Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරේ මසුන් මරන්න දකුණට බලපත් දීම නවතී

උතුරු මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා දකුණේ ධීවරයන්ට  ධීවර බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.
උතුරු මුහුදේ සංක්‍රමණික ධීවර ගැටලුවට විසඳුමක් වශයෙන් මෙලෙස අලුතින් ධීවර බලපත්‍ර නිකුත් කිරීම නවතා දමන්නැයි ඇමැති දන්වා තිබේ.
සංක්‍රමණික ධීවර ගැටළුව සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යංශයේ    පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත. 
  සංක්‍රමණික ගැටළුව නිසා උතුරේ ධීවරයන් බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව එම සාකච්ඡාවට සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ද පෙන්වා දුන්නේය.