Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඩෙල්ෆ්ට්‌ මුහුදේ මසුන් මරද්දී ඉන්දීය ධීවරයෝ 32 ක්‌ දැලේ

ලසිත දුමින්ද දෙරට අතර ඇති කරගත් එකඟතාවන් කඩ කරමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් තිස්‌දෙදෙනකු බෝට්‌ටු අටක්‌ සමඟ ඩෙල්ෆ්ට්‌ මුහුදු සීමාවේදී ඊයේ (04 වැනිදා) අලුයම නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ධීවරයන් තහනම් ආම්පන්න යොදාගනිමින් සමුද්‍රීය පරිසර පද්ධතියට හානි පමුණුවමින් මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය "දිවයින" ට පැවසීය. උතුරු නාවික විධානයට අයත් සංචාරක මුර යාත්‍රාවක්‌ මගින් මෙම පිsරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ධීවරයන් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් පසු යාපනය ප්‍රදේශය භාර ධීවර පරීක්‍ෂක කාර්යාලයට භාරදීමට නියමිතය. 32 Indian Fishers in eight boats have been captured by SL navy while fishing in SL waters with destructive fishing gears.