Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යහපාලකවරුනි ! 30ට කලින් අපි කොහේ යන්නද ?



"යහපාලන ආණ්ඩුවේ යහපාලකවරුනි 30ට කලින් අපි කොහෙ යන්නද ? අපි මොකටද එහෙම යන්නේ ? එතකොට කෝ ඔහේලා සම්මත කරගත්ත කැබිනට් තීන්දුව, අධිකරණයෙන් අපිට දුන්න නියෝගය ?? තමුන්නැහැලැ කියපු ඔක්කොම බේගල්වලට කන්දුන්න අපි පිස්සොද ? නැතිනම් රට කරවන ඔහේලා පිස්සොද අධිකරණයටත් , ප්රජාතන්ත්රවාදයටත් පිටුපාලා අපේ ජීවත්වීමේ අයිතිය අහිමි කරන්නට සැළසුම් කොරන්නේ ?"යැයි කළු කොඩි ඔසවාගෙන, මෛත්රි පාලනය ප්රශ්න කරන හා ඊට අභියෝගකරන සටන් පාඨ පුවරු අතදරා සිටි පානම ගැහුණු මිනිස්සු ජුනි 21 වෙනිදා පානම-ලාහුගල ප්රධාන පාරේ සිට විරෝධතාවක් පැවැත්විය. 


 
"මැරයින්" පන්නා "මෛත්රිවරුන්" පත්කර ගත්තේ යළිත් මැර රෙගුලාසිවලට යටත් වෙන්නට නොවන වගත් , මැරවරවරුන් සිදුකළ අධම ක්රියා දුෂ්ට ක්රියා නැති යහපත් නිදහස් සාමකාමි සමාජයක් තුළ යහතින් ජීවත නැවත ආරම්භකරන්නට පමණක් බවත් ඒ අයිතිය තමන්ට හිමිවිය යුතු බවත් ඔව්හු පුන පුනා කෑගසමින් ප්රකාශ කළෝය. 


"අපි ඉන්නේ අපිට අයත් ඉඩම්වල මිසක් අනුන්ට අයත් ඉඩම්වල නොවෙයි" යැයි ප්රකාශකරන ඔවුන් මෙපමණ කාලයක් තිස්සේ තමන් විසින්ම පත්කරගත්ත යහපාලන ආණ්ඩුව සමඟ සුහද ශීලිව ගනුදෙණු කළ බවත් ඔවුන් ප්රකාශකළ හැම ප්රකාශක්ම ඉවසීමෙන් දරාගෙන ඉදිරියට පැමිණි බවත් මින් ඉදිරියට එවැනි යහපාලන මුසාවන්ට හසුනොවන්නට වගබලා ගන්නා බවත් ගම්මුන් සපත කළෝය. 



ජුනි 30 වෙනිදාට පෙර ඒ කියන්නේ මේ මාසේ 30 වෙනිදාට පෙර, අද සිට තවත් දවස් 09ක් ගෙවීයන්නට මත්තෙන් දැනට තාවකාලික පැල්කොට තනාගෙන සිටින එහෙත් තමන්ට අයත් මුල් ගම්බිම් වලින් ඉවත් ව යන ලෙසට ලාහුගල ප්රාදේශිය ලේකම් එල් ඒ සෝමරත්න විසින් ආණ්ඩුවේ නියෝගයක් නිකුත්කර තිබිණි. 

එහෙත්, "මේවා අපේ පාරම්පරික ඉඩම්. අපි ඉපැදුනෙත් ජීවත් වුනෙත් මේ ඉඩම්වල. අපේ අතේ පයේ හය්යෙන් වගාකරගෙන හොඳට ජීවත් වෙච්ච මිනිස්සු. මහින්ද රාජපක්ෂගේ නාමල් රාජපක්ෂගේ මැරයෝ අපිට ගහල වධහිංසා කරලා අපේ ගෙවල් ගිනි තියලා තනිකර යුධපිටියක් බවට අපේ ගම් පත්කරලා අල්ල ගත්තේ අපේ ඉඩම්. ඒ ඉඩම් අපේ වුණාම අපිට කොහෙද යන්න කියන්නේ ? අපි මොකටද එහෙම යන්නේ ? කැබිනට් අනුමැතියකුත් තිබෙනවානම්, අධිකරණ නියෝගයකුත් තිබෙනවානම් තවත් මොන අනුමැතියක් ද  ඕනේයි කියන්නේ ? දැන් ඉතිං අපේ ඉවසීමේ සීමාව පැනගෙනයි යන්නේ?" කෙසේවෙතත් අපේ ඉඩම් අයිතිය අපිට හරියාකාරව ලබාදෙන තුරු අපේ සටන අපි අතහරින්නේ නැහැ." යැයි ප්රකාශ කළේ පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු පුංචිරාල සෝමසිරි මෙන්ම ඉඩම් ලබාගැනීමේ සටන් පෙරමුණේ සිටින පානම දිරිය ගැමියෝ ය.  



රාජපක්ෂවරුන්ගේ මැරබලයෙන් පානම ගම් ගිනි තබා, වැසියන්ට වධහිංසාකර පන්නා දැමුවේ 2010 වසරේ ජුලි මස 17 වෙනිදා ය. එතැන්පටන් ඔවුන් අවතැන් ය.

තමන්ට මුහුණ දෙන්නට සිදුවුයේ දැඩි අසාධාරණයකට යැයි එකාමෙන් සිතු ඔවුහු , පානම්පත්තුව සුරැකීමේ සංවිධානය ලෙසට සංවිධානයක් ද ගොඩනගා ගනිමින් , එතැන් සිට සිවිල් සංවිධානවල සහය ලබාගනිමින් රාජ්ය බලය විසින් කොල්ලකාගත් තමන්ගේ ඉඩම් නැවත ලබාගැනිම සඳහා සටනක් දියත් කළේය. 

2010 ආරම්භකල නොනවතුණු සටනක ප්රතිඵලය වුයේ 2015 පෙරවාරි මස 11 වන දා යහපාලන ආණ්ඩුව විසින් කැබිනට් පත්රයක් නිකුත් කරමින් පානම වැසියන්ගේ ඉඩම් යළි ලබාදෙන බව දන්වා සිටිමය. එහෙත් එම කැබිනට් පත්රකාව නිවේදනයක් ම පමණක් බවට පත්වෙමින් මිනිසුන් හට දිගින් දිගටම සටනෙහි නිරත වෙන්නට සිදුවිය.

 

කැබිනට් අනුමැතිය ලැබී වසරක් ද ගෙවී ගොස් 2016 මාර්තු මස 26 වෙනිදා තෙක් ඉවසා සිටිය ද එය පාර්ලිමේන්තුවට පමණක් සීමා වී තිබීම හේතුවෙන් ගම්මුන් කිසිදු නියෝගයක් සැළකිල්ලට නොගනිමින් සිය ගම්බිම්වලට බලහත්කාරයෙන් ඇතුලූ වී තම තමන්ගේ භූමිභාගයන් හී තාවකාලික වාඩි ගසා ගන්නට විය.  එහිදි යළිත්වරක් සම්ප්රාප්ත වුණු ප්රා ලේ ලිඛිතව දන්වා සිටියේ එළඹෙන අපි්රයෙල් 10 වෙනිදාට පෙර තම තමන්ගේ මුල් ගම්බ්ම්වල පදිංචි වීමට අවසර ලබාදෙන බවත් මෙසේ බලහත්කාරයෙන් ගම්වලට නොපිවිසෙන ලෙසත් ය. මෙහිදී ද ප්රා ලේ ගේ වචන විශ්වාස කළ අසරණ ගම්මුන් නැවතත් අඩියක් ආපස්සට ගනුලැබුවේ යහපාලන වචන කෙරෙහි සිය විශ්වාසය පුර්ණ වශයෙන්ම තබමිනි.  

එහෙත් ඒ අප්රියෙල් 10 වෙනිදා දිනය ද තාම පැමිණියේ නැත. එැබැවින් කිසිදු දැනුම්දීමකින් තොරව ඔවුන් යළි යළිත් තමන්ගේ ගම්වලට පිවිස තමන්ට අයත් භූමියේ තාවකාලික වාඩි ගසාගත්තේ යළි නොයන අධිෂ්ඨානයෙනි. 


පී. එම්. බණ්ඩාර
කිසිදු අවස්ථාවක අත් නොහල ඒ සාමකාමි අවිහිංසක සටන් ව්යාපාරයට, ජුනි මස 21 වෙනිදා දේව කන්නලව්වක් ද එක්කර ගැණුනි. 

"අපට කෙනෙහිලකම් කරන, යුක්ති සාධාරණය වෙනුවට අයුක්තිය හා අසාධාරණය ක්රියාත්මක කරවන සියලූම අයවලූන්ගේ හිත් හැරේවා! " යි මතුරමින් සියල්ලෝම පානම පත්තිනි අම්මාන් කෝවිලේ දී පොල් ගසා යාතිකා කළෝය.  


ඡායාරූපය  -  නාලක රොසයිරෝ - නැෆ්සෝ 

ජාතික ධිවර සහයෝගිතාවය , ප්රජා අභිලාෂි ජාලය, ඉඩම් හා කෘෂි ප්රතිසංස්කරණ ආයතනය වන මොන්ලාර් ව්යාපාරය, ඉඩම් අයිතිය සුරැකිම සඳහා වන ජනතා ව්යාපාරය වන පාර්ල් , පරිසර සංරක්ෂණ භාරය, සහා ශ්රි ලංකා සොබා සාමුහිකය යනාදි සිවිල් සංවිධාන රාශියක් විසින් සහය ලබාදෙමින් මෙදින පැවැත්වු දේව කන්නලව්වට හා උද්ඝෝෂණයට මෙම සංවිධාන හා සම්බන්ධ දිවයිනේ සියලූ දිස්ත්රික්ක නියෝජනය කරමින් ක්රියාධරයින් සහභාගි වුහ. 

"කෙසේවෙතත් අපේ ඉඩම් අයිතිය අපිට හරියාකාරව ලබාදෙන තුරු අපේ සටන අපි අතහරින්නේ නැහැ. මොන තර්ජන ගර්ජන ආවත් අපිට වෙච්ච අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා අපි දිගටම සටන් කරනවා."  යැයි දැඩි අධිශ්ඨානයෙන් යුතුව පානම්පත්තුව සුරැකීමේ සංවිධානයේ පිරිස ප්රකාශ කළෝය.  

සටහන  හා ඡායාරූප  -   මෙලනි මානෙල් පෙරේරා(www.aithiya.lk)