Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

කල්පිටිය මළ කලපුවක් වෙන හැඩ


තහනම් දැල් ආම්පන්න භාවිතා කරමින් මසුන් මැරීම හේතුවෙන් වැඩි දිනක් යන්නට පෙර කල්පිටිය කලපුව මල කළපුවක් බවට පත් වෙනු ඇතැයි ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි. නැගෙනහිරින් කලපුවටත්,බටහිරින් මහ මුහුදටත් වටවු කල්පිටිය අර්ධද්වීපයේ පදිංචි වැඩි දෙනෙකුගේ ජීවන වෘත්තිය වී ඇත්තේ ධීවර කර්මාන්තයයි.කලපුව ආසන්නයේ පදිංචිව සිටින පිරිස් කලපුවට ගොස් මසුන් අල්ලා ගෙන විත් තම ජීවිකාව ගෙන යයි.
නමුත් මෑතක සිට කල්පිටිය කලපුවේ ඉවක් බවක් නොමැතිව සිදු වන තහනම් දැල් ආම්පන්න භාවිතය හේතුවෙන් කුඩා ප්‍රමාණයේ සියළු මසුන් මිය යන්නට පටන් ගෙන ඇත.කලපුව විනාශ කරණ තර්ජනාත්මකම තහනම් ආම්පන්නය වී ඇත්තේ කුඩු දැල් එළීමය.මුලින්ම කලපුව තුළ ලී හිටවා එය ආධාරකයක් කරගෙන දැලක් බදිනු ලබයි.එම දැල ආවසානයේ කුඩු දැල බදිනු ලබයි. මුලින්ම බදින ලද දැලේ වදින ලොකු කුඩා සියළුම මසුන් එය අවසානයේ ඇති උගුළට වැටෙනවා ඇත.එම උගුලට අසුවන කිසිදු මාළුවෙකුට හෝ ඉස්සසෙකුටවත් ආපසු යන්නට හැකියාවක් නැත. මේ නිසා එම ලොකු කුඩා සියළු මසුන් මිය යන්නේය.
අලවි කළ හැකි මට්ටමේ ඉස්න් සහ කකුළුවන් ඉතිරි කර මිය ගොස් ඇති අනෙකුත් සියළුම කුඩා මසුන් සහ ඉස්සන් ආපසු කළපුවට දැමීම හෝ වළ දැමීම මෙම ජාවාරම්කරුවාගේ සිරිත වී ඇත.පවතින තත්ත්වය නිසා කල්පිටිය කලපුවේ ජීවත් වන කුඩා මසුන් මෙන්ම ඉස්සන් දිනපතා විශාල ප්‍රමාණයක් මිය යන බැවින් වැඩි දිනක් යන්ට පෙර මෙම කලපුව මල කලපුවක් බවට පත් වනු ඇතියි සාමාන්‍ය පන්න ක්‍රම භාවිතා කරමින් මසුන් මරණ ධීවරයින් කියා සිටිති.
රාත්‍රී කාලයේ කලපුවේ බදින කුඩු දැල් දිවා කාලයේ ගලවා දමන නිසා ඒවායේ හිමිකරුවන් අත්අඩංගුවට ගැනීම ගැටළුවක් වී ඇති බව මේ සම්බන්ධයෙන් විමසු විට ධීවර පරීක්ෂකවරයෙකු කියා සිටියේය.    


Kalpitiya lagoon going to be a Dead water body.


Kalpitiya lagoon going to be a dead lagoon with no time due to use of destructive fishing gears says local fishers. 






Source: http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=6889:2013-02-03-04-34-33&catid=34:news&Itemid=62