Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමේ නිවේදනය ලබන සතියේ

මත්ස්‍ය අපනයන තහනම
ඉවත් කිරීමේ නිවේදනය ලබන සතියේ

උපාලි ද සේරම්

ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය මගින් පනවා ඇති මත්ස්‍ය අපනයනය පිළිබඳ තහනම ඉවත් කිරීම සම්බන්ධ නිවේදනය යුරෝපා පාර්ලිමේන්තුව විසින් ලබන සතියේ නිකුත් කිරීමට නියමිතය.

මෙම තහනම නිසා වසර තුනක කාලයක සිට ශ්‍රී ලංකාවේ මසුන් යුරෝපා රටවලට අපනයනය කිරීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකාව මසුන් ඇල්ලීමේදී ජාත්‍යන්තර ධීවර නීති රීති උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් මීට වසර තුනකට පමණ පෙර යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවේ මසුන් යුරෝපා රටවලට අලෙවි කිරීම තහනම් කරන ලදී.

මේ සම්බන්ධව වත්මන් රජය යුරෝපා සංගමයෙන් කරනු ලැබූ ලිත ඉල්ලීමකට ප්‍රතිචාර දක්‌වමින් එම තහනම ඉවත් කිරීම සම්බන්ධව අවධානය යොමුකර තිබිණි.

ඒ අනුව ජාත්‍යන්තර මුහුදු සීමා නීති රීතිවලට අනුව ධීවර කටයුතුවල යෙදිය යුතු බවට ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි පනවමින් සිය තහනම ඉවත් කිරීමට අවධානය යොමු කරන බව යුරෝපා සංගමය විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී තිබිණි.


දිවයින - 2016.04.19