.
Home
History
Partners
Map
Nafso-Convenersdiary
WODEP
Structure
Staff Members
Members
Constitution
Pubication
Policy advocacy
Youth Movement
Annual Reports
Guidelines
Contact Us
Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022
අපේ ගම මැදින් අලිමංකඩක්'
BBC සිංහල
කහල්ල පල්ලකැලේ සිට බඹරගල හා වළගම්බා පුර ගම්මාන අතරින් හක්වටුනා ජලාශය දක්වා ගොඩනැගීමට නියමිත අලි මංකඩ හේතුවෙන් වන අලි උවදුර තවදුරටත් උග්‍ර වනු ඇති බවට ඉරුදෙනියාය ඇතුළු පොල්පිතිගම ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව බිය පළ කරති.
අලි මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් අලි ඇතුන් ගමන් කළ පැරණි මංපෙත් යළි විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පසුගියදා පැවසීය.
හක්වටුනා ජලාශය දක්වා ගොඩනැගීමට නියමිත අලි මංකඩ ද ඒ අතරට අයත්.
'නමුත් මේ හක්වටුනා ජලාශය දක්වා විවෘත කිරීමට නියමිත අලිමංකඩ මීට පෙර තිබුණ එකක් නොවන බව අපි වනජීවී අමාත්‍යවරයාට කියා සිටියා. මේක අලුතෙන් කෘතිමව හදන්න යන අලිමංකඩක්' ඉරුදෙනියාය ඒකාබද්ධ ගොවි සංවිධානයේ කැඳවුම්කරු සංජීව සම්පත් ප්‍රකාශ කළේ.
සංචාරක කර්මාන්තය ඉලක්ක කොට ඉහත කී අලිමංකඩ ඉදිකිරීමට රජය උනන්දු වන බව හක්වටුනා වැව ගොවි බිම් සුරැකීමේ සංවිධානයේ සභාපති සරත් කුමාර කියා සිටියේය.
'මේ විවෘත කිරීමට බලාපොරොත්තු වන අලිමංකඩ සහ විදුලි වැට නිසා පොල්පිතිගම ප්‍රාදේශීය කොට්ඨාශයේ පවුල් විසි පන්දහසක ජීවිත, දේපළ සහ වගාවලට හානි සිදු වෙනවා.' ඔහු පැවසීය.
'කෘතිම අලිමංකඩක්'
අලිමංකඩ හේතුවෙන් නිවාස අහිමි වන පවුල් වෙත ඉඩම් ලබා දී නිවාස ඉදි කර දෙන බවයි වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඒ පිළිබඳ කළ විමසීමකදී කියා සිටියේ.
'අලින්ට හක්වටුනා ජලාශය වෙත එන්න කපොල්ලක් අවශ්‍යයි. නැතිනම් අලි ඇවිල්ලා ගෙවල් කඩලා අලි මිනිස් ගැටුම ආරම්භ වෙනවා.' අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේය.
කහල්ල පල්ලකැලේ සිට හක්වටුනා ජලාශය දක්වා ගොඩනැගීමට නියමිත අලි මංකඩ හේතුවෙන් වන අලි උවදුර තවදුරටත් උග්‍ර වනු ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව බිය පළ කරති.
Newer Post
Older Post
Home