Home » » පාරිසරික ගොවිතැන පිළිබදව ප‍්‍රායෝගික වැඩමුළුව

පාරිසරික ගොවිතැන පිළිබදව ප‍්‍රායෝගික වැඩමුළුව

Written By NAFSO on Wednesday, July 17, 2019 | 8:32:00 AM




—mßirfhka f;drj wmg ðj;a úh fkdyel' wms yqiau .kafkao wms ðj;a jkafko mßirfhks' පාරිසරික lDIsl¾udka;h fïjf.a ld,hl§ jvd fyd`o ld,Sk wjYH;djhls'˜. මානව ශිෂ්ටාචාරයේ අර් බුද පරිසරයේ විසදුම් සොයමු පාරිසරික ගොවිතැන පිළිබදව ප‍්‍රායෝගික වැඩමුළුව 2019 ක්වූ ජූලි 10 සිට 12 දින දක්වා නීල බැම්ම ගොවි භූමියේදී පැවැත්වීණ. මේ අවස්ථාවට  මන්නාරම, අම්පාර, පොළොන්නරුව, පොල්පිතිගම, ත‍්‍රිකුණාමලය, මුලතිව්, මඩකලපුව, ගාල්ල, මාතර, කරුවලගස්වැව, කිලිනොච්චිය, යාපනය සහ මොනරාගල ආදී ප‍්‍රදේශවලින් පැමිණි තරුණ තරුණියන් 30 අධික පරිසක් මෙයට සහභාගි වූහ. පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබදව පැවැත්වූ තෙදින වැඩමුළුව නීලබැම්ම ගොවි බිමේ පැවැත්වූ අතර නාවින්න ආයුර් වේද පර්යේෂණ ආයුර් වේද ආයතනයේ අශෝක කරුණාරත්ත මහතා සම්පත්දායකත්වය සපයන ලදී. පාරිසරික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කාලීන මාතෘකා රාශියක්තෙදින වැඩමුළුවේදී සාකච්ඡා විය.
ප‍්‍රථම දිනයේදී පාරිසරික ගොවිතැන, ගෝලීය සංවර්ධනය ආහාර සුරක්‍ෂිතතාවයට ආරක්‍ෂාව බලපාන ආකාරය, වර්තමාන රසායනික ගොවිතැන පරිසර විනාශයට බලපාන ආකාරය විග‍්‍රහ කිරීම සිදු කරන ලදී. අශෝක කරුණාරත්න මහතා විසින් ගෝලීය පාරිසරික තත්ත්වය සම්බන්ධයෙන් හා ගෝලීය පාරිසරික ගැටලු සම්බන්ධයෙන් සහ ආහාර නිෂ්පාදන කි‍්‍රයාවලිය පෝෂණය සහ දරිද්‍රතාවය, පාරිසරික සොබාදහම, කාන්තාවන් සහ ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
දෙවන දිනයේදී පාරිසරික අමද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සම්බන්ධයෙන් ද දේශීය කෘෂි රටාව සහ දේශීය ආහාර සුරක්‍ෂිතාවය සම්බන්ධයෙන් ද දේශීය ආහාර නිෂ්පාදනය, රසායනික ආහාර භාවිතයේදී මතු වන සෞඛ්‍යමය ගැටලූද සාකච්ඡා කළහ. එමෙන්ම ආහාර ව්‍යාංජනයක් කියන්නේ බෙහෙත් පොරකුරක් වෙන්න  ඕනේ. ”අපි කන කෑම මේ බෙහෙත් පොකුරට අයිතිද කියන එක ප‍්‍රශ්නයක් නේද” අශෝක කරුණාරත්න මහතාගේ ගැටලූව විය. දේශීය පාරම්පරික ආහාර සදහා හදුන්වාදීම ඒ ඒ ආහාරවල පවතින සෞඛ්‍යමය ගුණය සම්බන්ධයෙන් සාකච්ඡුා කළහ. දේශීය ගොවිතැන ජාත්‍යන්තරයට ගෙනගිය රන්පත් ගොවිපල  ජෝශෝප් අප්පුහාමි මහතා විසින් ගොවි බිම් සකසා ගන්නා ආකාරය, දේශීය ගොවිබිමේ පරිබෝධ මර්දනය කරනු ලබන ස්වභාවික කෙම් ක‍්‍රම සහ එය සකසා ගන්නා ආකාරය සහ 1920 දුරකථනය අමතා කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත හැකි බවත් ඔහු ස`දහන් කළේ ය. දිවා ආහාරයෙන් පසුව ගෙවත්තක් හදුන්වාදීමත් සහ ගෙවතු වගාව සම්බන්ධයෙන් අශෝක කරුණාරත්න මහතා අදහස් ඉදිරිපත් කළේ ය.
අවසන් දිනයේදී ඇන්තනි මහතා විසින් පෙරදිනය සම්බන්ධයෙන් හැරී බැලීමක් සිදු කළ අතර මන්නාම් දිස්ති‍්‍රක්කයේ ඈන් මෙනවිය ද අම්පාර ප‍්‍රදේශයේ හකීම් මහතා ද කුරුණෑගල  ශානක මහතා ද අදහස් දක්වන ලදහ. කාබනික කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සහ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් කාබනික පොහොර බ`දුනක් සකස් කරගන්නා ආකාරය සම්බන්ධයෙන් කේෂත‍්‍ර ප‍්‍රයෝගික ක‍්‍රියාකාරකම සිදු කළ අතර පැමිණි සියලූ දෙනාගේ අදහස් යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව එච්.එම්.දිසානායක නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරා මහතා ගෙවතු වගාව සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ලක්සිරි මහතාගේ ස්තූති කථාවෙන් අනතුරුව වැඩමුළුව නිමාව සනිටුවහන් කළහ.
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2013. NAFSO: Towards a Fisher People's Movement - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger