Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

වාර්ෂික මහ සභාව

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ වාර්ෂික මහා සභාව 23 ජගත් ධීවර දින සැමරුමෙන් අනතුරුව පැවැත්වුණි. හර්මන් කුමාර මහතා විසින් පිළිගැනීම හා අරමුණ පැහැදිලි කිරීම කළ අතර ආර්.මුරලිදරන් මහතා විසින් න්‍යාය පත‍්‍රය ඉදිරිපත් කිරීම හා අනුමැතිය ලබා ගැනීම සිදු කළේ ය. එම්.එම්.මාලනි මහත්මිය විසින් 2018 වර්ෂයේ මහා සභා වාර්තාව ඉදිරිපත් කිරීම සිදු කළ අතර සංශෝධන සහිතව එය සභා සම්මත විය. පරිපාලන ලේකම් මහතා විසින් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හා සම්මත කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. ඉන් පසුව ගාල්ල, මන්නාරම, මාතර, යාපනය, කළුතර, කිලිනොච්චිය, මීගමුව, මුලතිව්, පුත්තලම, ති‍්‍රකුණාමලය, කුරුණෑගල, අම්පාර, පොළොන්නරුව, මඩකලපුව, සහ මීගමුව කළපු ධීවර සංවිධානය විසින් ස්වකීය දිස්ති‍්‍රක් ජයග‍්‍රණ ඉදිරිපත් කළහ.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ 2019 වර්ෂයේ දී කි‍්‍රයාත්මක කළ වැඩසටහන් හා එහි තක්සේරුව හා ප‍්‍රගතිය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීම ප‍්‍රදීප් වනිගසූරිය මහතා විසින් සිදු කළේ ය. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ මූල්‍ය කළමනාකාර ශාන්ති කුමාර් මහතා විසින් වාර්ෂික විඝණන වාර්තාව ඉදිරිපත් කළ අතර ඉන්පසුව නව නිලධාරි මණ්ඩලයක් පත් කර ගන්නා ලදී. නව සභාපතිතුමාගේ මෙහෙයවීමෙන් කළමනාකරණ මණ්ඩලය සදහා සම්බන්ධිකාරකවරයෙකු හෝ සම්බන්ධිකාරකවරියක පත් කර ගැනීම සහ ජාතික කමිටු සාමාජිකයෙකු පත් කර ගැනීම සිදු කර ගන්නා ලදී. නව අදහස් හා යෝජනා ලබා ගැනීමෙන් පසු නව ලේකම්තුමියගේ ස්තූති කථාවෙන් පසුව වාර්ෂික මහ සභාව නිමා විය.