Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඉන්දීය ධීවරයා අපේ මුහුද ඉහගෙන කන හැටි

ඉන්දීය ධීවරයා අපේ මුහුද ඉහගෙන කන හැටි


ඉන්දියානු-ශ්‍රී ලංකා ධීවර ප්‍රශ්නය ඔඩුදුවන තුවාලයක්‌ බවට පත්ව තිබේ. නිරන්තරයෙන් අත්අඩංගුවට පත්වන දෙරටේම ධීවරයන් දෙස බැලීමේදී ඒ බව පැහැදිලි වේ. ශ්‍රී ලංකා ධීවරයන් යාන්තම් අපගේ මුහුදු සීමාව ඉකුත්වූ වහාම ඉන්දියානු වෙරළාරක්‍ෂක හමුදාව මගින් අල්ලාගෙන හිරේ විලංගුවේ දැමීමත්, සිය ගණන් ඉන්දියානු ට්‍රොaලර් යාත්‍රා ශ්‍රී ලංකානු මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මත්ස්‍ය සම්පත සූරාගෙන යාමත් මෙම අර්බුදයට හේතුවයි. ඉන්දියානු ශ්‍රී ලංකා අර්බුදය පැහැදිලිවම බලවතා විසින් දුබලයා ආක්‍රමණය කිරීමේ අධිරාජ්‍යවාදී පිළිවෙතක්‌ ක්‍රියාත්මකව පවතින බලහත්කාරකමක්‌ ලෙස හැඳින්වීමේ කිසිදු වරදක්‌ නැත.

අපට අයිති මුහුදු සම්පත්
ඉන්දීය ධීවරයන් විසින් මුහුදු මඩත්
සමගම සූරා ගන්නා අයුරු.


දුබලයා හෙවත් ශ්‍රී ලංකාව මෙම ප්‍රශ්නයේදී ඉන්දීය ගැත්තකු, යටහත්, පහත්, කීකරු නිවටයකු සේ මෙතෙක්‌ කලක්‌ ක්‍රියාකර ඇති බව පෙනෙන්නට තිබේ. එනම් ඉන්දියාව සමග හොඳ හිත පවත්වාගෙන යාමේ ක්‍රමවේදයට අනුගතවීම නිසා අපගේ අසීමිත වටිනාකමක්‌ ඇති මත්ස්‍ය හා මුහුදු සම්පත දැනටමත් සැලකිය යුතු මට්‌ටමකින් අහිමිකරගෙන තිබීම මෙම ප්‍රශ්නයේ බරපතළම කාරණයයි. එනම් ඉන්දියානු ධීවරයන් විසින් මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන බොටම් ට්‍රොaලින් සහ පෙයාර් ට්‍රොaලින්  දැල් භාවිතය නිසා මුහුදු ඉස්‌සන්, බෙල්ලන්, කකුළුවන්, මුහුදු කැකිරි, මුහුදු ඉකිරියාගේ සිට සියලුම මත්ස්‍යයින් ඇතුළු ජීවීන් (බොහෝ විට මුහුදු පැළෑටියා) මුහුදේ මඩත් සමගම හූරාගෙන යන නිසාය. මේ හේතුව නිසා එක්‌ පැත්තකින් ශ්‍රී ලංකාවේ උතුරු මුහුදේ මුහුදු සම්පත් ශීඝ්‍ර විනාශයකට බඳුන් වන නිසා අනාගතයේදී පැහැදිලිවම මුහුදු ආහාර (Sea Foods) හිඟයක්‌ මතුවේ. අනෙක්‌ අතින් රටට හිමිවිය යුතු අතිවිශාල මුදලක්‌ (හෝ විදෙස්‌ විනිමයක්‌) ඉන්දියානුවන් විසින් කොල්ලකාගෙන යනු ලැබේ. මන්ද, සතියට දින තුනක්‌, එනම් සඳුදා, බදාදා, සෙනසුරාදා යන දිනයන්හි ඉන්දියානුවන් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය ආක්‍රමණය කරන නිසා උතුරේ ස්‌වදේශික ධීවරයන්ට අදාළ මුහුදු කලාපය ඔවුන්ට තහනමට ලක්‌වීමය. මේ හේතුව නිසා "ගෙඩිය පිටින්ම" ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් හූරාගෙන යාමට ඉන්දියානුවන්ට හැකියාව ලැබී ඇත. අනෙක්‌ ප්‍රධාන කාරණය වන්නේ කැස්‌බෑවන්, මුහුදු ඌරන් වැනි අතිශය දුර්ලභ, වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති මුqහුදු ජීවීන් බරපතළ ලෙස වඳවී යැමට මෙම ධීවර ක්‍රියාකාරකම් හේතු වීමය. එනම් ඉන්දියානු ධීවර දැල්වලට හසුවන මෙවන් සතුන් එක්‌කෝ මසට මරාගෙන යන අතර නැතහොත් නීතිමය බාධක පවතින්නේ නම් මුහුදට විසිකර හෝ දැල් සැකසීමට ගන්නා වැලිවැටි දූපත් ප්‍රදේශවල දමා යැම සිදුකෙරේ. එනමුත් ඉන්දියන් ධීවරයන්ගේ මුහුදු පතුල හාරා, සූරාගෙන යන මාරාන්තික දැල්වලට හසුවන මෙවන් සතුන් යළිත් ජීවය ලබන්නට ඉතිරි වන්නේ නැත.

මෙවන් සාපරාධී ධීවර කර්මාන්තයක්‌ උතුරේ සිදුකරන්නේ ශ්‍රී ලංකානු ධීවරයන් බලවත් අසාධාරණයකට ලක්‌ කරමින් සහ දකුණු ඉන්දියානු දේශපාලන චරිතවලට පණ පෙවීම පිණිස ඔවුන්ගේ විධානය පරිදිය. මේ නිසා සිදුවන විනාශය සහ අසාධාරණය ගැන මෙතෙක්‌ කලක්‌ ශ්‍රී ලංකා රජය ඉවසා සිටියද වර්තමානයේදී ඒ සඳහා ධනාත්මක ක්‍රියාමාර්ග ගනු පෙනෙන්නට තිබේ.

කෙසේ හෝ මෙසේ ඉන්දියානු ධීවරයා බහුදින යාත්‍රා මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සතියකට දින තුනක්‌ බැගින් හා බෝට්‌ටු දෙතුන් සියයකින් කෙරෙන ආක්‍රමණකාරී මසුන් මැරීම පිළිබඳව සොයා බලන්නට "දිවයින" පසුගිය දිනෙක විශේෂ මුහුදු ගවේෂණයකට එක්‌විය. ඒ උතුරු දිග මුහුදු කලාපයේය. එහිදී අපට දැකගන්නට ලැබුණේ දැවැන්ත ධීවර ආක්‍රමණයක්‌ සිදුකර අපගේ මසුන් පමණක්‌ නොව සමස්‌ත මුහුදු සම්පත සූරාගෙන යන බවකි. දැයේ හදවත බඳු මුහුදු කලාපයේ සිදුකෙරෙන මෙම මුහුදු පතුල සූරාගෙන යාම නුදුරු අනාගතයේදීම සුවිසල් (මුහුදු) ආහාර හිඟයක්‌ රට තුළ ඇතිකෙරෙන බවට කදිම සාධක සැපයීය. අප එහි යන විටත් ඉන්දීය ට්‍රොaලර් යාත්‍රා දෙසීය ඉක්‌මවා අපගේ මුහුදු සීමාවට ඇතුළුව තිබූ අතර ඔවුන් හිතූ මනාපයේ එහි මසුන් මරනුද දකින්නට ලැබිණි. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ආක්‍රමණය පාලනය කරන්නට ගන්නා අප්‍රමාණ උත්සාහයද මෙහිදී අපි ඉතා හොඳින් නිරීක්‍ෂණය කළෙමු. එපමණක්‌ නොව උතුරු මුහුදේ පතුල හාරා ලබා ගන්නා මුහුදු සම්පත් පිළිබඳවද තක්‌සේරුවකට එන්නට අපට මෙහිදී හැකි වූයේ නෙළාගන්නා ලද මුහුදු සම්පත් (මඩිය) ඔවුන්ගේ බෝට්‌ටු තුළට ගන්නා ආකාරය දුටුවිටදීය. මුහුදේ මඩත් සමග ඉහළට එසැවෙන මඩිය තුළින් දහසකුත් මුහුදු ජීවීන් දකින්නට ලැබෙන අතර මුහුදේ මඩද වතුරට එකතුවී බොරපැහැ ගැන්වෙන අයුරු දුටුවිටදී මේ අපේ සම්පත්වලට සිදුවන විනාශය නොවේදැයි අප හිත් පාරවයි.

අප ගමන් කරමින් සිටියේ තලෙමන්නාරමට බටහිරින් පිහිටි ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදේ වැලිපර දූපත් (ආදම්ගේ පාලම) ප්‍රදේශයේ සිට කච්චතිව් දූපත දක්‌වා වැටී ඇති සරල රේ‚ය මුහුදු මාර්ගයක්‌ ඔස්‌සේය. විටින් විට දකුණු ඉන්දියාවේ (රාමේෂ්වරම්) බවට විශ්වාස කළ හැකි සම්ප්‍රේෂණ කුලුනු වැනි ඡායාද ඇත. වම්පසින් අප නෙත ගැටේ. මේ අප ශ්‍රී ලංකාවට වඩා ඉන්දියාවට ළඟ බව කියෑවෙන සාධකයකි. නොහොත් පෝක්‌ සමුද්‍ර සන්ද්‍රියේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ කච්චතිව් ප්‍රදේශය දක්‌වා (රාත්‍රි කාලයේ) යන විට ඉන්දියානු ගොඩ බිමේ විදුලි ධාරාව පවා දැකගන්නට ලැබේ.

වැලිපර අංක 7 සිට දූපත් කච්චතිව් දූපත අතර ඇති සරල රේ‚ය ගමන් මාර්ගය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකා මුහුදු කලාපයට අයත් ප්‍රදේශයයි.

අප ගමන් කරමින් සිටින්නේ මෙම සරල රේඛාව දිගේ, එහෙත්, ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළතින්ය. අපට දකුණු පසින් ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයයි. මෙම මුහුදු සීමාවේ මන්නාරම් බොක්‌ක, යාපනය දූපත් මුහුදු කලාපය වැනි පුළුල්, එහෙත් මත්ස්‍ය සම්පතින් පොහොසත් මුහුදු කලාපය දකින්නට ලැබේ. ඉන්දියන් ධීවරයන්ගේ උකුසු ඇස යොමු වන්නේ මෙම මුහුදු කලාපය වෙතය. ගැඹුරු මෙන්ම නොගැඹුරු මුහුදු ප්‍රදේශයකින්ද සමන්විත මෙහි ගල්පර ආශ්‍රිත මුහුදු ජීවීන් රැසක්‌ම පෝෂණය වේ. ඉස්‌සන්, පොකිරිස්‌සන් ඇතුළු කුඩා මසුන් රංචු පිටින් ගැවසෙන මෙම කලාපය ධීවර පාරාදීසයක්‌ ලෙස හැඳින්වීම නිවැරැදිය. උතුර - නැගෙනහිර පැවති තිස්‌වසරක යුද තත්ත්වය හේතුවෙන් මෙම කලාපයේ ධීවර කටයුතු දැඩි සීමාවකට ලක්‌වීම හේතුවෙන් මෙම මුහුදු කලාපයේ සාන්ද්‍රීය මුහුදු සම්පතක්‌ ඉතිරිව තිබිණි. එහෙත් යුද්ධය නිමාවෙන් පසු අපගේ ධීවරයාට නෙළාගැනීමට තිබූ මෙම මුහුදු සම්පත බලහත්කාරයෙන් ඉන්දියානුවන් සූරාගෙන යැම බලවත් අසාධාරණයක්‌ හා සාපරාධී ක්‍රියාවක්‌ නොවන්නේද? අප මේ සොයා බලමින් සිටින්නේ ඒ ගැනය.

වැලිපර දූපත් සිට තවත් අඩ හෝරාවක්‌ පමණ ගිය තැන අපට දකින්නට ලැබුණේ ගාලු පාරේ ඇදෙන වාහන කන්දරාව තරම් ඉන්දියානු ට්‍රොaලර් යාත්‍රා ප්‍රමාණයක්‌ අපගේ මුහුදු කලාපයට ඇතුළු වී මසුන් මැරීමේ තරගයක නිරතව සිටින දසුන් පෙළකි. අප මෙම ධීවර යාත්‍රා අතරින් රිංගා කච්චතිව් ප්‍රදේශයට යමින් සිටි අතර ඒ වන විටත් දෙසීයකට ආසන්න ට්‍රොaලර් යාත්‍රා ප්‍රමාණයක්‌ අපගේ දකුණු පසින් එනම් ශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ විය.

තවත් ඉදිරියට යැමේදී අප නෙත ගැටුණේ ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතය. එය ඉලක්‌ක කර බැලීමේදී ද ඒ වන විටත් අපගේ මුහුදු කලාපය තුළ තිබූ යාත්‍රා ගණනාවකින් ඉන්දියානුවන් අපට සිදුකරන බලහත්කාරකම හා උතුරේ ධීවරයන්ට අයත් ධීවර සම්පත සාපරාධී ලෙස කොල්ලකා යන අයුරු තක්‌සේරු කර ගත හැකි විය.

මෙම සෑම ධීවර යාත්‍රාවකින්ම සිදු කෙරෙන්නේ මුහුදු පතුල දක්‌වා එළනු ලබන දැවැන්ත දැලකින් මසුන් හා මුහුදු සම්පත් එහි මඩියට එකතුවන පරිදි ට්‍රොaලර් යාත්‍රාව නොනවත්වා ඇදගෙන යැමය. පෙයාර් ට්‍රොaලින් ක්‍රමයේදී යාත්‍රා දෙකක්‌ භාවිතා කර දැලට අමතරව තවත් යකඩ නගුලක්‌ වැනි උපකරණයක්‌ භාවිතයට ගනී. ඉන් පසු මඩිය පිරුණු පසු තමන්ගේ දැනුම පරිදි මඩිය උස්‌සා බෝට්‌ටු තුළට ගෙන මත්ස්‍ය සම්පත් ගෙඩිය පිටින්ම ලබාගෙන නැවත දැල එළීම උන්ගේ කාර්යයයි. මෙසේ දිනකට බෝට්‌ටු සියයක්‌ අපගේ මුහුදු තීරයට ආවා යෑයි සිතුවත් සතියකට (දින තුනකදී) බෝට්‌ටු තුන්සියයක්‌ මෙසේ අපගේ මුහුදු තීරය සූරාගෙන යයි. යාන්තම් "වැට පැන" කරනු ලබන නොහොබිනා වැඩක්‌ නොව දකුණු ඉන්දියානු දේශපාලන චරිතවල නියෝගය පරිදි කඩාගෙන බිඳගෙන අපේ සීමාවට පැමිණෙන මෙම යාත්‍රා කච්චතිව්, ඩෙල්µaට්‌, පුන්කුඩතිව්, මන්ඩතිව්, පලෙයිතිව්, ඉරණතිව්, කකරතිව්, ආශ්‍රිත දූපත් ප්‍රදේශයට පවා පැමිණ මසුන් මරණ බවට වාර්තා ලැබේ. එහෙත් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම ආක්‍රමණය නවතා දමන්නට දැවැන්ත වෙහෙසක්‌ දරන අතර, මෙම යාත්‍රා ආක්‍රමණය පලවා හරින්නටද නියෝග ලබා දේ. එහෙත් ඉන්දියානුවන්ගෙන් නිරන්තරයෙන් චෝදනා එල්ල වන්නේ නාවික හමුදාව ඔවුන්ට අඩන්තේට්‌ටම් කරන බවටයි. රටවල් අතර සුහදතාව රැකීම සඳහා රජයට භාරදූර කාර්යයක නිරතවන්නට සිදුව ඇති නිසා එහි අයුතු ප්‍රයෝජනය ඉන්දියානු ධීවරයා ලබාගනී.

එහෙත් මෙම තත්ත්වය දිගටම සිදු වුවහොත් මහා විනාශයකට උතුරු මුහුදු කලාපය ගොදුරු වන බවත්, උතුරු ධීවරයාගේ ජීවන තත්ත්වය කඩාවැටෙන බවටත් අප මෙම සංචාරයේදී අත්දුටුවේ මුහුද සූරාගෙන බෝට්‌ටු තුළට පටවන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතින් පිරි ඉන්දියානු මඩිය දුටු විටදීය.

මෙහෙම ගියහොත් අපට සජීවී මුහුදක්‌ ඉතිරිවේද? උතුරු මුහුද මළ මුහුදක්‌ වන දිනය වැඩි ඈතක නැත. එබැවින් වහාම මෙම ඉන්දියානු බලහත්කාරකමට එරෙහිව ක්‍රියාත්මක වී සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට කටයුතු කරන ලෙස අපි මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැතිය.
Divaina
ජගත් කණහැරආරච්චි
ඉන්ද්‍රජිත් සුබසිංහ
ඡායාරූප - වාසල සේනාරත්න