Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පානම ඉඩම් දයා ගමගේ කොල්ලකයි

පසුගිය රජය පැවති සමයේ දී පානම වැසියන් බලහත්කාරයෙන් ඉවත් කර නීති විරෝධීව අත්පත් කර ගත් ඉඩම් නැවත ලබා දෙන මුවාවෙන් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් එම ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට සූදානම් වේ. 
ඒ සඳහා පළමු පියවර වශයෙන් අවතැන් වූ ජනතාව අලි මංකඩක පදිංචි කිරීමට අමාත්‍යවරයා විසින් පසුගිය 11 වන දා මුල්ගල තැඹින. මෙම මුල්ගල තැඹුනේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රදැල්ල වනාන්තරයේ නාවුල්ල වැව ආශ්‍රිතව ය. වනාන්තර අක්කර 150 ක් එළිපෙහෙළි කර නිවාස 300 ක් තැනීම සඳහා මෙම මුල්ගල තැඹීම සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය. අවතැන් වූ ජනතාව අලි මංකඩක පදිංචි කර එම ජනතාවගේ ඉඩම් තම ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනීමට තරම් මෙම අමාත්‍යවරයා නින්දිත ලෙස කටයුතු කිරීමෙන් පෙනී යන්නේ වත්මන් රජයේ අමාත්‍යවරුන්ගේ සැබෑ නිරුවතයි. 

නැවත විනාශයකට මුල්ගල තබමින්..
නැවත විනාශයකට මුල්ගල තබමින්..

එපමණක් නොව පානම ජනතාව වෙනත් ප්‍රදේශයක පදිංචි කිරීම හෝ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් හෝටල් ව්‍යාපෘතියක් සඳහා භාවිතා කිරීමට කිසිදු අයිතියක් දයා ගමගේ මහතාට නොමැත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ වනාන්තර ඉඩමක ජනතාව පදිංචි කිරීම සඳහා තීන්දු තීරණ ගැනීමේ අයිතියක් ද ගමගේ අමාත්‍යවරයාට නැත. ඔහු සිදු කර ඇත්තේ තම අමාත්‍යධූරයේ බලය අයුතු ලෙස භාවිතා කිරීමකි. 
වන සංරක්ෂණ ආඥ පනත යටතේ පාලනය වන වනාන්තරයක ජනාවාස පිහිටුවීම සඳහා මුල්ගල තැඹීම නීති විරෝධී ක්‍රියාවක් වන අතරම මෙම නිවාස ව්‍යාපෘතිය දයා ගමගේ අමාත්‍යතුමන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන්නේ ලංකාවේ ක්‍රියාත්මක අණ පනත් ගණනාවක් උල්ලංඝනය කරමිනි.
2009 අංක 65 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 06 දරණ වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක් එළි පෙහෙළ කිරීම, ශාක කපා ඉවත් කිරීම, මාර්ග සකස් කිරීම, ස්ථීර හෝ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම, ඒවායේ පදිංචි වීම, වගා බිම් ස්ථාපිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එවන් නීති විරෝධි ක්‍රියාවල නිරතව සිටින පුද්ගලයෙකු පමණක් නොව ඒ ස`දහා අධාර හෝ අනුබල ලබාදෙන පුද්ගලයෙකු ද වරදකරුවකු වේ. එවන් ක්‍රියාවක නිරතවන පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ හැකි අතර එහි දී වරද කරුවකු කරණු ලැබූ විට වසර 2 ක් නොයික්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමක් හෝ රුපියල් 5000 ත් 50000 ත් අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. ඊට අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානිය ස`දහා අධිකරණය ම`ගින් නියම කරණ දඩයකට ද යටත් කළ හැකි ය. 
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරයක අලූතින් ජනාවාස පිහිටුවීම සඳහා මුල්ගල් තබමින්, වනාන්තරය මැනීම් කර එළිපෙහෙළි කිරීමට සැරසෙන දයා ගමගේ මහතාට එරෙහිව මෙම නීතියට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ කි‍්‍රයාමාර්ග නොගන්නේ කුමන හේතුවක් නිසා ද යන්න ගැටළුවකි. මින් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍යය දයා ගමගේ අමාත්‍යතුමන්ට යට වී ඇති බව ය. 
1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතේ 23ප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර එකකට වඩා වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි පෙහෙළි කර යම් සංවර්ධන ව්‍යපෘතියක් සඳහා යොදා ගැනීමට ප්‍රථමයෙන් හෝ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක් එක වර පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. එවන් කිසිදු අනුමැතියකින් තොරව නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැඹීමට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් මධ්‍යම පරිසර අධිකාරියට ඇත. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය ද තවම නිහඬය. 
1940 අංක 09 දරණ සංශෝධිත පුරාවස්තු ආඥා පනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව ප‍්‍රකාශිත 2000 ඔක්තෝම්බර් 04 වන දින අංක 1152/14 දරණ ගැසට් නිවේදනයට අනුව පවුල් නැවත පදිංචි කිරීමට ප‍්‍රථම, හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප‍්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප‍්‍රථම හා පදිංචිය ස`දහා නිවාස සංකීර්ණ ඉදිකිරීමට ප‍්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ ස`දහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් එවන් අනුමැතියකින් තොරව පානම නිවාස ව්‍යාපෘතිය සඳහා දයා ගමගේ අමාත්‍යතුමන් තම අභිමතය පරිදි මුල්ගල තබා ඇති නමුත් ඊට එරෙහිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද මේ වන තුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. 
මෙවර ජනාධිපතිවරණයේ දී ”මෛති‍්‍ර පාලනයක් ස්ථාවර රටක්” මැයෙන් ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සොබා දහම රැක ගැනීම කොටසෙහි සඳහන් වන්නේ සංවර්ධන වැඩසටහන් වල සංකල්පිත අවධියේ දීම පාරිසරික බලපෑම් ඇගයීම අනිවාර්යය කරන බව යි. නමුත් පානම නිවාස ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට මුල්ගල තැඹීමට ප‍්‍රථමයෙන් කිසිදු ආකාරයක පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර නොමැත. මින් පෙනී යන්නේ ජනාධිපතිවරණයට ප‍්‍රථම ජනතාවට ඉදිරිපත් කළ වත්මන් ජනාධිපතිතුමන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එ් ආකාරයෙන් කි‍්‍රයාත්මක නොකර ජනතාව මුලා කිරීමට පමණක් භාවිතා කළ ලේඛනයක් බවට පත්වී ඇති බව ය. 
මෙවර මහ මැතිවරණයේ දී වත්මන් රාජ්‍ය බලය හිමි එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ ”මාස 60 කින් අලූත් රටක් හදන පංච විධ කි‍්‍රයාවලියට” අනුව අලි – මිනිස් ගැටුම පාලනයට කි‍්‍රයාමාර්ග ගන්නා බව සඳහන් කර ඇත. නමුත් පානම නිවාස ව්‍යාපෘතිය හරහා සැලැසුම් කරන්නේ අලි – මිනිස් ගැටුම තවදුරටත් වර්ධනය කිරීමකි. 

ඡායාරූප - දුෂාන්ත කුමාර, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ඡායාරූප – දුෂාන්ත කුමාර, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන වල කුමන සාධනීය කරුණු ඇතුළත් වුව ද කි‍්‍රයාත්මක යාන්ත‍්‍රනය තුළ දී එ් සියල්ල නොතකා හැරීම රටක විනාශයට හේතු වේ. මින් සිදු වන්නේ ජනතාව මුලා කිරීම පමණක් නොවේ. එ් හරහා රටේ ස්වාභාවික සම්පත්, අනාගත පරපුර ඇතුළු සමස්ථය බිඳ වැටීමට ලක් වීම ය. තාවකාලිකව බලයට පත් වන රජයක මැති ඇමතිවරුන්ට තම අභිමතය පරිදි මෙවන් විනාශ සිදු කිරීමට කිසිදු අයිතියක් නොමැත. 
රටේ කි‍්‍රයාත්මක අණ පනත් උල්ලංඝනය කිරීම පමණක් නොව පෙබරවාරි මස කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද උල්ලංඝනය කරමින් මෙම නිවාස ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට හා පානම ජනතාවගේ ඉඩම් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියකට යොදා ගැනීමට දයා ගමගේ අමාත්‍යවරයාට හැකියාව ලැබී ඇත්තේ කුමන බලවේගයක් මත ද යන්න ගැටළුවකි. 
යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව සඳහන් කරමින් දයා ගමගේ වැනි යහපාලනයේ නියමුවන් උත්සාහ දරන්නේ සූක්ෂමව ජනතාවගේ ඉඩම් කොල්ලකමින් තම ව්‍යාපාර තර කර ගැනීමට ය. මෙවන් කි‍්‍රයා දෙස මෛති‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමන් හා රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමන් නිහඬව බලා සිටීමෙන් අපට පෙනෙන්නේ ජාවාරම්කරුවන්ට රිසිසේ කටයුතු කිරීමට ඉඩ දී ඔවුන් ද මුණිවත රකින බවය. 
නමුත් රටේ ජනතාව බලාපොරොත්තු වූයේ නැවත වරක් මෙවැනි තත්ත්වයකට රට පරිවර්තනය වීමක් නම් නොවේ. බලය ලබා ගත් දයා ගමගේ වැනි අමාත්‍යවරුන්ට අමතක වී ඇත්තේ ඔවුන් වර්තමානයේ පරිවර්තනය වෙමින් සිටින ආකාරයෙන් ම අප රට තුළ හැසුරුණු, රටේ සම්පත් කොල්ල කෑමේ යෙදුණු පිරිසක් ජනතාව විසින් පලවාහැර වත්මන් රජය බලයට පත් කළ බව ය. තවදුරටත් යහපාලන රජය ද මේ ආකාරයෙන් ජනතාව පීඩනයට ලක් කරමින් කටයුතු කිරීමට සූදානම් වුවහොත් කෙටි කලකින් ම මෙම රජයේ ඉරණම ද තීන්දු වනු ඇත.
පානම ප‍්‍රදේශයේ ජනතාවට අයත් ඉඩම් නැවත වරක් බලහත්කාරයෙන් දයා ගමගේ මහතා අත්පත් කර ගැනීමට සැරසෙන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 372 වෙනි වගන්තිය උල්ලංඝනය කරමිනි. එම වගන්තියට අනුව යම් දේපලක් යම් තැනැත්තෙකුට පාඩු සිදු කරමින් හෝ බියකර ලබා ගැනීම බලෙන් ලබා ගැනීමකි. එවන් කි‍්‍රයාවක නිරත වූ පුද්ගලයෙකු අවුරුදු 3 ක් දක්වා කාලයක බන්ධනාගාර ගත කිරීමකට හෝ දඩයකට හෝ මේ දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය. 
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් යටතේ දැක්වෙන 14 වන වගන්තියට අනුව නිත්‍යානුකූල රැුකියාවක, වෘත්තියක, කර්මාන්තයක නිරතවීමේ නිදහස හා ශී‍්‍ර ලංකාව තුළ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස ජනතාවට තිබිය යුතු ය. පසුගිය රජය පැවති සමයේ එසේ අහිමි කළ නිදහස පසුගිය වසරේ දී ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ මැදිහත්වීම මත 2015.02.11 වන දින කැබිනට් මණ්ඩලය විසින් තීරණය කෙරුනේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්කර 25 ක් හැර ඉතිරි භූමිය පානම ජනතාවට ලබා දීමට පියවර ගත යුතු බව ය. නමුත් මෙය සැබෑ තීරණයක් ද? එසේ නැතිනම් ජනතාව මුලා කිරීමක් ද? යන්න පැහැදිලි වන්නේ වර්තමාන කි‍්‍රයාකාරීත්වයත් සමඟ ය. 
කැබිනට් තීරණයට ප‍්‍රථම පානම පත්තුව සුරැකීමේ සංවිධානය විසින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට HRC/AM/105/10/B/OT අංක යටතේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ල මීට වසර කිහිපයකට පෙර විභාග කළ මානව හිමිකම් කොමිෂම පානම ජනතාවට ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත්වීමේ අයිතිය තහවුරු කර දියයුතු බව නිර්දේශ කර ඇත.
මානව හිමිකම් කොමිෂමේ නිර්දේශ, කැබිනට් මණ්ඩල තීරණ හා රටේ කි‍්‍රයාත්මක අණ පනත් උල්ලංඝනය කරමින් දයා ගමගේ අමාත්‍යතුමාට රිසිසේ පානම ජනතාවගේ ඉරණම තීරණය කළ හැකි වන්නේ කුමන පදනමක් මත ද යන්න අපට නොවැටහේ. 
මේ වන විට නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් පොදුවේ පානම ලෙස හැදින්වෙන ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය යන ගම්මාන වල ජීවත් වූ ජනතාව ගේ ජනාවාස, වගා බිම්, විහාරස්ථාන සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කලපු හා වෙරළ තීරය ඇතුළු ව අක්කර 1220 ක භූමියක් අත්පත් කර ගෙන තිබේ. එ් අනුව ශාස්ත‍්‍රවෙල හා රාගම්වෙල ප‍්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාව සහ එගොඩයාය, හොරේකන්ද හා උල්පස්සයාය ප‍්‍රදේශයේ ඉඩම් නාවික හමුදාව භාරයේ පවතී. මේ ප‍්‍රදේශවල ජනාවාස හා වගා බිම් අක්කර 480 ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර අක්කර 840 ක් මෙලෙස නාවික හමුදාව හා ගුවන් හමුදාව විසින් බලහත්කාරයෙන් රදවාගෙන සිටී. පසුගිය රජයේ ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ මෙහෙයවීම මත නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් මෙම ඉඩම් අත්පත් කර ගැනින. එසේ අත්පත් කර ගැනුනේ ලංකාවට පැමිණෙන විදේශීය නායකයින්ට හා ප‍්‍රභූවරුන්ට විවේකය ගත කළ හැකි නිවාඩු නිකේතනයක් ගොඩනැගීමට ය.
නමුත් මේ තත්ත්වය වසං කරමින් ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යැයි පවසමින් පානම ඉඩම් අත්පත් කර ගැනීමට නීත්‍යානුකූල මුහුණුවරක් ලබා දීමට පසුගිය රජය උත්සාහ ගැනින. එ් අනුව ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් එල්. එ්. සෝමරත්න මහතා විසින් 2013.05.14 වන දින රජයේ දෙපාර්තමේන්තු වලට ඉඩම් ලබා දීමේ ලේඛනය භාවිතා කර ජනාධිපති කාර්යාලයේ බලයලත් නිලධාරී ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂ විජේවර්ධන මහතාට ලාහුගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශාස්ත‍්‍රවෙල ග‍්‍රාම නිලධාරී වසමේ හෙක්ටයාර 66.1116 ක් නැතහොත් අක්කර 164 ක භූමියක් නීති විරෝධීව පැවරීම සිදු කෙරින. මෙම නීති විරෝධී කි‍්‍රයාවන්ට එරෙහිව හඬක් නොනැගූ දයා ගමගේ අමාත්‍යවරයා එම ඉඩම් සූක්ෂමව හෝටල් ව්‍යාපෘතියකට ලබා ගැනීමට සැලැසුම් සකස් කිරීම නින්දිත කි‍්‍රයාවකි.
පසුගිය රජයෙන් සිදු කළ, වත්මන් රජයෙන් අඛණ්ඩව පවත්වාගෙන යන මේ අමානුෂික ඉඩම් කොල්ලය හමුවේ පානම ජීවත් වෙමින් වගා කටයුතු වල හා ධීවර කටයුතු වල නිරත පවුල් 350 ක් පමණ වසර හයක කාලයක් තිස්සේ අවතැන් ව සිටී. කුඹුරු ගොවිතැන හා හේන් ගොවිතැන මෙන්ම ධීවර කර්මාන්තය මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් උත්පාදන මාර්ග විය. ඒ සියල්ල මේ වන විට අහිමි වී ඇත.
එපමණක් නොව මෙම වනාන්තර ප‍්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව හා ගුවන් හමුදාව විදුලි වැටවල් ඉදි කිරීම හේතුවෙන් මෙම ප‍්‍රදේශයේ ජීවත් වූ හා මේ හරහා සංක‍්‍රමණය වන අලි – ඇතුන්ට තම වාසභූමි අහිමිව ඇත. 
මේ නිසා අප වත්මන් රජයෙන් ඉල්ලා සිටින්නේ පානම ජනතාවට අයිති සියලූ ඉඩම් ඔවුන් වෙත ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් සියලූ ජීවීන්ට ද නිදහසේ භුක්ති විඳීමට නැවත ලබා දෙන ලෙස ය.
Sajeewa Chamikara
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය





Related  NAFSO Video