Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

සුරුක්‌කු දැල් ලෙළදෙනවා ඩොල්පින්ලා වැනසෙනවා! - Destructive Fishing gears killing dolphins



ඩොල්පින් මිනිසුන්ගේ හිතවතෙකි. මහ මුහුදේ අතරමං වන මිනිසුන් බේරගන්නා මුහුදු ආරක්‍ෂකයෙකි. එමෙන්ම මුහුදෙ ගිලෙන්න ගිය මිනිසුන්ව ඩොල්පින් මසුන් බේරාගෙන ගොඩට ගෙන ආ අවස්‌ථා ගැන අප ඕනෑ තරම් අසා ඇත. එහෙත් අප මේ කියන්නට යන්නේ ඩොල්පින් මසුන්ගේ එවැනි වික්‍රමාන්විත මෙහෙයුමක්‌ ගැන නොවේ. කරදියට දිය වෙන්න යන මිනිසුන්ගේ දිවි ගලවන ඩොල්පින් මසුන්ව මරාගෙන කන තිරිසන් මිනිසුන්ගේ කාලකණ්‌ණි කතාවක්‌ ගැනය. කතාව ඇසෙන්නේ පුත්තලම කල්පිටියෙනි. කතාවට පාදක වන්නේ සුරතල් ඩොල්පින් මසුන් මැරීම තහනම් කරන්නැයි කියා ධීවරයන් පිරිසක්‌ කුරිඤම්පිටිය ප්‍රදේශයෙන් ආරම්භ කළ උද්ඝෝෂණයකි.




'ඩොල්පින්ලා වැනසෙනවා... පාලකයො වැජඹෙනවා...තහනම් දැල් අපට එපා! ඩයිනමයිට්‌ අපට එපා· හැඹිලි ලයිල අපට එපා· සුරුක්‌කු දැල් අපට එපා· බලධරයිනි මේ අහන්න... ධීවරයිනට සවන් දෙන්න... ධීවර ඇමැතිට එන්න කියා පිය. මේවට උත්තර දෙන්න කියා පිය...' කුරිඤම්පිටිය හන්දියට එක්‌රොක්‌ වූ ධීවරයන් පන්සියක්‌ පමණ දෙනා එවැනි සටන් පාඨ කියමින් කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ. එමෙන්ම තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මුහුදේ මසුන් මැරීම නිසා මත්ස්‍ය සම්පත සීග්‍රයෙන් අඩු වී ගෙන යන බව ද උද්ඝෝෂණයේ නිරත වූවන් පැවසූහ. වසර දහයක කාලයක සිටම මේ මාළු කොල්ලය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට දැනුම් දුන්න ද තවමත් විසඳුමක්‌ ලැබී නැත.

'පහුගිය දවස්‌වල ඩොල්පින් මාළු මැරිලා මුහුදෙ පාවුණා. මේ අපරාධය බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේ මිනිස්‌සු පාරට බැහැලා තියෙන්නේ. මේ ප්‍රශ්නය හිඟන්නාගේ තුවාලය වගෙයි. කාලෙන් කාලෙට මතු වෙනවා. පිරිසක්‌ දැල් භාවිතා කරලා මාළු මරන්න ඉල්ලනවා. තව පිරිසක්‌ ඒකට විරුද්ධව කෑගහනවා. අන්තිමේ දෙපිරිස අතර ගුටි කෙළියක්‌ ඇති වුණාට පස්‌සෙ ටික දවසකට නිහඬ වෙනවා. බලධාරීන් මේකට විසඳුමක්‌ නොදී කල්මරනවා...' උද්ඝෝෂණය අතර සිටි පුත්තලම දිස්‌ත්‍රික්‌ ධීවර සංගමයේ සභාපති කැම්ලස්‌ පෙරේරා කතා කළේ තරමක්‌ කනස්‌සල්ලෙනි. වැඩි යමක්‌ අපට විස්‌තර නොකර මෙහොතකින් ඔහු නැවත උද්ඝෝෂණය අතරට එකතු වූයේය. පසුව ඔහු අසල සිටි ප්‍රියන්ත ප්‍රනාන්දු තහනම් දැල්කරුවන්ගේ මාළු කොල්ලය ගැන විස්‌තරාත්මකව අපට මෙසේ පැහැදිලිs කළේය.

''ඩොල්පින් සම්පත ආරක්‍ෂ කරලා දෙන්න කියලා කාලෙක ඉඳලා පැවති ආණ්‌ඩුවලට අපි කිව්වා. ඒත් තවම විසඳුමක්‌ නෑ. ඩොල්පින්ලා නිසා තමයි අපේ ජීවිත රැකිලා තියෙන්නේ. අපි වැඩි කාලයක්‌ ජීවත් වෙන්නේ ඩොල්පින් එක්‌ක. ඒ නිසා ඩොල්පින්ලව රකින්න දිවි හිමියෙන් අපිත් කැප වෙනවා. ඩොල්පින්a මාළුන්ගේ වටිනාකම මෙච්චරයි කියලා කියන්න බෑ. ඒ තරම් වටිනවා. එහෙම වටිනා මත්ස්‍යයකු තමයි මේ මාළු කොල්ලකරුවන් මරාගෙන කන්නේ.

එක පාර බෝට්‌ටු හතළිහක්‌ පනහක්‌ ඇවිල්ලා මාළු කොටු කරනවා. කෙල්වල්ලා මාළු වැඩි හරියක්‌ ඉන්නෙත් ඩොල්පින් මාළු රෑන් අතර. මුහුදු වැද්දන්ට ඩොල්පින් මාළුවගෙ වටිනාකම තේරෙන්නෙ නෑ. උන් කිසිම දෙයක්‌ බලන්නෙ නෑ රොත්තට ඉන්න සේරම මාළු වට කරලා දැල් එළලා ඩයිනා ගහනවා. එක තැන ඩොල්පින් පනහක්‌ හැටක්‌ මැරෙනවා. පුළුවන් තරම් බෝට්‌ටුවල පටවගෙන මැරිච්ච ඉතුරු ඩොල්පින්ලා මුහුදට විසි කරනවා. දවසකට දැල්වලට පැටළිලා මැරුණු ඩොල්පින් මාළු දහයක්‌ දොළහක්‌ පාවෙනවා. ඩොල්පින් මාළුව හරිම අහිංසක සතෙක්‌. දැලට පැටළිලා විනාඩියක්‌ දෙකක්‌ යනකොට සතා මැරෙනවා. සමහර දැල්කාරයෝ එහෙම මැරෙන ඩොල්පින් මාළුන්ව වැලි කොට්‌ටවල බැඳල මුහුදට විසි කරනවා. අපි මුහුදට ආදරෙයි. කරන්න දෙයක්‌ නැති කමට මාළු මැරුවට අපි මත්ස්‍ය සම්පත කොල්ල කන්නේ නෑ. පාන්දර හතරෙ ඉඳන් රෑ දහය වෙනකම් යොත් දාලත් මාළු කිලෝ හතළිහකට පනහකට වඩා අපිට අල්ලන බෑ. එහෙම අපි දවසෙම අල්ලන මාළු දැල්කාරයො පැයෙන් දෙකෙන් අල්ලනවා. මේක මහා විනාශයක්‌. පහුගිය දවසක තහනම් දැල්කාරයෝ මාළු මරන්න ගෑස්‌ ටැංකිත් අරගෙන ඇවිත් තිබුණා. අපි කෑ ගහලා උන්ව එළෙව්වා. අපි හිටියොත් එහෙම කරන්න පුළුවන් අපි නැති වෙලාවකට ආවොත් මුqළු ඩොල්පින් රෑනම ඉවරයි. මේ විනාශය නතර කරන්න රජය කඩිනම් විසඳුමක්‌ ගන්න ඕනා...' උගුර ලේ රහ වෙනකම් සටන් පාඨ කියමින් උද්ඝෝෂණයට ජීවය එකතු කළ ප්‍රියන්තට කතා කරගැනීමට නොහැකි තරමට මහන්සිය. එහෙත් ඔහු සටන අතහැර නැත.

ඩොල්පින් මිනිසුන්ට අතිශය ලෙන්ගතු මාළුවෙකි. මිනිස්‌ කටහඬටට බෙහෙවින් සංවේදී මාළුවෙකි. මිනිස්‌ ක්‍රියාකාරකම් අනුකරණය කරන ඩොල්පින් මසුන් මිනිසුන්ගේ ද නිබඳ ආදරයට ලක්‌ වන සතෙකි. ක්‌ෂීරපායි ගණයට අයත් වන ඩොල්පින් දත් සහිත තල්මසුන් ගණයට අයත් කුඩා තල්මසකු ලෙස ද හැඳින්විය හැක. ඩොල්පින් මසුන්ට උපතේදී දත් නැති මුත්, ඉපිද සති කිහිපයක්‌ යන විට දෙඇන්ද දත් හතළිස්‌ හතරකින් ශක්‌තිමත් වේ. පුංචි ඩොල්පින් පැටියකු මාස දහඅටක්‌ පමණ ගත වන තුරු තම මවගේ කිරි බොන්නේය. එමෙන්ම ඩොල්පින් මසුන්ගේ කිරි එළකිරිවලටත් වඩා ගුණදායකය. මාංශ භක්‍ෂක සතෙකු වන ඩොල්පින් මසුන් කැමතිම ආහාරය වන්නේ බෙල්ලන්, කුඩා මාළුන් සහ පියාමැස්‌සන්ය. වැඩුණු ඩොල්පින් මාළුවකු දිගින් අඩි අටක්‌ දොළහක්‌ වන අතර, බරින් රාත්තල් තුන්සීයක්‌ හාරසීයක පමණ වේ. සමූහ වශයෙන් ජීවත්වීමට ප්‍රිය කරන ඩොල්පින් මසුන් රෑනක සාමාජිකයන් විශාල පිරිසක්‌ සිටිති. නොගැඹුරු මුහුදු තීරයන්වල වෙසෙන ඩොල්පින් ලොව පුරා මුහුදු තීරයන්වල අඩු වැඩි වශයෙන් වාසය කරති. මෙරට අවට මුහුදු තීරවලින් ඩොල්පින් මසුන් වැඩි වශයෙන් රංචු ගැසෙන්නේ කල්පිටිය මිරිස්‌ස මුහුදු තීරවලය.

කල්පිටිය සංචාරක පුරවරයක්‌ බවට පත්ව ඇත්තේ ද ඩොල්පින් මසුන් නිසාය. ඩොල්පින් මසුන් නැරඹීමටම දිනකට සංචාරකයන් බොහෝ පිරිසක්‌ කල්පිටිය වෙරළට පැමිණෙති. සංචාරක ව්‍යාපාරයෙන් යෑපෙන බොහෝ පිරිසක්‌ ඒ අවට ජීවත් වෙති. අහිංසක ඩොල්පින් මාළුන් වැනසීමෙන් සිදු වන්නේ එකී ජීවිත ද වැනසී යැමකි. එමෙන්ම ඩොල්පින් මසුන් යනු වසර තුනකට වරක්‌ පැටවකු බිහි කරන, තම වර්ගයා බෝ කිරීම ඉතාම අඩු මත්ස්‍යයෙකි. එහෙයින් ලොව පුරා සිටින ඩොල්පින් ගහනය ද ඉතාම අවමය. මේ මුහුදු වැද්දන් කරගෙන යන්නේ එකී වඳවීගෙන යන ඩොල්පින් මසුන්ව ඉක්‌මනට වඳ කර දැමීමකි. එහෙත් ආදළ බළධාරීන් මේ ෙ€දවාචකය හමුවේ තවමත් නිහඬය.

උද්ඝෝෂණය අතරට පැමිණි ප්‍රදේශයේ ජනතා නියෝජිතයන්ට සහ ධීවර බලධාරීන්ට ද උද්ඝෝෂණයේ නිsරතවූවන් තහනම් පන්න ක්‍රමවල හානිය පැහැදිලිs කර දුන්නාහ. ඩොල්පින් මැරීම හිරේ දැමිය හැකි බරපතල වරදක්‌ බවද ආරක්‍ෂක නිලධාරීන්ට ධීවරයින් මතක්‌ කර දුන්නාහ. එමෙන්ම ඇතැම් ධීවරයන් පැමිණ සිටි නිලධාරීන්ගේ ඇසූ ප්‍රශ්නවලට ඔවුන්ට උත්තර නොමැතිව ගොළු විය. එහෙත් කල්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා තහනම් දැල් ක්‍රම භාවිතා කර මාළු මරන ධීවරයන්ව අත්අඩංගුවට ගන්නා බවට පොරොන්දුදීමත් සමග උද්ඝෝෂණකරුවෝ විසිර ගියහ. එහෙත් උද්ඝෝෂණය අතහැරීමට පෙර පොලිsසිය, ජනතා නියෝජිතයන් සියලු දෙනා ඉදිරියේ ධීවරයන් කියා සිටියේ 'නීතිය හරියට ක්‍රියාත්මක නොවුණොත් තහනම් දැල් භාවිතයෙන් මාළු මරන බෝට්‌ටු පනස්‌ හත සම්බන්ධයෙන් ඔවුන් තීරණයක්‌ ගන්නා බවය. කතාව බරපතලය. පුත්තලම ප්‍රදේශයේ නීත්‍යානුකූලව ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර ප්‍රජාව අති විශාලය. කල්පිටිය ප්‍රදේශයෙන් පමණක්‌ මුහුදට බහින ධීවර බෝට්‌ටු දෙසීයකට වැඩිය. එහෙයින් යම් හෙයකින් ගැටුමක්‌ ඇති වුවහොත් ජීවිත හානි පවා ඇති වීමට ඉඩ තිබේ. ධීවර ගැටලු බොහෝමයක්‌ කෙළවර වී ඇත්තේ මරණයෙන් බව ඉතිහාසයද සාක්‍ෂි දරන්නේය. මේ ගැටලුව එතැනට යැමට පෙර විසඳුම් ලබාදීම අලුත් ආණ්‌ඩුවේ වගකීමකි. එමෙන්ම ඩොල්පින් මාළුන් මුහුදෙන් ගොඩට විත් අදාළ බලධාරීන්ගේ දෙපා තෙත් කරන තෙක්‌ බලා නොසිට වඳ වී යන සත්වයන් අතර ඉදිරියෙන්ම සිටින ඩොල්පින් මත්ස්‍ය විනාශය ගැන ද සොයාබැලීම ආණ්‌ඩුවේ වගකීමකි. අලුත් ධීවර ඇමැති මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය දෙස දැන් අපි බලා සිටිමු.

තරංග රත්නවීර 

රුවනි පෙරේරා
Source: Divaina 


A Protest have been conducted in Kurugngnam pitiya Junction, Puthlam against illegal,destructive fishing gear users and authorities who are do nothing against it. About 500 fishers have been participated to the protest. 
Puthlam sea area rich with dolphins, protesters want them to be safe. netting and use of dynamites daily killing  dolphins, some time around 50.