Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරේ හමුදා හෝටල් ව්‍යාපාර නිසා අවතැන්වූවන්ට මුල් ඉඩම් අහිමි වෙලා

-ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය

යුද හමුදාව උතුරු පළාතේ පවත්වා ගෙන යන හෝටල් ව්යාපාර හේතුවෙන් අවතැන් වූවන්ට ඔවුන්ගේ මුල් ඉඩම් අහිමි වී ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ සභාපති හර්මන් කුමාර මහතා පවසයි.

1990 වසරේදී අවතැන්වූ යාපනය දිස්ත්රික්කයේ 30,000ක් පමණ වැසියන් තවමත් නැවත පදිංචි කර නොමැති බවට කරුණු අනාවරණය වී තිබෙන බව ද ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරයේ සභාපතිවරයා පවසයි.

යුද්ධය නිසා යාපනය දිස්ත්රික්කය තුළ තවමත් අවතැන්ව සිටින පවුල් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් රාජ්ය නොවන සංවිධාන කිහිපයක් එක් වී සකස් කළ වාර්තාවක් එළිදක්වමින් ඔහු මෙම අදහස් පළ කළේ ය.

යාපනය දිස්ත්රික්කයේ අවතැන් වූවන් පිළිබඳ තොරතුරු ඇතුළත් මෙම වාර්තාව එළිදක්වනු ලැබුවේ ‘අවතැන්වූ ජනතාවගේ සහ කාන්තා ගෘහ මූලික පවුල්වල ඉඩම් අයිතිය තහවුරු කරනු’ යන සිරසිනි.

ජාතික ධීවර සහයෝගිතා ව්යාපාරය ඇතුළු රාජ්ය නොවන සංවිධාන එකතුවේ ප්රධානත්වයෙන් වාර්තාව එළි දැක්විණි.

යාපනය දිස්ත්රික්කයේ අවතැන් කඳවුරු 43ක් මූලික කර ගනිමින් පැවැත්වූ මෙම අධ්යනය මගින් එම කඳවුරුවල ජිවත් වන ජනතාව මුහුණ දෙන සෞඛ්ය, ආර්ථික හා සමාජ ගැටලු පිළිබඳ සවිස්තරාත්මකව පැහැදිලි කොට තිබේ.

අවතැන් වූවන් උතුරේ නොමැති බව හැඟවෙන ප්රතිපත්තියක සිට පැවති ආණ්ඩුව කටයුතු කළ බව පෙන්වා දෙන හර්මන් කුමාර, වත්මන් පාලනය අවතැන් වූවන්ගේ ප්රශ්නය කඩිනමින් විසඳීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් ජයනාත් ජයවීර එම චෝදනාව ප්රතික්ෂේප කරමින් කියා සිටින්නේ හෝටල් කර්මාන්තය සඳහා යොදා ගෙන ඇත්තේ ජනතාවගේ ඉඩම් නොව රජයට අයත් ඉඩම් බවයි