Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ශ්‍රී ලංකා - ඉන්දීය ධීවර ගැටලු විසඳන්න පොදු එකඟතාවකට ඒමට යයි

ශිරාන් රණසිංහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ධීවර ගැටලු විසඳීම සඳහා පොදු එකඟතාවක්‌ කඩිනමින් ඇති කර ගැනීමට දෙරටේ නියෝජිතයන් අවසන් පොදු එකඟතාවකට පැමිණීමට නියමිතය.

 කාලයක්‌ තිස්‌සේ පවතින මෙම ගැටලුව විසඳීම සඳහා දෙරටම නියෝජිතයන් පත්කර සාකච්ඡා ගණනාවක්‌ පැවැත්වුවද තවමත් පොදු එකඟතාවකට පැමිණ නොමැත. කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදි මහතාත් මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ අවධානයක්‌ යොමුකර ඇති අතර, අදාළ සාකච්ඡා සක්‍රීය කර යම් අවසාන තීරණයක්‌ ගනු ඇතැයි ධීවර අමාත්‍යාංශය විශ්වාසය පළකර සිටී.
 දෙරටේ ධීවරයන් මුහුදු සීමා උල්ලංඝනය කරමින් නීති විරෝධී ක්‍රම හරහා මසුන් ඇල්ලීම මෙන්ම වරින්වර දෙරටේ ධීවරයන් හා යාත්‍රා අත්අඩංගුවට පත්වීම ගැටලුවක්‌ වී ඇති බැවින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා සක්‍රීය කර අවසන් පොදු එකඟතාවකට ගෙනා යුතු බව ඉන්දීය මහ කොමසාරිස්‌ වයි. කේ. සිංහා මහතා ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා හමුවේ ප්‍රකාශ කර තිබේ. ඉන්දීය අගමැති නරේJද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයේදී දෙරටේ නියෝජිතයන්ගේ අවසාන පොදු එකඟතාව පිළිබඳ සාකච්ඡා කර දෙරටේ ධීවර ප්‍රශ්නය විස¹ ගැනීමට ක්‍රියා කරන බව ද ධීවර ඇමැතිවරයා ඉන්දීය මහකොමසාරිස්‌වරයා සමඟÊකළ සාකච්ඡාවේදී දෙරටේ ධීවර ප්‍රශ්න පිළිබඳ විස්‌තර කරමින් කියා තිබේ.

Source : Divaina