Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වරාය නගරය නතර කළ යුතුයි

රාය නගරය නතර කළ යුතුයි

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් පසුගියදා චීන සංචාරයේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට චීන රජයට ද පොරොන්දු විය. තවම මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී නොමැති තත්ත්වයක්‌ තුළ හා මෙම ව්‍යාපෘතියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග රැසක්‌ ගැනෙමින් තිබෙන අතරතුර එA සියල්ල පසෙකලා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් යහපාලනයේ තවත් අංගයක්‌ වන නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්‌ කර තිබේ. යහපාලන රජයකින් මෙවන් දෑ බලාපොරොත්තු වි නොහැකිය. 
පසුගිය රජය පැවති සමයේ දී එවකට විපක්‌ෂ නායක ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී හා මහජන රැස්‌වීම් වල දී පැහැදිලිවම සඳහන් කළේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නීති විරෝධී හා හානිකර ව්‍යාපෘතියක්‌ බවත් එහි දී සිදු වී ඇති ගණු දෙණු හා චීන සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුම් නීති විරෝධී වන බවත් ය. එපමණක්‌ නොව එක්‌සත් ජාතික පක්‌ෂ රජයක්‌ පිහිට වූ පසුව වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නතර කරන බව ද ඔහු පවසා සිටියේය. වර්තමානය වන විට අගමැති ධුරය හොඹවන්නේ එවකට විපක්‌ෂ නායකව සිටි රනිල් වික්‍රමසිංහ මහතාම ය. ඔවුන් බලයට පැමිණෙන විට සඳහන් කළේ රටේ යහපාලනය ස්‌ථාපිත කරන බවය. යහපාලනයේ ප්‍රධාන අංගයක්‌ වන්නේ වගවීම ය. රජයක්‌ හෝ දේශපාලකයෙක්‌ හෝ රාජ්‍ය නිලධාරියකු විසින් තමන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන්, තමන් ලබා දුන් අනුමැතියක්‌ සම්බන්ධයෙන් හෝ නිර්දේශ සම්බන්ධයෙන් පමණක්‌ නොව තමන් ගත් තීරණයක්‌ සම්බන්ධයෙන් ද වගකීම දැරීම වගවීම යි. වරාය නගර ව්‍යාපෘතිය වත්මන් රජය යටතේ දී ද ක්‍රියාත්මක කිරීමට දැඩි උත්සාහයක්‌ දැරීමෙන් පෙනී යන්නේ යහපාලනය යටතේ වගවීම යන්න වචනවලට පමණක්‌ සීමා වී ඇති බවය. යහපාලන සංකල්ප රටට ඉදිරිපත් කරමින් එAවා පිළිගනිමින් බලයට පැමිණි එක්‌සත් ජාතික පක්‌ෂය අද වන විට තමන් විසින් අතීතයේ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් වගවීමක්‌ සිදු නොවන බව පෙනෙන්නට තිබේ. විපක්‌ෂයේ සිටිය දී දැඩි ලෙස හෙලාදැකි ව්‍යාපෘතියක්‌ අද ඔවුන් විසින්ම තවදුරටත් වර්ධනය කර ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසීම හාස්‍යයට මෙන්ම පුදුමයට කරුණකි.

එපමණක්‌ නොව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමන් පසුගියදා චීන සංචාරයේ දී මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට චීන රජයට ද පොරොන්දු විය. තවම මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබා දී නොමැති තත්ත්වයක්‌ තුළ හා මෙම ව්‍යාපෘතියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග රැසක්‌ ගැනෙමින් තිබෙන අතරතුර එA සියල්ල පසෙකලා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් යහපාලනයේ තවත් අංගයක්‌ වන නීතියේ ආධිපත්‍යය අභියෝගයට ලක්‌ කර තිබේ. යහපාලන රජයකින් මෙවන් දෑ බලාපොරොත්තු වි නොහැකිය.

පසුගිය ජනාධිපතිවරනයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ මෛත්‍රි පාලනයක්‌ ස්‌ථාවර රටක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබුණේ ඔලුවෙන් සිට ගත් සංවර්ධනයේ ප්‍රමුඛතා දෙපයින් සිටවීමට කටයුතු කරන බවත් නාස්‌තිකාර ව්‍යාපෘති සියල්ල අත්හිටුවා රටේ ස්‌වාභාවික හා මානව සම්පත් මත පදනම් වූ සැබෑ තිරසර ආර්ථික සංවර්ධනයක්‌ ඉලක්‌ක කර ගත් වැඩපිළිවෙලක්‌ සකස්‌ කරන බවය. එපමණක්‌ නොව පරිසරයට හානි කර සංවර්ධන කටයුතු සඳහා අන්තනෝමතික ලෙස විදේශීය සමාගම් වලට ඉඩම් පැවරීම් අත්හිටුවීට කටයුතු කරන බව ද සඳහන් කර තිබිණ. නමුත් එA සියල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය හමුවේ වත්මන් පාලකයන් විසින් ම අභියෝගයට ලක්‌ කර ඇත.

පසුගිය මහ මැතිවරණ සමයේ එක්‌සත් ජාතික පක්‌ෂය ඉදිරිපත් කළ මාස 60 කින් අලුත් රටක්‌ හදන පංචවිධ ක්‍රියාවලිය ඇතුළත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ රටේ නගර නිර්මාණය කිරීම භූ විද්‍යා සැලසුමකට අනුව තීරණය කරනු ලබන බවය. නමුත් එA කිසිවක්‌ වරාය නගර ව්‍යාපෘතියට අදාළව ක්‍රියාත්මක වන බවක්‌ පෙනෙන්නට නැත.

පසුගිය රජය පැවති සමයේ යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පළමු පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් අනුමැතිය සඳහා වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද්දේ 2011 වසරේ දී ය. ඉතාම දුර්වල හා අසම්පූර්ණ වාර්තාවක්‌ ලෙස එය ඉදිරිපත් කර තිබුණි. නමුත් එම වාර්තාව 2011 ජුනි 11 වන දින සිට රජයේ වැඩකරන දින 30 කාලයක්‌ මහජන අදහස්‌ සඳහා විවෘත කරන ලදී. ඒ වාර්තාව සකස්‌ කර ඇත්තේ හෙක්‌ටයාර් 200 ක භූමියක්‌ මුහුද ගොඩකර ලබා ගැනීම සඳහා ය. පසුව 2012 වසරේ දී චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම මගින් ඉදිරිපත් කළ යෝජනාවලියට අනුව මුහුද ගොඩකර හෙක්‌ටයාර 233 ක භූමියක්‌ ලබා ගැනීමට යෝජනා විය. ඒ අනුව පළමු පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවට ඇමුණුම් වාර්තාවක්‌ සකස්‌ කර අදාළ සමාගම වෙනුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් නැවත වරක්‌ ව්‍යාපෘතිය අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව මහජන අදහස්‌ සඳහා විවෘත නොකර ඉතාම අසම්පූර්ණ පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාව සඳහා වගකීම් විරහිතව 2014 ඔක්‌තෝබර් 23 වන දින ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42 කින් සමන්විත අනුමැතියක්‌ ලබා දී තිබේ. එම අනුමැති ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට ප්‍රථම චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම 2014 සැප්තැම්බර් 16 වන දින සිට ගොඩකිරීම් කටයුතු ආරම්භ කෙරින. අනුමැතිය ලබා දීමට මසකට කළින් ගොඩකිරීම් කටයුතු නීති විරෝධිව මෙම සමාගම ආරම්භ කර ඇති අතර අනුමැතිය ලබාගත් ව්‍යාපෘති යෝජක ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවට මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම ය. මෙය කුමන නීතිමය පදනමක්‌ මත සිදු වූයේ ද යන්න ගැටළු සහිත ය. දැනට රටේ ක්‍රියාත්මක අන පනත් වලට අනුව නම් මෙය නීති විරෝධී ක්‍රියාවකි. පසුගිය රජය පැවති සමයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ක්‍රියාත්මක වීම ඇරැඹුණේ මෙලෙසය.

2014 වසරේ දී ඇරඹි මෙම ව්‍යාපෘතියේ ගිවිසුම්වල පවතින නීති විරෝධී තත්වයන් සැලකිල්ලට ගෙන 2015 මාර්තු 04 වන දින අමාත්‍ය මණ්‌ඩල තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය අත්හිටුවන ලදී. එය 2015 මාර්තු 06 වන දින වරාය, නාවුක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගම වෙත දන්වා තිබේ.

නමුත් මෙතෙක්‌ අදාළ ව්‍යාපෘතිය අනුමත කළ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාපෘති යෝජක ආයතන වන ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී ඇති කොන්දේසි සහිත අනුමැතිය තාවකාලිකව හෝ අවලංගු කළ බව නීත්‍යානුකූල ව්‍යාපෘති යෝජක ආයතනයට දන්වා නොමැත. ඒ වෙනුවට මතු සඳහන් අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ සමාගමට ඉදිකිරීම් කටයුතු නතර කරන ලෙසට දැනුම් දීම ද නීත්‍යනුකූල නොවන ක්‍රියාවකි. එමඟින් උත්සාහ දරා ඇත්තේ අදාළ සමාගම සමඟ ඇති කර ගත් නීති විරෝධී ගිවිසුම්වලට නීත්‍යානුකූලභාවයක්‌ ලබා දීම හා වත්මන් යහපාලන රජය තුළ ද එA ආකාරයෙන්ම මෙම ව්‍යාපෘතිය වර්ධනය කර ක්‍රියාත්මක කිරීමටය. එසේ වුවත් මෛත්‍රි පාලනයක්‌ ස්‌ථාවර රටක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත්තේ මෑත කාලයේ දී සිදු වූ මෙගා ව්‍යාපෘති සියල්ල නැවත ඇගයීමට ලක්‌ කර තාක්‌ෂණික වංචා වලට වගකිවයුත්තන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දෙන බවය. එසේ නම් කළ යුතු වන්නේ නීති විරෝධී හා දුර්වල වාර්තාවක්‌ සඳහා අනුමැතිය ලබා දුන් වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම හා ලබා දී ඇති අනුමැතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමය. නමුත් එවන් දෙයක්‌ සිදු නොවීම කණගාටුවට කරුණකි.

වරාය නගර ව්‍යාපෘතියේ සැබෑ අයිතිකරු කවරෙක්‌ ද?

එසේ තිබිය දී නැවත වරක්‌ පළමු පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවට අතිරේකයක්‌ නැතහොත් පරිපුරකයක්‌ එක්‌ කිරීම සඳහා 2015 දෙසැම්බර් මස අලුතින් පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාව වත්මන් රජය යටතේ ඉදිරිපත් කෙරින. එම වාර්තාව මහා නගර හා බස්‌නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් යෝජිත කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිපුරක පාරිසරික බලපෑම් තක්‌සේරු වාර්තාව ලෙස වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. 2015 දෙසැම්බර් මස 01 වන දින සිට 2016 ජනවාරි 13 වන දින දක්‌වා රජය වැඩ කරන දින 30 ක කාලයක්‌ මහජන අදහස්‌ සඳහා එම වාර්තාව වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් විවෘත කර තිබුණි. එහි දී මෙතෙක්‌ ඉතිහාසයේ යම් සංවර්ධන ව්‍යාපෘතියක්‌ සඳහා මහජනතාවගෙන් ලැබුණු වැඩිම ප්‍රතිවිරෝධතා ප්‍රමාණයක්‌ මෙම ව්‍යාපෘතියට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ සාගරය ගොඩකර ලබා ගැනීමට යෝජිත භූමියේ වපසරිය හෙක්‌ටයාර් 269 ක්‌ බව ය. එය ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාපෘති යෝජක ලෙස මහා නගර හා බස්‌නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය විසිනි. නමුත් පළමු වාර්තාව ඉදිරිපත් කළ හා අනුමැතිය ලබා ගත් ආයතනය වන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. වර්තමාන වාර්තාව ඉදිරිපත් කර ඇති අමාත්‍යාංශය යටතේ ශ්‍රි ලංකා වරාය අධිකාරිය ක්‍රියාත්මක නොවේ. එසේ තිබිය දී ඉදිකිරීම් කටයුතු හා ව්‍යාපෘති යෝජක ලෙස කටයුතු කරන්නේ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගමයි. මේ සියල්ල එකිනෙකට පරස්‌පර විරෝධී තත්ත්වයන් ය. ඉදිරිපත් කර ඇති වාර්තාව, අනුමැතීන් හා ව්‍යාපෘති යෝජක සමාගම අතර කිසිදු සම්බන්ධතාවයක්‌ හෝ නීත්‍යනුකූල ගිවිසුමක්‌ හෝ නීත්‍යනුකූල අවබෝධතා ගිවිසුමක්‌ හෝ නොමැත. එසේ තිබිය දී මෙම වාර්තාව පළමු වාර්තාවට පරිපුරකයක්‌ සේ ඉදිරිපත් කර තිබේ. එය වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉදිරිපත් කළ හා අනුමැතිය ලබාගත් වාර්තාවකට තවත් අමාත්‍යාංශයක්‌ මගින් ඉදිරිපත් කරන පරිපුරකයකි. එහි වගකීම පිළිබඳව හෝ නීත්‍යනුකූල ස්‌වභාවය පිළිබඳව හෝ මෙම වාර්තාවේ සඳහන් කර නොමැත.

එපමණක්‌ නොව ජාතික පාරිසරික පනතට අනුව හෝ වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව හෝ පරිපූරක පරිසර බලපෑම් තක්‌සේරු වාර්තා සඳහා මහජන අදහස්‌ විමසීමේ ක්‍රමවේදයක්‌ සඳහන් නොවේ. තව ද ව්‍යාපෘති වාර්තාවක්‌ ඉදිරිපත් කර එක්‌ ව්‍යාපෘති යෝජක ආයතනයක්‌ මගින් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එම වාර්තාවට අතිරේක නැතහොත් පරිපූරක එක්‌ කර තවත් ව්‍යාපෘති යෝජක ආයතනයකට අනුමැතිය ලබා ගැනීමේ ක්‍රමවේදයක්‌ පිළිබඳ උක්‌ත අණ පනත්වල සඳහන් කර නොමැත. එම පනත්වලට අනුව යම් ව්‍යාපෘතියක්‌ සඳහා නීත්‍යනුකූල හා තාක්‍ෂණිකව පිළිගත හැකි පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ ඉදිරිපත් කළ විට ඒ සඳහා කොන්දේසි සහිත අනුමැතියක්‌ ලබාදීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම හා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී. ඒ ක්‍රියාවලියෙන් පරිබාහිරව පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සඳහා වරින් වර අතිරේක නැතහොත් පරිපූරක එක්‌ කිරීම, පරිපූරක වාර්තා සඳහා මහජන අදහස්‌ විමසීම, ව්‍යාපෘති යෝජක ආයතන දෙකකට අනුමැතිය ලබාදීම, ලබාගත් අනුමැතිය වෙනත් සමාගමකට පැවරීම, ලබාගත් අනුමැතිය බලාත්මකව පවතිද්දී වෙනත් ආයතනයක්‌ මගින් අතිරේක එක්‌කිරීම් කළ වාර්තාවක්‌ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම වැනි පියවරයන් උක්‌ත අණ පනත්වල සඳහන් නොවේ. එA සියල්ල නීති විරෝධී වේ. මෛත්‍රි පාලනයක්‌ ස්‌ථාවර රටක්‌ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේ දීම පාරිසරික බලපෑම් පිළිබඳ මූලික ඇගයීමක්‌ අනිවාර්යය කිරීමට කටයුතු කරන බවය. එය වචනවලට පමණක්‌ සීමා නොකර එA අයුරින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබුණි. යම් ව්‍යාපෘතියක්‌ සැලසුම් අදියරේ දීම පරිසර බලපෑම් තක්‌සේරු වාර්තාවක්‌ සකස්‌ කිරීමේ වැදගත්කම වන්නේ එම ව්‍යාපෘතිය තිරසර ව්‍යාපෘතියන් ලෙස ක්‍රියාත්මක කළ හැකි ද යන්න තීරණය කිරීමේ අවස්‌ථාව ඉන් උදාවන නිසා ය. නමුත් දිගින් දිගටම පාරිසරික අනපනත් උල්ලංඝනය කරමින්, ප්‍රතිපත්ති ප්‍රකාශන පසෙක තබමින් වත්මන් රජය ද අන්තනෝමතික ලෙස කටයුතු කරන ස්‌වභාවයක්‌ පෙනෙන්නට තිබේ.

දිවයින 15.03.2016
සජීව චාමිකර
පරිසර සංරක්‌ෂණ භාරය