Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Alternative means for Fuel Subsidiary is a cheating

Fuel Subsidiary for the fishermen given by the Sri Lankan government after mass protesting against sudden increase by over night in 2012 February have been stopped for 8 months now without official notification. After several actions of pressure groups among fisher people, now government is trying to compensate the 8 month fuel subsidiary gap with alternative means.
According to fishers, government authorities have get signed a agreement from fishers which, in 12th  article allow fishers to select 3 preferred items from the given list and in 13th article before the signature says "I here by declare I will accept anything offer by government  .... "  
lot of poor fishers have signed this agreement without reading properly and only later found that they are being cheated.
A peaceful protest was held in Negombo  lagoon today (31 Jan 2014)  near Kothalawela bridge, against cutoff the fuel subsidiary and trying to cheat the fisher community. Fishers asked to authorities to give back their fuel subsidiary.
About 400 fishers participated to the protest with their boats. Mr.Sarath Gunarathne, Dep. Min to the Fisheries visited to the place and gave a word to fishers that he will going to discuss this matter with the president and look for solution.
The protest was organized by the Unity of Fisher organizations with the support of the Catholic Church.




   
කැපූ සහන යළි ඉල්ලා මීගමුවේ ධීවර උද්ඝෝෂණ
මීගමුව සමූහ - විමල් කීර්ති


ධීවර කර්මාන්තය සඳහා මුහුදු යැම (31 දා) අත්හල මීගමුවේ සුළු පන්නා ධීවර කාර්මිකයෝ ඉන්ධන මිල අඩු කරන ලෙසටත්, කැපූ ධීවර ඉන්ධන සහනාධාරය වහා ලබාදෙන ලෙසටත් ඉල්ලමින් මීගමුව කොතලාවල පාලම අබියසදී මීගමුව කලපුවේ ධීවර බෝට්‌ටුවල නැගීS මීගමුව කලාපයේ කිතුනු පියතුමන්ලා හා එක්‌ව සාමකාමී විරෝධතා ව්‍යාපාරයක්‌ සහ ධීවර උද්ඝෝෂණයක්‌ පැවත්වූහ.

මීගමුවේ සුළු පන්නා ධීවර කර්මාන්තයේ යෙදෙන කුඩා බෝට්‌ටු පන්දහසක්‌ පමණ වන අතර එම කර්මාන්තය ආශ්‍රිත දිවි ගැට ගහගන්නා පිරිස පුද්ගලයන් පනස්‌දහසකට ආසන්නය. සුළු පන්නා ධීවරයන් පවසන පරිදි ඔවුන්ට රජයෙන් ලබාදුන් ධීවර ඉන්ධන සහනාධාරය දැනට මාස අටකට පමණ පෙර සිට රජයෙන් කපාහැර ඇත. ඊට අමතරව කුඩා බෝට්‌ටුවලට යොදවන ඇන්ජින් තෙල් පසුගිය 29 දා සිට ලීටරයක්‌ රුපියල් 35 කින් වැඩිකොට ඇත.

ඊයේ පැවැති විරෝධතා ව්‍යාපාරය "මීගමුව ධීවර එකමුතුව" සංවිධානයේ මෙහෙය වීමෙන් පැවැත්වුණි.

එම විරෝධතා ව්‍යාපාරය සඳහා මීගමුව ධීවර එකමුතුවට අයත් සුළුපන්න ධීවර සමිති 10 ක ධීවර කාරමිකයෝ සහභාගි වූහ. විරෝධතාවට එක්‌වූ ධීවරයන් "දිවයින" වෙත ප්‍රකාශ කර සිටියේ රජයේ ඇස්‌ ඇරවීම සඳහා මෙම සාමකාමී ධීවර උද්ඝෝෂණය පැවැත්වූ බවත්, ධීවර ජනතාවගේ සාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට රජය ක්‍රියා නොකරන්නේ නම් එය ධීවර අරගලයක්‌ දක්‌වා දුරදිග යැමට හේතුවන බවත්ය. 

 Divaina Online 01.02.14