Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මාධ්‍ය නිවේදනය - පෝට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරය


මාධ්‍ය නිවේදනයයි

2014 ජනාධිපතිවරණය සමයේදී ප්‍රවෘත්ති සාකච්ඡුාවක දී මාධ්‍ය වේදීන් විසින් පෝට් සිටිය පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අදහස් විමසීමේදී, ප්‍රකාශ කරන ලද්දේ, ”පෝට් සිටිය නිසා සම්පුර්ණයෙන්ම වෙරළ නැතිවෙනවා. වෙරළ ආරක්ෂා කළ යුතුයි. පෝට් සිටිය නිසා කොළඹ සිට කල්පිටිය දක්වාත්, කොළඹ සිට හික්කඩුව දක්වාත් වෙරළ නැතිවෙනවා” යනුවෙනි. මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති මගින් විකාශය විය.
එම අවස්ථාවේදීම මාධ්‍යවේදීන්, නැවත වඩා නිශ්චිතව ප්‍රශ්ණය ඉදිරිපත් කරමින් ඔබ තුමා බලයට පත්වූ විට මේ පෝට් සිටිය ගොඩනැංවීම නතර කරනවාද? නැත්නම් ක්‍රියාත්මක කරනවාද? යන ප්‍රශ්ණයට පිළිතුර වූයේ ”නතර කරනවා” යන්නයි.
එහෙත් බලයට පත්වූ විට පෝට් සිටි ව්‍යාපෘතිය අත් හිටුවන බවට මැතිවරණ සමයේදී පොරොන්තු වූ එතුමා හා එතුමා ගේ ඇමතිවරු විටින් විට ප්‍රකාශ කරන්නේ එය නැවත ආරම්භ කරන බවය.
තවද, පෝට් සිටිය ඉදිකිරිමට එරෙහිව ඉහල අධිකරණයේ නඩු දෙකක් ඇසෙමින් තිබිය දී සහ  පරිපූරක පාරිසරික අගැයුම් වාර්තාව පිළිබදව ක්‍රියාවලිය අවසන් නොවී තිබිය දී අධිකරණය පවා අගෞරවයට ලක්කරමින් අගමැති තුමා මේ පිළිබදව ඩාවෝස් නගරයේ සිට කළ ප්‍රකාශය කොහෙත්ම අනුමත කළ නොහැක. 
ඉන් අනතුරුව නව ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කරමින් එය අත්සන් කිරීම සඳහා අගමැතිවරයා නුදුරු දිනක චීනයට යෑමට නියමිතය. 
මලික් සමරවික්‍රම හා සාගල රත්නායක ඇමතිවරුන් දැනටමත් චීනයට ගොස් මූලික සාකච්ඡා පවත්වන බවට මාධ්‍යවල තොරතුරු පළ වී තිබුුනි. මෙම සතියේ මාධ්‍ය වාර්ථා අනුව ස්ථීර වශයෙන් පෝට් සිටි ව්‍යෘපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමට නියමිතය. ඒ සඳහා කැබිනට් අනුමතියද 2016 මාර්තු මස 10 වැනි දින ලබා දී ඇති බව මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රකාශ කළේය.  
ජනතාවගේ අදහස් වලට ගරුකිරීම, විවේචන වලට කන්දීම, තීන්දු ගැනීමේදී ජනතාව සහභාගී කර ගැනීම ආදී ගුණයන් යහපාලන ආණ්ඩුවක අනිවාර්ය ලක්ෂණයන් විය යුතුමය. 
එසේනම්, කොළඹ වරාය නගරය පිළිබදව දැනට මහජනතාව, පරිසර වේදීන් සහ විශේෂඥයින් විසින් මෙතෙක් කර ඇති විවේචන ඉවත දැමීමට ප්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුවකට කළ නොහැකිය. මහින්ද ආණ්ඩුව මහජනතාව විසින් ප්‍රතික්ෂේප වූයේ ඉහත ගති ලක්ෂණ ඔහුගේ ආණ්ඩුව තුල නොතිබුන බැවිනි. ජනතාව එවැනි ”යම පාලනයක්” නැවත පත්කර ගැනීමට කිසිවිටක අපේක්ෂා නොකෙරෙන බවද ස්ථීරය. 
නමුත්, ජනතාවගේ ජීවිතවලට ආණ්ඩුවේ සංවර්ධන සැලසුම් තර්ජනයක් වන අවස්ථාවන්හිදී ඔවුන්ගේ අදහස් නොතකා දරදඬු පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඊට විරුද්ධ වීම පුරවැසියා ගේ වගකීම වනු ඇත.
එහෙයින්, මහජන මතයට කන්දී ජනතා විරෝධී පරිසර විරෝධී වරාය නගරය වහාම නතර කරන ලෙස ගරු ජනාධිපති තුමා හා අගමැති තුමා ඇතුළ යහපාලන රජයට අපි බලකර සිටිමු. 

පෝට් සිටි විරරෝධී ජනතා ව්‍යාපාරය
ඞීන්ස් පාර
මරදාන

කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් 

ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා -       071 431 5124  
හර්මන් කුමාර                 -       077 318 4532    
හේමන්ත විතානගේ      
වින්සන්ට් බුලත්සිංහල                - 031 2 233466
සජීව චාමිකර        - 077 335 4801
තිලක් කාරියවසම්        -
චින්තක රාජපක්‍ෂ                - 076 656 8663