Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

Police trying to stop the demonstration


 
හලාවත - ඔස්ටින් ප්රැන්සිස්

හලාවත නගරයේදී හෙට (15දා) පැවැත්වීමට නියමිතව ඇති ධීවර උද්ඝෝෂණය තහනම් කරමින් ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඊයේ (13දා) හලාවත පොලිස් අධිකාරිවරයා කර තිබූ ඉල්ලීම මහජනතාවට යම් කරදරයක් ඇති වන්නේ නම් තහනම් කිරීමට පසුව ඉල්ලා සිටීමට ඉඩ තබා හලාවත දිසා විනිසුරු හා මහෙස්ත්රාත් ශිවන්ත මංචනායක මහතා ප්රතික්ෂේප කෙළේය.

මෙවැනි ඉල්ලීමක් පෙරේදාද (12දා) හලාවත පොලිසිය විසින් ඉල්ලා තිබුණත් උද්ඝෝෂණය තහනම් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විසින් එම ඉල්ලීමද ප්රතික්ෂේප කරනු ලැබීය.

භූමිතෙල් මිල ඉහළ නැංවීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් ධීවරයන් විසින් 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදී පවත්වන ලද විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් හලාවත එගොඩවැල්ලේ විසූ 36 හැවිරිදි ධීවර කාර්මිකයකු සහ දෙදරු පියකු වූ හලාවත එගොඩවත්තේ විසූ වර්ණකුලසූරිය ඇන්ටනි ප්රනාන්දු මහතා මිය ගිය අතර එම මරණයේ දෙවර්ෂ පූර්ණය හෙට (15දා) යෙදී තිබේ.

එම දෙවර්ෂ පූර්ණය සමරමින් හා මේ වන විට මෙරට ධීවරයන් මුහුණ දෙන ඉන්ධන සහනාධාරය ලබා ගැනීම, මාළු සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම, ඉන්දීය ධීවර යාත්රා මෙරට මුහුදු සීමාවට ඇතුළුවී අනවසරයෙන් මත්ස්ය සම්පත නෙළා ගැනීම නතර කරන ලෙසත් ධීවර ආම්පන්න මිල පහත දමන ලෙසත් ඉල්ලා ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ හා ඒකාබද්ධ ධීවර සංවිධාන ක්රියාකාරී කමිටුව විසින් හලාවත නගරයේදී සමරු රැස්වීමක් සහ ධීවර උද්ඝෝෂණ ව්යාපාරයක්ද සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබිණි.

හලාවත හා මීගමුව ප්රදේශවලින් පැමිණෙන ධීවරයන් මෙදින හලාවත - කොළඹ මාර්ගයේ උද්ඝෝෂණය කිරීමෙන් එම මාර්ගයේ ගමන් බිමන් යන ජනතාවට මහත් වූ බාධා ඇතිවිය හැකි බව කියමින් එම ධීවර උද්ඝෝෂණය තහනම් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස හලාවත සහකාර පොලිස් අධිකාරී එස්.එස්. වික්රමසූරිය මහතා ඊයේ (13දා) පස්වරුවේද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අපරාධ නඩු විධි විධාන සංග්රහයේ 95 වැනි වගන්තිය යටතේ එම ඉල්ලීම කරමින් සහකාර පොලිස් අධිකාරීවරයා 2012 පෙබරවාරි මස 15 වැනි දින හලාවත දී සිදුකළ උද්ඝෝෂණයේදී යම් කලහකාරී තත්ත්වයක් ඇති වූ බවත්, 2014 පෙබරවාරි මස 15 වැනි දින හලාවත නගරයේදීද එවැනි උද්ඝෝෂණයක් පැවැත්වීමෙන් සාමය කඩවී සාමකාමී ජනතාවට යම් හිරිහැරයක් ආපදාවක් ඇතිවිය හැකි යන උපකල්පනය මත එම උද්ඝෝෂණය තහනම් කරන ලෙසට දීර්ඝ වශයෙන් කරුණු දැක්වීය.

එම උපකල්පනය කිරීමෙන් ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බවත්, ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව කෙනකුට අදහස් පළ කිරීමට මෙන්ම සාමකාමී
උද්ඝෝෂණයක් කිරීමට අයිතියක් ඇති බවත් එය වැළැක්වීමට ඉදිරිපත් කරුණු ප්රමාණවත් නොවන බවත් මහජනතාවට යම් ආපදාවක් ඇතිවෙන්නේ නම් එය වළක්වාලීමට අපරාධ නඩු විධිවිධාන සංග්රහයේ සහ පොලිස් බලතල අනුව කටයුතු කළ හැකි බවත් දිසා විනිසුරුවරයා සඳහන් කෙළේය.

එසේම අපරාධ විධිවිධාන සංග්රහයේ වගන්තිය මත හෝ වෙනත් සුදුසු වගන්තියක් මත මහජන පීඩනයක් ඇතිවේනම් එය නතර කිරීමට පසුව හෝ යළි කරුණු දක්වා එවැන්නක් නතර කිරීමට හැකිවන ලෙසින් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඉල්ලා ඇති ඉල්ලීම ඉවත ලන බවත් දැනුම් දුන්නේය.

හලාවත මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල සහ පොලිස් පරීක්ෂක විජිත් මාසක්කාර යන මහත්වරුන් සහකාර පොලිස් අධිකාරිවරයාට සහාය දැක්වීය.