Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණු ආසියාවේ වර්ධනය වන අසමානතා පිළිබඳව දිළිදුකම පිටුදැකීමේ වාර්තාව එළිදැක්වීම



කලාපීය ආර්ථික වර්ධනයේ ප‍්‍රතිඵල පදනම් කරගෙන කලාපය තුළ ජනතාව මුහුණ දෙන විෂමතා හමුවේ, දුප්පතුන්ගේ ජීවිත සහ සමාජයේ ආන්තික ජනයාගේ ජීවිත, එයිනුත් වැඩි වශයෙන් කාන්තාවන්ගේ, ගැහැණු ළමුන්ගේ සහ ආන්තික ප‍්‍රජාවන්ගේ ජීවිත වඩා යහපත් කරන්නට දකුණු ආසියාතික රටවල් අසමත් වී ඇත.
සීමාන්තික විෂමතාව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංස්කෘතිය හා ආරක්ෂාවට තර්ජන එල්ල කරමින් ප‍්‍රබල ලෙස කාන්තාවන්ගේ අයිතිවාසිකම් අභියෝගයට ලක් කරමින්  දකුණු ආසියාතික කලාපය විනාශය කරා තල්ලූ කරමින් සිටින බව දුප්පත්කම තුරන් කිරීමේ දකුණු ආසියාතික කලාපයේ සන්ධානය ස`දහන් කරයි.
 උක්ත කරුණු ඇතුළත් වාර්තාව නිකුත් කිරීමේ අවස්ථාව 2019 සැප්තැම්බර් 19 වන දින සප්ශ‍්‍රි ආයතනයේදී පැවැත්වු අතර ඩාබිදු සාමූහිකය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සහ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කර්ණ ආයතනයේ මේ අවස්ථාව ස`දහා සහභාගි වූහ. මෙම වාර්තාව පිළිබදව කෙටි හැදින්වීමකින් ආරම්භක කළ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ පරිපාලන ලේකම් ප‍්‍රදීප් වනිගසූරිය මහතා ඉන් පසු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා මෙම වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ අදහසක් ඉදිරිපත් කළේ ය.
මෙම වාර්තාව සම්පාදනය ස`දහා දායක වු නියන්තිනී කදිරගාමර් මහත්මිය විසින් එවන ලද හ`ඩ පටය වෙත අවධානය යොමු කළ අතර පසුව මෙම වාර්තාව එළිදැක්වීම සිදු කළේ ය. මෙම වර්තාවේ අන්තර්ගත කරුණු විවිධ අංශ වෙත බලපෑම් කරන ආකාරය පිළිබ`දව  කෘෂි ප‍්‍රතිසංස්කර්ණ ආයතනයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්‍ෂ මහතා සහ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ප‍්‍රැන්සිස් රාජන් මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම කමිටුව නියෝජනය සදහා ඩාබිදු සාමූහිකයේ සහ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කර්ණ ආයතනයේ චින්තක රාජක්‍ෂ යන අය නම් කිරීමෙන් පසුව මෙම අවස්ථාව නිමා කරන ලදී.