Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඇමැතිගේ බලයෙන් විල්පත්තුවේ ආධාරකරුවෝ පදිංචි වෙති


2014 මාර්තු 25 9.00 a.m 
කිසියම් පිරිසක් නීති විරෝධි අයුරින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් උතුරු විල්පත්තුවමොල්ලිකුලම ප්‍රදේශයට ඇතුල්වී එහි බලහත්කාරයෙන් පදිංචි වී ඇතැයි වන ජීවි අංශ පවසයි.
 මෙසේ පදිංචි වී සිටින්නේ මුස්ලිම් ජාතික ඇමැතිවරයෙකුගේ ආධාරකරුවන් පිරිසකි. පවුල් 150ට අයත් 250ක් 300 ක් අතර පිරිසක් වනෝද්‍යාන රක්ෂිතය ඩෝසර් කොට තාවකාලික කූඩාරම් ගසා මෙසේ පදිංචි වී සිටිති. පදිංචි වී සිටින මුස්ලිම් ජාතික පිරිසට අවශ්‍ය ආහාර හා ජලය ‍මෙම අමාත්‍යවරයා රජයේ වාහන යොදා ගෙන සපයන බව වනජීවි අංශ පෙන්වා දෙයි. රැඳී සිටින පිරිස් පවසන්නේ පසුගිය යුද සමයටත් පෙර සිට තමන් මොල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි වී සිටි බවත්, යුද්ධය හේතුවෙන් තමන් මෙම ප්‍රදේශය හැර ගියත් යුද්ධය නිමා වී ඇති වාතාවරණයක් තුළ තමන්ට මෙම ප්‍රදේශය යළි ලබා දිය යුතු බවත් ය.
විල්පත්තුව වනෝද්‍යානය තුළ අනවසරයෙන් පදිංචි වි සිටින අයුරු හා ඔවුන්ට ජලය සපයන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
සටහව සහ ඡායාරූප - කීර්ති ශ්‍රී බඹරබැද්ද-පුත්තලම විශේෂ
Source: Lakbima Online