Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

යාපනයේ අවතැන් කඳවුරු ගැන මහින්ද ඉදිරිපත් කළ තොරතුරු බොරු බව හෙළිවේ

උතුරු නැඟෙනහිර පළාත්වල තවදුරටත් අවතැන් කඳවුරු නොමැති බවත්, යුද්ධයෙන් අවතැන් වූ සියලූ පවුල් නැවත පදිංචි කොට අවසන් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ප‍්‍රකාශ කොට තිබුණද යාපනයේ පමණක් තවමත් අවතැන් කඳවුරු 43ක් තිබෙන බව ජාතික ධීවර සහයෝගීතා සංවිධානය අනාවරණය කරයි.
එම කඳවුරුවල වෙසෙන ඇතැම් දරු පවුල් වසර විස්සක්, විසි පහක් වැනි දීර්ඝ කාලයක් ගෙවා ඇත්තේ එම කඳවුරු තුළ බවත් එවැනි පවුල්වල පරම්පරා තුනක සාමාජිකයන් තවදුරටත් කඳවුරුවලට කොටුවී ඇති බවත් එම සංවිධානය කියයි.
’‘අවතැන්වූ ජනතාවගේ හා ගෘහමූලික කාන්තා පවුල්වල ඉඩම් අයිතිය තහවුරු කරමු’’ මැයෙන් ඊයේ කොළඹදී පැවැති එම සංවිධානයේ සමුළුවකදී මේ තොරතුරු අනාවරණය කෙරිණි. යුද්ධය අවසන් වී වසර දහයකට ආසන්න කාලයක් ගතව තිබියදීත් තවදුරටත් අවතැන් කඳවුරු ජීවිත ගෙවන උතුරේ ජනතාව පිළිබඳ සිදුකළ අධ්‍යන වාර්තාවක් එළිදැක්වීම සඳහා එය සංවිධානය කොට තිබිණ. උතුරු නැෙ`ගනහිර දෙපළාතේ තවදුරටත් කඳවුරු ජීවිත ගෙවන පවුල්වල කාන්තාවන් විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ. ජාතික සමඟිය සහ සංහිඳියාව වෙනුවෙන් බලවත් උනන්දුවක් දක්වන නව රජයේ අග‍්‍රාමාත්‍යවරයාට සහ සමාජ සංවාද ඇමැතිවරයාටද මෙම අවස්ථාවට ආරාධනා කොට තිබුණද කාර්ය බහුල බැවින් සහභාගි වීමට නොහැකි බව ඔවුහු සංවිධායකයන්ට දන්වා තිබිණ.
තවදුරටත් කඳවුරු ජීවිත ගෙවමින් සිටින පවුල්වල ගෘහ මූලික කාන්තාවන් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳවුරු තුළ තමන්ට අවශ්‍ය මූලික අවශ්‍යතා පවා ඉටු කරගැනීමට එහි පහසුකම් නොමැති බවය. ජලය, සෞඛ්‍ය වැනි අවශ්‍යතාවන් පවා සපුරාගත නොහැකි බවත්, බාහිර සමාජය සම`ග සම්බන්ධකම් පැවැත්වීම වැනි සමාජීය අවශ්‍යතාවන්ටද ඉඩක් නොමැති බවත් ඔවුහු පැවසූහ. අවම තරමින් සිය ගැටළු පිළිබඳ බාහිර පාර්ශ්වයකට කරුණු ඉදිරිපත් කිරීමට හෝ ඉඩක් නොමැති බැවින් දීර්ඝ කාලයක් තිස්සේ ඒ ප‍්‍රශ්න යටපත්ව ඇති බව පෙන්වා දුන් ඔවුහු එවැනි කරුණු ඉදිරිපත් කිරීමක් කළ හොත් හමුදාවේ බුද්ධි අංශවලින් විවිධ පීඩාවන් එල්ල කෙරෙන බවත් පැවසූහ.
එහෙත් තමන් වගකිව යුතු අංශවලින් ඉල්ලා සිටින්නේ සහනාධාර හෝ අලූතෙන් ඉඩම් නොව අක්කර කිහිපයක සින්නක්කර ඉඩම් අයිතියක් ඇති සිය මුල් ගම්බිම්වල නැවත පදිංචිවීමට අවස්ථාවක් බව කී ඔවුහු ඒ අවස්ථාව ලැබෙන්නේ නම් තමන්ගේ ප‍්‍රශ්න තමන්ටම විසඳාගත හැකි බව ප‍්‍රකාශ කළහ.
The Colombo Post

P1040616~1

P1040619~1

P1040622~1

P1040623~1

P1040627~1
P1040628~1