Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

8400 Million worth of Income losses per year due to Indian Trawling invasion

ඉන්දීය ධීවරයෝ වසරකට මෙරට
කෝටි 840 ක ආදායමක්‌ ගිලිති


චමින්ද සිල්වා (DIVAINA)

ඉන්දියානු ධීවරයන් නීති විරෝධී ලෙස මෙරටට ඇතුළුවී ධීවර කටයුතු කිරීම හේතුවෙන් වසරකට මෙරටට කෝටි 840 ක ආදායමක්‌ අහිමිවන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා "දිවයින"ට පැවසීය.

වසරකට තමිල්නාඩු ධීවරයන් හතළිස්‌ දහසකට අධික පිරිසක්‌ නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් ධීවර කටයුතුවල නියෑලෙන බවද හෙතෙම කීය.

මෙම හේතුව නිසා මින් ඉදිරියට අත්අඩංගුවට පත්වන ඉන්දීය ධීවරයන්ගේ බෝට්‌ටු ආම්පන්න රාජසන්තක කරන බවද ඇමැතිවරයා පැවසීය.

ඉන්දීය ධීවරයන්ගේ මෙම නීති විරෝධී කියා කලාපය නිසා ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවර පවුල් 50,000 කට (පනස්‌ දහසකට) පමණ විශාල අසාධාරණයක්‌ සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවැත්වූ ද්විපාර්ශවීය සාකච්ඡාවලදී මීට විසඳුමක්‌ ගෙන ඒම සඳහා පුළුල් සාකච්ඡා පවත්වා ඇතැයිද ධීවර ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


Fisheries Minister Mr.Mahinda Amaraweera has reviled that the Indian trawling invation costs 8400million rupees per year and about 40,000 fishermen from Tamilnadu entering to the EEZ of Sri Lanka for 12 month. In future, boats and equipment will be confiscated of Indian fishers who will be taken into custody.   
Due to this Indian invasion, around 50,000 of SL northern fisher families have been affected.  
During the SL Presidents' visit to India, he will discuss on the matter with the Prim minister of India to find a long term solution for the issue.