Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මීගමුවේ මුහුදු ඛාදනයේ බලපෑම ජාතික විද්වත් සංගමයේ ඇසට


දැනට මීගමුවේ ප‍්‍රබල වශයෙන් ඇති වී තිබෙන මුහුදු ඛාදනය නිසා මීගමු පේරුවේ සිට විශාල වශයෙන් ධීවර බිම් හා ඔවුන්ගේ නිවාස මුහුදු ඛාදනයට ලක් වී තිබෙන අතර මේ මුහුදු ඛාදනයට ප‍්‍රධාන හේතුව වශයෙන් ඔවුන්ගේ අවධානයට ලක් වූයේ පෝට් සිටි ව්‍යාපාතියයි. ”පෝට් සිටිය ස්වභාව ධර්මයට  ඕනේ නම් එයට ඉඩක් ස්වභාව ධර්මයෙන්ම හැදිලා තියෙන්න  ඕනා. අපිට  ඕන දේ ස්වභාවධර්මයාට කියා බලහත්කාරයෙන් කරගන්න ගියොත් වෙන්නේ මේ වගේ විපාක තමයි” යන්න ජාතික විද්වත් සංගමයේ අදහස විය. පෝට් සිටිය නිසා දැනට විශාල වශයෙන් මීගමු පේරුවේ පමණක් නොව එහි බලපෑම දැනට රටම ගිලගෙන හමාර බව විද්වත් සංගමයේ අදහස විය.