Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ජිනීවාට එරෙහිව මන්නාරමේ ධීවර උද්ඝෝෂණ

2014 මාර්තු 17 07.10 p.m
ජිනීවා මානව හිමිකම් සම්මේලනයේදී ශ්රී  ලංකාවට එරෙහිව එල්ල කරන යුද අපරාද චෝදනා හා මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා ඉවත් කරන ලෙස ඉල්ලා මන්නාරම ධීවර ජනතාව අද (17) මන්නාරම නගරයේදී විරෝධතාවක නිරත වූහ.
ඇතැම් රාජ්යී විරෝධි දේශපාලඥයින් විසින් මෙරට මානව හිමිකම් කඩවූවා යැයි ජිනිවා මානව හිමිකම් සම්මේලනයේදී එල්ල කරන අසත්යී චෝදනා තුළින් මෙරට ආර්ථිකය හා සංවර්ධනය විනාශ වීමට ඉඩ තිබෙන බවද විරෝධතාකරුවන් පැවසූහ.
ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කරන මානව හිමිකම් චෝදනා ඉවත් කරන්නැයි ඉල්ලා ඇමරිකානු තානාපති කාර්යාලයට භාරදීම සඳහා සංදේශයක් මන්නාරම දිස්ත්රිකක් ලේකම්වරයා වෙත විරෝධතාකරුවන් භාර දුන්හ.
මන්නාරම නගරයේ පැවැති මෙම විරෝධතාවට මන්නාරම,සිලාවතුර, පේසාලේ, තලෙයිමන්නාරම ධීවර ජනතාව සහ මන්නාර සිවිල් සංවිධාන ක්රි යාකාරීන් රැසක් එක් වූහ.

 මන්නාරම නගරයේ ධීවර ජනතාව විරෝධතාවයේ නිරතව සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.
වවුනියාව සනත් ප්‍රියන්ත