Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

අවතැන් වූ ජනතාවගේ ඉඩම් අයිතිය ඉල්ලයි

අවතැන් වූ ජනතාවගේ හා ගෘහ මූලික කාන්තා පවුල් වල ඉඩම් අයිතිය තහවූරු කරන ලෙස ඉල්ලා අද (07) මහජන සමුළුවක් බණ්ඩාරණායක ජ්යන්තර සම්ත්රණ ශාලාවේදී පැවැත්විය.

මෙම මහජන සමුළුව ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ඇතුළු සිවිල් සංවිධාන විසින් මෙම මහජන සමුළුව කැඳවා තිබුණි.

එහිදී අණාවරණය කළ කරුණු අනුව අවුරුදු 25කට ආසන්න කාලයක් පුරා තවමත් අවතැන් කඳවූරු වල පිරිස් රැඳී සිටින බවත් එවැනි කඳවූරු 43කට ආසන්න ප්රමාණයක් තවමත් පවතින බව එම සංවිධාන පවසයි.

එමෙන්ම ඒ බොහෝ පිරිස් ඉතා සීමිත ඉඩ කඩක රැඳි සිටින බවත් ඔවූන්ට අයිති ඉඩ කඩම් නැවත එම පුද්ගලයන්ට ලබා දෙන ලෙස මෙම සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප -රොෂාන් චතුරංග

Sri Lanka Mirror