ද මෙම කළුගල් වලවල් අවට ජීවත්වන ජනතාව දැඩි පීඩනයකට ලක් ව සිිටී. ඒ තත්ත්වය තවදුරටත් වර්ධනය වීම මෙම ව්‍යාපෘතිය සම`ග සිදු විය හැකි ය. නමුත් ඒ පිළිබඳව පරිපුර්ණ බලපෑම් තක්සේරුවක් පළමු වාර්තාවේ හෝ මෙම වාර්තාවේ හෝ සිදු කර නොමැත. කළුගල් ලබා ගන්නා ස්ථාන හ`දුනා ගැනීම පමණක් සිදු කර ඇති අතර අවශ්‍ය ප‍්‍රමාණයට කළුගල් ලබා ගැනීමට ඇති ශක්‍යතාවය හෝ ඉන් අවට ප‍්‍රදේශයට, භූගත ජලයට, ක`දුවැටි වලට සිදුවන බලපෑම හෝ මහජන පීඩාකාරී තත්ත්වයන් උද්ගත වීම හෝ එමගින් ප‍්‍රමාණවත් පරිදි කළුගල් ලබා ගැනීමට බාධා මතු වුවහොත් සිදු විය හැකි ගැටලූ හානි පූරණය කළ හැකි ආකාරය හෝ විකල්ප සඳහා පිවිසීමේ ශක්‍යතාවය හෝ මෙම වාර්තාවල අවධානයට ලක් කර නොමැත. දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වු බොහෝ සංවර්ධන ව්‍යාපෘතිවල දී මෙම තත්ත්වය දැකගත හැකි වූ අතර ඒ මගින් ව්‍යාපෘතිය නිසි කාලයට අවසන් කිරීමට පවා ගැටලූ මතු විය. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අඩුලූහුඩු කමකි.

ගොඩකිරීම් සඳහා කළුගල් ලබාගැනීමට හ`දුනාගෙන ඇති කලූගල් වලවල් 11 න් ඝන මීටර් මිලියන 6.54 කලූගල් ඉවත් කර ගත හැකි බව හ`දුනාගෙන තිබේ. වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සඳහා කලූගල් ඝනමීටර් මිලියන 3.45ක් අවශ්‍ය වේ. දැනට ගොඩකර ඇති කොටසට අමතරව ඉතිරි ගොඩකිරීම් නිම කිරීමට කලූගල් ඝන මීටර් මිලියන 2.83 ක් අවශ්‍ය වේ. වසර 3 ක් තුළ දී මෙම කලූගල් වලවල් වලින් විශාල කුට්ටි ගල් වැඩි ප‍්‍රමාණයක් ඉවත් කිරීම හේතුවෙන් අවට ජීවත් වන ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට ගොදුරු වීමට හා අවතැන් වීමට පවා සිදුවිය හැක. නමුත් ඒ පිළිබඳව නිසි බලපෑම් තක්සේරුවක් මෙම වාර්තාවෙන් සිදුකර නොමැති හෙයින් කලූගල් වලවල් අවට ජීවත්වන ජනතාවට එල්ලවන බලපෑම් හ`දුනාගැනීමට හෝ විකල්ප වෙත යොමුවීමට ඇති අවශ්‍යතාව හ`දුනාගැනීමට හෝ නොහැකි වී ඇත. මේ නිසා බලපෑමට ලක්වන ජනතාවට වන්දි ලබා දීම හෝ ඒ සඳහා මුදල් වෙන් කිරීමක් හෝ සිදු වී නොමැත.

වරාය නගරයට වැලි ලබා ගැනීමෙන් සාගර පරිසර වල බිඳ වැටීම

සාගර පරිසරයේ ගොඩ කිරීමට ලක්වන ප‍්‍රදේ්ශය, වැලි ලබාගන්නා ප‍්‍රදේශය හා වැලි ප‍්‍රවාහනය කරන ප‍්‍රදේශය මෙන්ම ඒ මත බලපෑමට ලක්වන පේ‍්‍රරක කලාපය යන සියලූ ව්‍යාපෘති ප‍්‍රදේශ ආවරණය වන පරිදි මෙතෙක් නියමානුකූල ජෛව විවිධත්ව අධ්‍යයනයක් සිදු කර නොමැති අතර අවසන් වරට ඉදිරිපත් කළ  වාර්තාවෙන් ද ජෛව විවිධත්වයට සිදුවන බලපෑම හා එම බලපෑම් අවම කිරීම සඳහා වන උපායමාර්ග පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නොමැත. වෙරළ කලාපයේ සිට ගැඹුරු මුහුද දක්වා සීමාවේ පලගල පරය, දෙගල්මැද පරය හා වැටිය පරය ලෙස වැලිපර පිහිටි ස්ථර 3 ක් හමුවන අතර ඊට අමතරව කළුගල් පර හා කොරල් පර මෙම ව්‍යාපෘති සීමවා තුළ විසිර පවතී.
ඊට අමතරව වැලි තැනි හා මඩ තැනි පරිසර පද්ධති මෙන් ම නොගැඹුරු සාගරයේ ගිලූණු නැව් වැනි ස්වභාවීකරණය වු විවිධ මුහුදු ජීවී වාසස්ථාන විශාල ප‍්‍රමාණයක් පවතී. විශේෂයෙන් ම මඩතැනි සැකසී ඇත්තේ කැළණි ගගෙන් රැුගෙන එන රොන් මඩ දියවැල් ඔස්සේ උතුරු දෙසට ව්‍යාප්ත වීමෙනි. නොගැඹුරු මුහුදේ කිලෝමීටර් 1.5 ක් පමණ දුරින් මෙම මඩ තැනි පිහිටා තිබේ. මෙම පරිසර පද්ධති ප‍්‍රධාන වශයෙන් ඉස්සන්ගේ බෝ වීම් කලාපයකි. එම සතුන් ආහාරයට ගන්නා සාලයින් වැනි මසුන් හා නිල් තල්මසුන් වැනි මුහුදු ක්ෂීරපායි සතුන් මෙම කලාපයේ වාර්තා වේ. සාලයින් වැනි කුඩා මසුන් ආහාරයට ගන්නා ස්පිනර් ඩොල්ෆින් වැනි ක්ෂීරපායී සතුන් මෙන් ම තලපත්, මෝරු වැනි මසුන් මෙම කලාපයේ බහුලව වාර්තා වේ. මෙම කලාපය එකිනෙක මත සම්බන්ධ ජීවී දාමයකින් යුත් මත්ස්‍ය කලාපයකි. එපමණක් නොව වැලි තැන්පත් වු වැලි තැනි පිහිටි ප‍්‍රදේශවල මීටර 1.5 ක් පමණ ඝනකමින් යුත් වැලි තීරය ජීවී විශේෂ බහුල කලාපයකි. කකුළුවන්, ඉස්සන්, මුහුදු පණුවන්, හක්බෙල්ලන්, දෙපියන් බෙල්ලන්, මුහුදු කූඩැල්ලන් හා මත්ස්‍ය විශේෂ බහුලව ජීවත් වේ. එම කලාපවල වැලි ලබා ගැනීමෙන් සම්පූර්ණ ජෛව පද්ධතිය ම බිඳවැටීමට ලක් වේ.

වරාය නගරයෙන් සාගර ජෛව ප‍්‍රජාවට වන බලපෑම

වරාය නගර ව්‍යාපෘතියට ගොඩ කිරීමට ලක්වන ප‍්‍රදේශය කොරල් පර, වැලි පර, ගල් පර හා ගිළුණු නැව් වැනි විශේෂ පරිසර පද්ධති වලින් ගහන ජීවී විශේෂ බොහෝමයකට රැුකවරණය සලසන කලාපයකි. නමුත් මෙම කලාපවල ජෛව විවිධත්වය පිළිබඳව ප‍්‍රමාණවත් පුළුල් අධ්‍යයනයක් සිදුකර නොමැත. විශේෂයෙන් ම මුහුදු ක්ෂිරපායි විශේෂ වන නිල් තල්මසුන්, ස්පර්ම් වේල්ස්, බොටල් නෝස් ඩොල්ෆින් වැනි මුහුදු ක්ෂිරපායි විශේෂ 15 ක් පමණ මෙම කලාපයේ වාර්තා වේ. එපමණක් නොව කැස්බෑවුන්, මුහුදු සර්පයින් ඇතුළු ජීවී විශේෂ ගණනාවක් මෙම ප‍්‍රදේශයේ වාර්තා වේ. නමුත් එ් පිළිබඳව පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ දත්ත වාර්තාවට ඇතුළත් කර නොමැති අතර එ් නිසා යෝජිත ව්‍යාපෘතියෙන් මෙම ජීවීන්ට සිදු වන බලපෑම් නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වී ඇත.
විශේෂයෙන් ම වැලි පර හා ගල් පර ආශ‍්‍රිතව මුහුදු ඉකිරි, ගල් ගුල්ලන්, මුහුදු ඇනිමනි, මුහුදු කූඩැල්ලන් වැනි සාගර ජීවී විශේෂ බොහෝමයක් වාර්තා වේ. නමුත් මෙම වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මේ කලාපයේ වාර්තා වන සුලභ විශේෂ කිහිපයක් පමණකි. මේ නිසා මෙම ව්‍යාපෘතියෙන් සාගර ක්ෂුද්‍ර පරිසර පද්ධති වලට සිදුවන බලපෑම හා එහි ජෛව ප‍්‍රජාවට සිදුවන බලපෑම නිසි පරිදි තක්සේරු කර නොමැති අතර ඒ හේතුවෙන් එම බලපෑම් අවම කිරීමේ උපායමාර්ග පිළිබඳ ප‍්‍රමාණවත් පරිදි අවධානයට ලක් කිරීමට හෝ ඒ සඳහා විකල්ප පිළියම් යෝජනා කිරීමට ද මෙම ව්‍යාපෘති වාර්තා වලට නොහැකි වී ඇත.

යෝජිත වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් නොගැඹුරු සාගරයේ මත්ස්‍යයින්, ඉස්සන්, කකුළුවන් ඇතුළු ජීවි විශේෂවල බෝ්වීම සිදුවන මඩ තැනි, මුහුදු තෘණ භූමි, වැලි පර, ගල් පර වැනි පරිසර පද්ධති විනාශ වේ. මේනිසා සාගර ජීවී විශේෂවල ගහන ඝනත්වය පහළ යෑම සිදු වේ. විශේෂයෙන් ම බටහිර මුහුදු තීරයේ මත්ස්‍ය විශේෂ බෝ වීම් කලාපය හා බෝ වී විසිරුම් කලාපය මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සෘජු බලපෑමට ලක් වීමෙන් එම මුහුදු තීරයේ හා ගැඹුරු මුහුදු තීරයේ ධීවර කර්මාන්තය සම්පූර්ණයෙන් ම ඇණහිටීමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ධීවර ප‍්‍රජාවට රැුකියාව අහිමිවීම, ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න උද්ගතවීම ඇතුළු ගැටලූ රැුසකට මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ධීවරයන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

මුහුදු වැලි උකහා ගැනීමේ දී සිදුකරන ජලය කැලතීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ විශාල කලාපයක රොන්මඩ ව්‍යාප්ත වීම සිදුවේ. මෙය අඛණ්ඩව වසර 3 ක් පමණ කාලයක් සිදුකිරීමට නියමිත ය. එහිදී ව්‍යාප්ත වන රොන්මඩ හේතුවෙන්් නොගැඹුරු සාගරයේ ජීවීන් බෝ වන සුවිශේෂී පරිසර පද්ධතිවලට ලැබෙන සූර්යාලෝක ප‍්‍රමාණය අඩු වන අතර රොන්මඩ අධිකව පැතිරීමෙන් ජීවි විශේෂවල පැවැත්මට ද බලපෑම් එල්ල වේ. විශේෂයෙන් මුහුදු තෘණ භූමි, මුහුදු ඇල්ගී විශේෂ ඍජුව බලපෑමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ සාගර ජීවීන් විශේෂවල ගහන ඝනත්වය ඍජුවම අඩුවීමට ලක් වේ. ඒ හේතුවෙන් සාගර පරිසර පද්ධතිවල ජීවී විශේෂවල තුළිතතාවයට බලපෑම් ඇති කිරීම තුළින් ඍජුවම ධීවර කර්මාන්තය හා සාගර ජෛව විවිධත්වය කෙරෙහි මෙම ව්‍යාපෘතියෙන් අහිතකර බලපෑම් එල්ල වේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 (14) වගන්තියට අනුව ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු යැයි සඳහන් කර තිබිය දී ලංකාවේ සාගර පරිසරය දැවැන්ත විනාශයකට ලක් කරමින් වරාය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළ හැකි ද යන්න ගැටළුවකි.

වරාය නගරය මීගමුව කලපුවට එල්ල කරන බලපෑම

මීගමු කලපුවට සමාන්තරව සාගරයේ කිලෝමීටර් 2 කට වඩා දුරින් පිහිටි කලාපයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා වැලි ලබා ගැනීම සිදු කරනු ලැබේ. එම කලාපයේ වැලි කියුබ් ඝන මීටර මිලියන 125 ක් පමණ ඇති බවට හ`දුනාගෙන ඇති අතර ඉන් වැලි කියුබ් ඝන මීටර් මිලියන 65 ක් පමණ මෙම ව්‍යාපෘතියෙන් ලබා ගැනීමට නියමිත ය. එම වැලි තැන්පතුව හේතුවෙන් වෙරළ කලාපය දක්වා වැලි සහිත මුහුදු පතුළ ගොඩනැගී තිබේ. එම කලාපයෙන් හරි අඩකට වැඩි වැලි ස්ථරයක් ඉවත් කිරීමෙන් වෙරළ දක්වා මුහුදු පතුලේ වැලි ස්ථරයේ පීඩනය දුර්වල වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රමක‍්‍රමයෙන් වැලි ලබාගත් ප‍්‍රදේශයට වැලි ස්ථර තල්ලූ වී යාම හා සේදීයාමේ ප‍්‍රතිඵලයක් ලෙස ඉතාම දරුණු ලෙස මීගමු කලපුව ආශ‍්‍රිත වෙරළ තීරය ඛාදනයට ලක් විය හැකි ය. එමගින් මීගමු කලපුවේ ස්ථායී පැවැත්මට ද බලපෑම් එල්ල විය හැකි ය. මෙය හානිපූරණය වීමට වැලි ලබා ගන්නා වේගයෙන් නැවත වැලි තැන්පත් වීම සිදු නොවේ. මෙහි ප‍්‍රධාන වශයෙන් ම වැලි තැන්පත් වීම සිදුවනුයේ කැලණි ගගෙන් රැුගෙන එන වැලි වලිනි. නමුත් එම වැලි ප‍්‍රමාණය බොහෝවිට වසරින් වසර සීමා වේ. එමගින් මෙම කලාපය දැඩි අස්ථාවර වීමකට ලක් වේ.

යෝජිත වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස මෝදර සිට උස්වැටකෙයියාව දක්වා සාගරයේ ධීවර මෙහෙයුම් කටයුතු අඩාල වීම හා සම්පූර්ණයෙන් නතර වීම සිදුවේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස සුළුපන්න ධීවරයින් හා මාදැල් ධීවරයන්ට විකල්ප ධීවර කර්මාන්තයට යොමු වීම සිදු වේ. එහි දී ප‍්‍රධාන හා පහසු ප‍්‍රභවය වන්නේ මීගමු කලපුවේ සුළුපන්න ධීවර මෙහෙයුම් සිදු කිරීමය. එවන් තත්ත්වයක් ඇති වුවහොත් වර්තමානයේ මීගමු කලපුවේ සුළුපන්න ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් හා ධීවර රැුකියාව අහිමි වී විකල්ප ලෙස යොමුවන ධීවරයින් අතර ගැටුම් ඇති වේ. තව ද අධික ලෙස දරාගත නොහැකි මට්ටමකින් මීගමු කලපුවේ ධීවර මෙහෙයුම් සිදු වීම ද මෙහි ප‍්‍රතිඵලයක් ලෙස වර්ධනය වේ. සුළුපන්න ධීවර මෙහෙයුම් දරාගත නොහැකි මට්ටමකින් මීගමු කලපුවේ වැඩි වීම නිසා කලපුවේ මත්ස්‍ය ගහනය අඩු වීම, මත්ස්‍ය අස්වැන්න වැඩි පිරිසක් අතර බෙදීයාම හේතුවෙන් ධීවරයින්ගේ ආදායම් මට්ටම පහළ යාම හා ඒ හේතුවෙන් සමාජ ආර්ථික ප‍්‍රශ්න උද්ගත වීම ඇතුළු ගැටලූ රැුසක් මෙම ව්‍යාපෘතිය සමග වර්ධනය වනු ඇත. මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ කි‍්‍රයාවලියේ සඳහන් වන්නේ ධීවර ආර්ථිකය සංවර්ධනයට මීගමුව අධි කලාපයක් ලෙස සංවර්ධනය කරන බවය. නමුත් මෙවන් තත්ත්වයක් තුළ වරාය නගර ව්‍යාපෘති ඉදිරියේ එය කෙසේ යථාර්තයක් බවට පත් කළ හැකි ද යන්න ගැටළුවකි.

වරාය නගරයෙන් වෙරළ කලාපයේ බිඳ වැටීම

යෝජිත වරාය නගරය සඳහා මුහුදු ගොඩකිරීමෙන් සැකසෙන නව ගොඩබිම් ප‍්‍රදේශය නිසා මුහුදු රළ තරංග හා දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස්වීම් වලට භාජනය වේ. විශේෂයෙන් උතුරු කලාපයේ සිට දකුණු කලාපයට විහිදෙන දියවැල්වල වේගය හා දිශානතිය මෙම ගොඩකිරීම් නිසා වෙනස් වීමට ලක් වේ. එපමණක් නොව රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීමේ වේගය හා දිශානතිය ද වෙනස් වේ. ඊට ප‍්‍රධාන හේතුව කොළඹ වරායට දකුණින් වෙරළට ලම්භකව අදාළ ගොඩ කිරීම් සිදු කිරීම ය. ඒ හේතුවෙන් රළ තරංග වෙරලේ ගැටී නැවත ගමන් කිරීම සිදුවනුයේ ඊට දකුණින් පිහිටි වෙරළ තීරය ඛාදනය කරමිනි. උතුරු ප‍්‍රදේශයේ සිට දකුණට ගමන් කරන දියවැල්වල පැතිරීම සිදු වනුයේ ද වරාය නගරයට දකුණින් පිහිටි වෙරළ තීරය ඛාදනය කරමිනි. ඒ තත්ත්වයට ඍජුව ගොදුරු වන්නේ වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව, පානදුර වැනි වෙරළ තීරයන් ය. මෙම කලාපයේ ස්වාභාවික වෙරළ ඛාදනය ද ඉහළ මට්ටමක පවතින අතර පසුගිය කාලයේ දී සිදු කළ වරාය නගරය සඳහා වන මූලික ගොඩ කිරීම් හේතුවෙන් මේ ප‍්‍රදේශයේ වෙරළ ඛාදනය තවදුරටත් ශීඝ‍්‍රයෙන් වර්ධන විය. මෙය ප‍්‍රායෝගිකව අත්දකින්නට ලැබුණු තත්ත්වයකි. වරාය නගරය තවදුරටත් ඉදිකිරීමත් සම`ගම මෙම තත්ත්වය අඛණ්ඩව වර්ධනය වනු ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස වැල්ලවත්ත, ගල්කිස්ස, මොරටුව හා පානදුර ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවුල් 5000 කට වැඩි ධීවර ජනතාවක් අවතැන් වීම, සංචාරක හෝටල් හා ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු බොහෝමයක් දැඩි බලපෑමකට ලක් වීම සිදු වනු ඇත. නමුත් මේ පිළිබඳ නිසි ඇගයීමක් හෝ අධ්‍යයනයක් මේ වන තුරුත් සිදු කර නොමැත.

වරාය නගර ව්‍යාපෘතියෙන් සිදු වන ආර්ථිකමය පාඩුව

යෝජිත වරාය නගරය ඉදිකිරීම සඳහා විශාල ස්වාභාවික සම්පත් ප‍්‍රමාණයක් භාවිතා කිරීමට සිදු වේ. කලූගල් හා මුහුදු වැලි ඒ අතුරින් ප‍්‍රධාන වේ. ඒ අතුරින් කලූගල් ඝන මීටර් මිලියන 3.45 ක් හා මුහුදු වැලි ඝනමීටර් මිලියන 65 ක් පමණ අවශ්‍ය වේ. දැනට පවතින වෙළෙ`දපොළ මිල ගණන්වලට සාපේක්‍ෂව භාවිතා කිරීමට සිදුවන මෙම ද්‍රව්‍යවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක් පමණ වේ. නමුත් මෙම ව්‍යාපෘති සඳහා චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම සිදු කරනු ලබන ආයෝජනයේ වටිනාකම ඩොලර් බිලියන 1.35 කි. මීට අමතරව කොළඹ පවතින මිල ගණන්වලට සාපේක්ෂව වරාය නගරයේ පර්චස් 1 ක වටිනාකම රුපියල් ලක්‍ෂ 40 කට තක්සේරු කළ විට ගොඩකරනු ලබන හෙක්්ටයාර් 269 ක භූමියේ සම්පූර්ණ වටිනාකම ඩොලර් බිලියන 03 ක් පමණ වේ. එම භූමියෙන් වැඩි කොටසක් අදාළ සමාගමට ලබා දීමට සිදු වේ. ඒ අනුව ආර්ථිකමය වශයෙන් විශාල පාඩුවක් රටට මෙම ව්‍යාපෘතියෙන් සිදු වේ. නමුත් මේ පිළිබඳව අවධානයට ලක් කිරීම හෝ ව්‍යාපෘතිය ඇරඹීමට ප‍්‍රථම මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයක් සිදු නොකිරීම විශාල අඩුලූහු`ඩුකමකි.

වරාය නගරයෙන් විදේශ විනිමය හා සාගර ජීවීන් අහිමි වීම

බටහිර මුහුදු තීරයේ සිදු කරන ධීවර මෙහෙයුම් වලින් ලැබෙන මත්ස්‍ය අස්වැන්නෙන් 80% ක් පමණ අපනයන කිරීම සිදු කෙරේ. ඊට අමතරව කොරල් පර හා විවිධ සාගර පරිසර පද්ධති වලින් අල්ලාගන්නා විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් අපනයන කිරීම සිදු කෙරේ. මින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණය සැලකිය යුතු මට්ටමක පවතී. නමුත් මේ පිළිබඳව අධ්‍යයනයට ලක් කිරීමක් හෝ ව්‍යාපෘතියට අදාළ වාර්තාවල ඒ පිළිබඳව ඇගයීමට ලක් කිරීමක් හෝ සිදු කර නොමැත. මෙය වසර පුරා අඛණ්ඩව වර්ධනය වෙමින් ලැබෙන විදේශ විනිමය ප‍්‍රමාණයක් වුව ද ඒ පිළිබඳව අවධානයට ලක් කර නොතිබීම දෝ්ෂ සහිතය. මේ නිසා මෙම ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම් නිසි පරිදි ඇගයීමට ලක් කළ නොහැකි වී තිබේ. එපමණක් නොව මෙම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයේ දී ද මෙම කරුණු අන්තර්ගත විය යුතුව ඇත.

එම විශ්ලේෂණයේ දී අප රටේ ස්වාභාවික සම්පත් විනාශ වීම, ධීවරයින් අවතැන් වීම, මත්ස්‍ය අපනයනය සීමා වීම, කලූගල්වලවල් අවට ජනතාව අවතැන් වීම, රට අභ්‍යන්තරය අස්ථාවර වීම, වෙරළබඩ කලාපය ඛාදනය හේතුවෙන් ජනතාව අවතැන්වීම, මත්ස්‍ය සම්පත අහිමිවීම ඇතුළු හානිකර තත්ත්වයන් හේතුවෙන් සිදුවන ආර්ථිකය බිදවැටීමට සාපේක්‍ෂව ව්‍යාපෘතියෙන් ලැබෙන ප‍්‍රතිලාභ හා ආයෝජනයෙන් ලැබෙන ප‍්‍රතිලාභ අතර සංසන්දනාත්මක විග‍්‍රහයක් ව්‍යාපෘති වාර්තාවට ඇතුළත් විය යුතු ය. නමුත් එවන් ආර්ථික ප‍්‍රතිලාභ විශ්ලේෂණයකින් තොරව මෙම ව්‍යාපෘති වාර්තා අසම්පූර්ණව සකස් කර තිබේ. එ් මත පදනම්ව වරාය නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් සිදු වන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීමකි.
යෝජිත ව්‍යාපෘති කලාපයේ සාගරයේ විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවන 3000 ක පමණ පිරිසක් සිටී. ඔවුන් අපනයනය ඉලක්ක කරගෙන විසිතුරු මසුන් ඇල්ලීම සිදු කරයි. වසරේ මාස 6 ක පමණ කාලයක් අපනයනය සඳහා මෙලෙස විසිතුරු මසුන් ඇල්ලීම සිදු කරනු ලැබේ. විශේෂයෙන්ම සැප්තැම්බර් මස මැද සිට මාර්තු මස දක්වා කාලයේ දී මෙලෙස විසිතුරු මසුන් අල්ලා අපනයනය කිරීම සිදු කරයි. ලංකාව පුරා ම 25000 ක පමණ පිරිසක් සාගරයේ විසිතුරු මසුන් අල්ලා අපනයන කිරීමේ කාර්යයේ නිරතව සිටී. යෝජිත වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියත් සම`ගම බටහිර සාගර තීරයේ විසිතුරු මසුන් ඇල්ලීමේ කර්මාන්තය ඇණහිටීමට ලක් වේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම කර්මාන්තයේ නිරත පිරිස් ඍජුව මෙම කර්මාන්තය කර ගත නොහැකිව අවතැන් වීම සිදුවන අතර තවත් පිරිසක් විකල්ප ප‍්‍රදේශවල විසිතුරු මසුන් ඇල්ලීමට යොමු විය හැකි ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස නොගැඹුරු සාගරයේ සුවිශේෂි පරිසර පද්ධතිවල ජීවත්වන විසිතුරු මසුන් අධික ප‍්‍රමාණයක් ස්වාභාවික පරිසයෙන් ඉවත් වීම සිදු වේ. ඊට හේතුව බටහිර වෙරළ තීරයේ රැකියාව අහිමි වන පිරිස් වෙනත් ප‍්‍රදේශවලට යොමුවීම හා එම ප‍්‍රදේශවල රැකියාවේ නිරත වන පිරිස් සමග තරගකාරීව විසිතුරු මසුන් ඇල්ලීමේ නිරතවන විට වැඩි ප‍්‍රමාණයකින් කෙටි කාලයක දී සාගරයෙන් විසිතුරු මසුන් ඉවත් වීම ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස වරාය නගර සංවර්ධන ව්‍යාපෘති ප‍්‍රදේශයෙන් පරිබාහිරව පිහිටන මුහුදු තීරයේ ස්වාභාවික පරිසර පද්ධති වලින් විසිතුරු මසුන් ඇල්ලීමේ ශීඝ‍්‍රතාවය ඉහළ යනු ඇත. ඉන් සිදුවනුයේ එම පරිසර පද්ධති අස්ථාවර වීම, විසිතුරු මසුන්ගේ ගහන ඝනත්වය අඩුවීම, එම සතුන් වද වීම හා සාගර ජෛව ප‍්‍රජාවගේ තුළිතතාවය බිඳ වැටීම ය.

වරාය නගරයෙන් ධීවර කර්මාන්තයට වන බලපෑම

2014 වසරේ සැප්තැම්බර් මස සිට 2015 වසරේ මාර්තු මස දක්වා මාස 06 පමණ කාලයක් තුළ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ අතර එම කාලයේ දී උස්වැටකෙයියාව, තඹගල ප‍්‍රදේශයේ වැලි ලබාගැනීම හා එම වැලි වරාය නගරය සකස් කරන කොළඹ වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමේ ක‍්‍රියාවලියේ දී හානියට ලක් වු ධීවර බෝට්ටු හා ධීවර දැල්වල මුළු වටිනාකම රුපියල් ලක්‍ෂ 45 ක් පමණ වන බව ගණන් බලා තිබේ. ඊට අමතරව ධීවරයන් 10000 කට වැඩි ප‍්‍රමාණයකට ඍජුව ධීවර රැුකියාවේ නිරත වීම තහනම් කර තිබුනි. විශේෂයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන, වැලි ලබාගන්නා හා ප‍්‍රවාහනය කරන සමස්ත ප‍්‍රදේශයම ආරක්‍ෂක කලාපයක් ලෙස වෙන් කර තිබුනි. මේ නිසා ධීවර වෘත්තිකයින් දැඩි පීඩනයකට ලක්වීමක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වු පසුගිය කාලයේ දී සිදුවිය. නමුත් මෙම පරිසර බලපෑම් තක්සේරු වාර්තාව තුළ ඒ පිළිබඳව අවධානයට ලක් කිරීම හෝ ඒ පිළිබඳව දත්ත ඇතුළත් කර ඉදිරියේ දී සිදුවිය හැකි බලපෑම් හ`දුනාගැනීම හෝ සිදුකර නොමැත. අදාළ වාර්තාවේ සඳහන් වන ලෙස ව්‍යාපෘති ප‍්‍රදේශය තුළ ධීවරයින් 9000 ක් පමණ සිටින අතර මේ ව්‍යාපෘතියෙන් ඔවුන්ට සිදුවන හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 500 ක් වෙන් කර තිබේ. එම මුදල එක් ධීවරයෙක් සඳහා රුපියල් 55000 ක් වැනි ඉතා ම සුළු මුදලකි. මෙම ව්‍යාපෘතියේ මුලික ගොඩකිරීම් වසර 3 ක කාලයක් තුළ සිදුවන අතර එම කාලය තුළ දී ධීවරයින් සම්පූර්ණයෙන් ම අවතැන් වේ. ඊට අමතරව ව්‍යාපෘතියෙන් බටහිර මුහුදු තීරයට සිදුවන බලපෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න ශීඝ‍්‍රයෙන් පහළ බැසීම සිදුවේ. එය දීර්ඝකාලීන බලපෑමකි. එවන් තත්වයක් තුළ ඉතා සුළු වන්දි මුදලක් වෙන් කිරීම හා සිදුවිය හැකි හානිකර බලපෑම් නිසි පරිදි තක්සේරු නොකිරීම ප‍්‍රධාන ගැටලූවකි. මේ නිසා ප‍්‍රමාණවත් වන්දි මුදල් වෙන්කිරීම හෝ විකල්ප සඳහා යොමුවීමේ හැකියාව පිළිබඳව අවධානයට ලක් කිරීමක් වරාය නගරයට අදාළ වාර්තාවලින් සිදු කර නොමැත.

යෝජිත ව්‍යාපෘති ප‍්‍රදේශ තුළ හා පේ‍්‍රරක කලාපය තුළ මාදැල් ධීවර කර්මාන්තය, සුළුපන්න ධීවර කර්මාන්තය හා බහු දින යාත‍්‍රා මඟින් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් 15000 ක් පමණ සිටී. නමුත් ඒ අතුරින් 9000 ක් පමණ මෙම වාර්තාවේ බලපෑම් කණ්ඩායම ලෙස හ`දුනාගෙන තිබේ. ඊට අමතරව එම පන්න ක‍්‍රම අතුරින් මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඍජුව, කෙටිකාලීනව හා දීර්ඝකාලීනව බලපෑමට ලක් වන ධීවර කණ්ඩායම් නිසි පරිදි හ`දුනාගැනීම හා ඒ සඳහා විකල්ප ඉදිරිපත් කිරීමක් මෙම ව්‍යාපෘතියෙන් සිදු වී  නොමැත.

යෝජිත වරාය නගර ව්‍යාපෘතියේ වසර 3 ක ගොඩකිරීම් කාලය තුළ දී වැලි ලබාගන්නා, වැලි ප‍්‍රවාහනය කිරීම හා ගොඩකිරීම සිදුකරන සමස්ත මුහුදු තීරයම තහනම් කලාපයක් වේ. එම කලාපය තුළ ධීවර රැුකියාවේ නිරත වීම තහනම් වේ. ගොඩ කිරීම් සිදු කළ පසුව අවට ප‍්‍රදේශය තහනම් හා ආරක්‍ෂිත කලාපයක් බවට පත් වේ. මීට අමතර ව වැලි ලබාගැනීම හා ගොඩ කිරීම් හේතුවෙන් සිදුවන බලපෑම් මගින් මසුන් බෝ වන කලාප හා ජීවත් වන කලාප සම්පුර්ණයෙන් ම විනාශ වීමෙන් බටහිර මුහුදු තීරයේ විශාල කොටසක් ධීවරයින්ට අහිමි වේ. මේ නිසා ධීවරයින් විශාල ප‍්‍රමාණයක් අවතැන් වන අතර ඔවුන් ධීවර රැුකියාව සඳහා වෙනත් විකල්ප ප‍්‍රදේශවලට පිවිසීම ද සිදු විය හැකි ය. එමගින් බාහිර කලාපවල මත්ස්‍ය ගහනයේ පැවැත්මට දැඩි පීඩනයක් එල්ල වීම හා ධීවරයින් අතර අනවශ්‍ය ගැටුම් ඇති වීම ද සිදුවනු ඇත.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (උ) වගන්තියට අනුව නීත්‍යානුකූල රැුකියාවක නිරතවීමේ නිදහස ජනතාවට තිබිය යුතුය. එය මූලික අයිතිවාසිකමකි. එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් 1948 දෙසැම්බර් 10 වන දින සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනයට අනුව මානව අයිතිවාසිකම් නීතියෙන් ආරක්ෂා කළ යුතු අතර අයිතිවාසිකම් අහිමි කළ නොහැකි බව සඳහන් වේ. එසේ තිබිය දී වරාය නගර ව්‍යාපෘතිය හරහා විශාල ධීවර ජනතාවකගේ ජීවන වෘත්තිය සම්පූර්ණයෙන් ම අහිමි කිරීම සිදු කරති. එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ ද උල්ලංඝණය කිරීම සිදු වනු ඇත.

වරාය නගරයෙන් කොළඹ වරායට වන බලපෑම

වරාය නගරය සඳහා ගොඩ කිරීම් සිදු කිරීමෙන් අනතුරුව උතුරට හා දකුණට විහිදෙන දියවැල් රටාවේ වෙනස්වීම් හා වේගය වෙනස් වීමේ ප‍්‍රතිඵලයක් ලෙස දැනට සකස් කර ඇති කොළඹ වරාය රොන්මඩින් හා වැලි වලින් පිරීයාම වේගවත් වනු ඇත. විශේෂයෙන් ඉදිකිරීම් සිදුකෙරෙන වසර 3 ක කාලය තුළ දී ගොඩ කිරීම් සිදු කරන ප‍්‍රදේශයේ අධික ලෙස රොන්මඩ විසිරීම හා වැලි, දියවැල් ඔස්සේ ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම තත්ත්වය දරුණු ලෙස සිදු වනු ඇත. එය වරාය මෙහෙයුම් කටයුතුවලට හා රටේ ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපානු ලැබේ. නමුත් මේ පිළිබඳව අවධානයට ලක් කිරීමක් හෝ බලපෑම් තක්සේරුවක් වරාය නගර ව්‍යාපෘතියට අදාළ වාර්තාවලට එක් කර නොමැත.

¥පතක හැඩය නිර්ණය කරන ප‍්‍රධාන සාධකය වන්නේ දියවැල් රටාව හා රළ තරංග ගමන් කිරීමේ ස්වභාවයයි. එම ස්වාභාවික යාන්ත‍්‍රණයට යම් බලපෑමක් හෝ බාධකයක් ඇති වු විට රළ තරංග හා දියවැල් ගමන් කිරීමේ රටාව වෙනස් වන අතර ඒ මත වෙරළ ඛාදනය හා වෙරලාශ‍්‍රිත වැලි තැන්පත් වීම සිදුවේ. දැනට අප රට වටා වෙරළ කලාපයේ විවිධ ස්ථාන වල ඉදිකිරීම් හේතුවෙන් සිදු වී ඇති බලපෑම් විවිධ වේ. හික්කඩුව ධිවර වරායේ දියකඩනය සකස් කිරීම හේතුවෙන් හික්කඩුව ජාතික වනෝද්‍යානයේ කොරල් පර පරිසර පද්ධති වැලි තැන්පත් වෙමින් දැඩි ලෙස හානියට ලක් වෙමින් තිබේ. උණවටුන බොක්ක ආශ‍්‍රිතව සිදුවන මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා සකස් කළ මීටර් 300 ක් දිග හා මීටරයක් පමණ උස දියකඩනය හේතුවෙන් සමස්ත උණවටුන වෙරළ තීරයම මුහුදු ඛාදනයට ලක්වීම හා උණවටුන වෙරළ සම්පූර්ණයෙන් ම අහිමි වීම සිදු විය. මේ හේතුවෙන් උණවටුන වෙරළ තීරය හා බැඳී පැවති සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් ම බි`ද වැටින. එය හානිපූරණය කිරීම සඳහා අලූතින් වෙරළ තීරයේ වැලි පිරවීමට තවත් අමතර විශාල ධනස්කන්දයක් වැය කිරීමට සිදු විය.
කොළඹ වරාය සඳහා අලූතින් ඉදිකළ දියකඩනය හා වරාය බහාලූම් පද්ධතිය පුළුල් කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස දික් ඕවිට වරාය මේ වන විට ශීඝ‍්‍රයෙන් වැලි වලින් පිරීයමින් පවතී. මේ ඉදිකිරීම් සඳහා සිදු කළ කිසිදු අධ්‍යයනයක දී එමගින් ඇති විය හැකි අහිතකර බලපෑම් නිසි පරිදි තක්සේරු කිරීම සිදු වී නොතිබින. එහෙයින් යෝජිත වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඇති විය හැකි බලපෑම් නිසි පරිදි පුරෝකථනය විය යුතු ය. වී ඇති බවක් පෙනෙන්ට නොමැත. එම තත්ත්වයන් හ`දුනා ගැනීමට අවශ්‍ය උපායමාර්ග වලට යොමු නොවී මෙම ව්‍යාපෘතිය දේශපාලන උවමනාවන් මත පමණක් කි‍්‍රයාත්මක කිරීමෙන් සමස්ථ රටටම බලපෑම් එල්ලවේ.

යහපාලනයේ ප‍්‍රධාන අංගයක් වන්නේ සහභාගීත්ව ප‍්‍රවේෂයයි. වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම මෙම ව්‍යාපෘතියෙන් රටට වන බලපෑම් හා ප‍්‍රතිලාභ පිළිබඳව අවබෝධ කර ගැනීමට සියලූ පාර්ශවකරුවන් සදඟ එ් පිළිබඳව පුලූල් ලෙස සාකච්ඡුා කළ යුතුය. එසේ නැතහොත් යහපාලනය යන්න වචන වලට පමණක් සීමා නොකළ යුතුය. මේ නිසා අප වත්මන් රජයේ වරාය නගර ව්‍යාපෘතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින අගමැතිතුමන්, පාඨලී චම්පික රණවක අමාත්‍යතුමන් හා අර්ජුණ රණතුංග අමාත්‍යතුමන් ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින්නේ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රථම පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය වශයෙන් අප සමඟ විවෘත සංවාදයකට පැමිණෙන ලෙස ය.

සජීව චාමිකර
පරිසර සංරක්ෂණ භාරය