2014 දෙසැම්බර් 15 10.40 a.m
(පැතුම් වික්‍රමරත්න)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ධිවර ගැටලුව මුල් කරගනිමින් ඉන්දීය රාජ්‍ය සභාවේ පසුගියදා උණුසුම් තත්ත්වයක් ඇතිවී ඇත.
(පැතුම් වික්‍රමරත්න)
තමිල්නාඩු දේශපාලන වන ඩී.එම්.කේ සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂ නියෝජිතයින් ඉන්දීය රජයට එරෙහිව සිදුකළ ප්‍රකාශ හේතුවෙන් මෙම උණුසුම්කාරී තත්ත්වය උද්ගතව ඇති බව වාර්තා වේ.
මෙරට නාවික හමුදාව විසින් ඉන්දීය ධිවරයින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමිල්නාඩු දේශපාලන පක්ෂ මෙහිදී ඉන්දීය රජයට බරපතළ ලෙස චෝදනා කර ඇත.
මෙහිදී ඉන්දීය පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් හා තමිල්නාඩු දේශපාලන පක්ෂ මන්ත්‍රීවරුන් අතර බහින් බස් වීමක්ද ඇතිව ඇත. සාකච්ඡාව ආරම්භයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද රාජ්‍ය සභාවේ අසුන් ගෙන සිට ඇති බවද වාර්තා වේ. එහිදී දෙරට අතර පවතින ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය කරුණක් බව ඩී.එම්.කේ පක්ෂ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.