Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය ධීවරයෝ තවදුරටත් ඇතුලේ Indian Fishers Further Remanded

2013 නොවැම්බර්  29  12:05 a.m
oderstනීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ත්‍රිකුණාමලය රිමාන්ඩ් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටින ඉන්දීය ධීවරයන් පිරිස ලබන 13 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමය ප්‍රධාන මහේස්ත්‍රාත් යූ.එල්.ඒ.අස්ගර් මහතා බ්‍රහස්පතින්දා (28) නියෝග කළේය. මෙම ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලැබී නොතිබීම ඊට හේතුවයි. තිස් දෙදෙනෙකුගෙන් යුක්ත මෙම ඉන්දිය ධීවරයන් පිරිස ඉකුත් ඔක්තෝම්බර් 17 වන දින ත්‍රිකුණාමලයට නුදුරින් වූ පුල්මුඩේ මුහුදු තීරයේ දී ශ්‍රී ලංකා හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
මංලගනාත් ලියනආරච්චි - ත්‍රිකුණාමලය 

30 Indian Fishes who were  taken in to custody in Oct 17th, accusing of illegal entrance to Sri Lankan Waters, have been further remanded till 13th December.   
Source: Lakbima