Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අත්අඩංගුවේ සිටින ඉන්දු - ලංකා ධීවරයෝ 120 ක්‌ අද නිදහස්‌

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

දෙරටෙහි අත්අඩංගුවේ පසුවන ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් 120 දෙනකු නිදහස්‌ කිරීම අද (23 දා) කන්කසන්තුරයට උතුරින් ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී සිදු කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 61 දෙනකු සහ ධීවර යාත්‍රා 15 ක්‌ ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය වෙත භාරදීමත් ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික ධීවරයන් 59 දෙනකු සහ ධීවර යාත්‍රා 04 ක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාර ගැනීමත් සිදු කෙරේ.

දෙරටේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි ඉන්දීය හා ශ්‍රී ලාංකික ධීවරයන් නිදහස්‌ කිරීමට දෙරට අතර ඇති කරගත් එකඟතාව මත මෙම නිදහස්‌ කිරීම සිදුවනු ඇත.DIVAINA

61 Indian Fishers and 15 fishing vessels belonging to them will hand over to Indian Navy while receiving 59 SL Fishers and 4 vessels  from India on 23rd Jan. All fishes have been in custody of both countries due to violation of marine boundary.