Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

හලාවත ධීවර උද්ඝෝෂණය ධීවරයන්ටත් ප්‍රශ්න තිබෙනවා අද මාළු කාරයෙක්‌ වෙනවට වඩා හොඳයි කුඩු කාරයෙක්‌ වෙන එක

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ
ප්‍රියරංග ඉලංගමුදලි - නල්ලදරන්කට්‌ටුව - පී. සී. හෙට්‌ටිආරච්චි - හලාවත 


ඉන්ධන මිල පහත දමා ධීවර ජනතාවට සහන ලබා දෙන මෙන් ඉල්ලා 2012 පෙබරවාරි 15 වැනිදා හලාවත වැල්ල ප්‍රදේශයේ පැවැති උද්ඝෝෂණය මර්දනය කිරීමට යැමේදී සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය ඇන්ටනි ප්‍රනාන්දු මහතාගේ දෙවර්ෂ පූQර්ණය සමරා විරෝධතා පා ගමනක්‌ හා උද්ඝෝෂණයක්‌ පෙරේදා (15 දා) සවස හලාවත නගරයේදී පැවැත්විය.


වැල්ල දේවස්‌ථානයේදී ඇන්ටනී ප්‍රනාන්දු මහතා සමරා ආගමික වතාවත් පවත්වා ධීවර සංවිධානවල සාමාජික සාමාජිකාවෝ හා ධීවර පිරිස්‌ පෙළපාලියකින් හලාවත නගර මධ්‍යයට පැමිණ උද්ඝෝෂණයක යෙදුනහ. මෙම අවස්‌ථාව සඳහා භික්‌ෂූන් වහන්සේ, කතෝලික පියතුමන්, කන්‍යා සොහොයුරියන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයන් රැසක්‌ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටි අතර එහිදී මාධ්‍යට අදහස්‌ දැක්‌වූ විපක්‍ෂ නායකවරයා - එදා හලාවත ධීවරයන් පාරට බැස්‌සේ ඉන්ධන මිල වැඩි කළ නිසයි. ඇන්ටනී ප්‍රනාන්දු ඇතුළු කණ්‌ඩායම ඊට එරෙහිව උද්ඝෝණයක යෙදුණා. ඒ උද්ඝෝෂණයට වෙඩි තිබ්බා. ඇන්ටනි ප්‍රනාන්දු මිය ගියා. ඊට පස්‌සේ ආණ්‌ඩුව කිව්වා සහනාධාර දෙනවා කියලා. දැන් අවුරුදු දෙකක්‌ ගියා. දැන් ආණ්‌ඩුව මොකක්‌ද කරලා තියෙන්නේ. එක පැත්තකින් මුළු මුහුදම විකුණලා. විදේශ නැව් ඇවිල්ලා, විදේශ බෝට්‌ටු ඇවිල්ලා විදේශ ධීවරයන් ඇවිල්ලා ලංකාවේ ධීවර කර්මාන්තය අල්ලාගෙන. ධීවරයන්ට දෙන සහනාධාර නවත්වලා. එක පැත්තකින් පිsටින් ඇවිත් අපේ මුහුදේ මාළු අල්ලනවා. අනෙක්‌ පැත්තෙන් අපේ අයට ඒ මුහුදට ගිහින් මාළු අල්ලන්න දෙන්නේ නෑ. අන් අයට වගේම අද ධීවරයන්ට ජීවත් වෙන්න අමාරුයි. ධීවරයන්ට ප්‍රශ්න තියනවා. ළඟදි කිරි පැකට්‌ එකේ මිලත් වැඩි කළා. ඒ වගේම විදුලිබිල වැඩිවෙලා. නිදහස්‌ අධ්‍යාපනයක්‌ නෑ. පාසල්වලට මුදල් ගෙවන්න කියනවා. නිදහස්‌ සෞඛ්‍යයක්‌ නෑ. ජීවත් වෙන්න ඕනෑ නම් හොඳ ආදායමක්‌ ඕනෑ. ඒත් මේ ආණ්‌ඩුව හැම එකකටම බදු ගහලා ණය ගෙවන්නෙ බදුවලින්. බඩු මිල වැඩි වෙලා. ඒත් ආදායම් වැඩිවෙලා නෑ. එහෙම අවස්‌ථාවක අද ධීවර සමරු උද්ඝෝෂණයක්‌ නවත්වන්න පොලිසිය උසාවි ගිහින්. ඒක නවත්වන්න උසාවිය ඉඩ දුන්නේ නෑ. කුඩු කන්ටේනර් එකක්‌ ගෙනාවොත් පොලිසියට කතා කරලා ලේසියෙන් බේරගන්න පුළුවන්. මාළුකාරයෙක්‌a වෙනවට වඩා හොඳයි කුඩුකාරයෙක්‌ වෙන එක. ඕන තරම් හම්බකරන්න පුළුවන්.

සහන දෙන්න කියලා කිව්වොත් ඒ අයගේ ජීවිතය නැති කරනවා. මේ ක්‍රමය අපි වෙනස්‌ කරන්න ඕනෑ. ඒකට අපි විකල්පයක්‌ තෝරාගෙන තියෙනවා. ඒ විකල්පය තමයි දූෂණය නැති කරලා මේ රටේ ධීවරයන්ට, ගොවියන්ට ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක්‌ හදන්න. ඒකට තමයි අපි ඔක්‌කොම කැපවෙලා ඉන්නේ. රටේ ජනතාවගේ ආදායම වැඩි කරන්න. හොඳ රැකියාවක්‌ හොයලා දෙන්න, නිදහස්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ ඇති කරන්න, නිදහස්‌ සෞඛ්‍ය ක්‍රමයක්‌ ඇතිකරන්න ධීවරයන්ට සහනාධාර දීලා, බෝට්‌ටු දීලා, ලංකාවේ මුහුදේ ප්‍රමුඛතාව ලංකාවේ ධීවරයන්ට ලබාදෙන්න. ඔක්‌කෝම කරන්න මේ රටේ ජීවන වියදමට සහන දෙන්න ඕනෑ. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන්න ඕනෑ. අද මේ එකක්‌වත් නෑ.

ජනතාවට පිළිගතහැකි ආර්ථික ක්‍රමයක්‌, සමාජ ක්‍රමයක්‌ ගොඩනැගීම අපි ආරම්භ කරලා තියෙනවා.
Divaina