ධීවරයන් ගැන විමර්ශනයක්
ලසිත දුමින්ද
මුහුදේ වැලි ඝන මීටර් 65 ක් සහ මුහුදෙන් හෙක්ටයාර් 269 ක භූමි ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන්ට විශාල බලපෑමක් කොළඹ නගර ව්‍යාපෘතියෙන් එල්ල වී තිබේ.
අගතියට පත් ධීවර ප්‍රජාවට සහන සැලසීමට රුපියල් මිලියන 500 ක මුදලක් අදාළ ව්‍යාපෘතියෙන් වෙන් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ද ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
ඇමැති මහින්ද අමරවීර මහතා ධීවර සංගම් නියෝජිතයන් සමග මේ සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් පවත්වා ඇති අතර, අගතියට පත් පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසට අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මියට උපදෙස් දී ඇත.
දිවයින