Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පෝට් සිටි ව්‍යාපෘතියෙන් සිදුවන බලපෑම සම්බන්ධයෙන් සිදු කළ මාධ්‍ය හමුව සහ තොරතුරු ගවේෂණ වාර්තාව එළිදැක්වීම

බසියාවත්ත, සරක්කුව, වෙරළ කන්ද සහ අලූක්කූරුව ආදිය ප‍්‍රදේශවල පෝට් සිටි ව්‍යාපෘතිය ඉදි කිරීම ස`දහා විශාල වශයෙන් වැලි ගැනීම හේතුකොටගෙන මුහුදු ඛාදනයක් දැනට සිදු වෙමින් පවති. මේ ප‍්‍රදේශවල ජනතාව මේ නිසා මහත් දුෂ්කරතාවලට මෙන් ම අපහසුතාවයන්ට ද මුහුණ දෙමින් සිටි. පෝට් සිටි ව්‍යාපෘතිට ඉදි කිරීම හේතුවෙන් දැනට මේ ප‍්‍රදේශවල සිදු වී තිබෙන මුහුදු ඛාදනය හා අනෙකුත් දුෂ්කතරතා පිළිබ`දව රටේ ජනතාව දැනුවත් කිරීම උදෙසා මාධ්‍ය හමුවක් හා පෝට් සිටිය බලපෑම සම්බන්ධයෙන් සිදු කළ තොරතුරු ගවේෂණ ක‍්‍රියාවලිය සැබැදි වාර්තාව එළිදැක්වීම බම්බලපිිටිය මෙතෝදිස්ත සභාවේ ශ‍්‍රවණාගාරයේ පැවැත්විය. මේ අවස්ථාව සදහා පෝට් සිටි ව්‍යාපෘතියෙන් විශාල වශයෙන් හානියට පත් වෙරළ කන්ද ජනතාව අතරින් කිහිපදෙනෙක් සහභාගි වූ අතර මෙතෝදිස්ත සභාවේ අති උතුම් ආසිරි පෙරේරා රදගුරුතුමන්ද, ගරු නිශාන්ත ප‍්‍රනාන්දු පියතුමා ද පෝට් සිටි විරෝධි ජනතා කමිටුවේ සාමාජිකයින් ද ශී‍්‍ර විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ සාමාජිකාවන් ද ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ආයතනයේ සාමාජිකයෙන් දෙදෙනෙක්ද මාධ්‍ය ආයතන කිහිපයකින්ද මෙම අවස්ථාව සදහා සහභාගි වූහ. 
මුහුදු ඛාදනය නිසා අපිට රස්සාව නෑ. අපිට කන්න අදින්න විදිහක් නෑ. අපේ දරුවෝ බඩගින්නේ. අපි මොනවා කරන්න ද යනුවෙන් ඔවුන් ස`දහන් කළ අතර දිනෙන් දින උග‍්‍ර වන මේ ගැටලූව පිළිබ`දව මෙම පිරිස් ආමන්ත‍්‍රණය කිරීමට රටේ අවධානයට පාත‍්‍ර කිරීමට ගන්නා මේ වෑයම ප‍්‍රශංසනීය බැව් ගරු ආසිරි පෙරේරා රදගුරුතුමා සදහන් කළ සේක.