Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

තිරසර ධීවර කර්මාන්තය දිරි ගන්වමු, විනාශකාරි ධීවර පන්නවල බලපෑම පිටුදකිමු, ධීවර ප‍්‍රජාව, වගකිව යුත්තන් හා සහයක කණ්ඩායම් අතර සංවාදය


මුලතිව් දිස්ත්‍රික්කය

කිලිනොච්චි දිස්ත්‍රික්ක


අම්පාර දිස්ත්‍රික්කය

තිරසර ධීවර කර්මාන්තය දිරි ගන්වමු, විනාශකාරි ධීවර පන්නවල බලපෑම පිටුදකිමු යන තේමාව පාඨය යටතේ ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය අම්පාර, ත්‍රිකුණාමලය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක පහ තුළ දියත් කළ ධීවර ප්‍රජාව, වගකිව යුත්තන් හා සහයක කණ්ඩායම් අතර සංවාදය 2020 සැප්තැම්බර් 14,15,16,17,18 සහ 19 යන දිනවල ඉහත කී ස්ථානවල පැවැත්විණි. තහනම් ආම්පන්න තිරසර ධීවර කර්මාන්තයට කෙරේ ඇති කරන බලපෑම හා එහි විනාශකාරි අත්දැකීම් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට භාජනය විය. තහනම් ආම්පන්න භාවිතයෙන් ධීවරයාට හා ධීවර සම්පත්වලට සිදුවන හානිය සම්බන්ධයෙන් සිවිල් සංවිධාන, රාජ් නිලධාරීන්, විද්වතුන් දැනුවත් කර තහනම් ආම්පන්න භාවිතය සමාජයෙන් තහනම් කර තිරසර ධීවර කර්මාන්තයක් ගොඩනැගීම අරමුණු කරගෙන මෙම සමාජ කථිකාවත පැවැත්විණි. ඊට අමතරව ධීවර දෙපාර්තමේන්තුවට සහ ධීවර ඇමතිතුමාට ලබා දීමට සකස් කර ඇති පෙත්සමට අත්සන් ලබා ගැනීමත්, ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය විසින් තහනම් ආම්පන්න සම්බන්ධයෙන් ගොනු ඇති නඩුව සම්බන්ධයෙන් මහජන සාක්ෂි ලබා ගැනීමත් අරමුණු වු අතර මෙම අවස්ථා සදහා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි වූහ. ඔවුන් විසින් රටේ තිබෙන තහනම් ආම්පන්න සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය හා අදාළ දිස්ත්‍රික්ක සමබන්ධයෙන් බලපැවැත්වෙන තහනම් ආම්පන්න සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි පිළිබදව මෙහිදි සාකච්ඡාවට විය. මෙම අවස්ථාවලදී ධීවරයෝ ස්වකීය ධීවර කර්මාන්තය ක්‍රියාත්මක කිරීමේදී තහනම් ආම්පන්න භාවිතයෙන් සිදුවන බලපෑම අදහස් දැක්වීය. මෙහිදි මෙම අවස්ථා මෙහෙයවීම සහ පහසුකම් සැලසීමත් තහනම් ආම්පන්න භාවිතය සම්බන්ධයෙන් ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ ඉදිරි කිරයාමාර්ග සම්බන්ධයෙන් ඇන්තනී ජේසුදාසන් මහතා විසින් සිදු කළේ . මෙම සෑම ස්ථානයක පැවැති සංවාද සදහා 60-70 පමණ පිරිසක් සම්බන්ධ වූ අතර තවද මෙම සෑම ස්ථානයක ධීවරයින්ගේ අදහස වූයේ තිරසර ධීවර කර්මාන්තයට බාධා එල්ල කරන තහනම් ආම්පන්න සමාජයෙන් තහනම් කළ යුතු බවයි.