23 වන ජගත් ධීවර දිනය අභිමානයෙන් සමරමු -2020 ...Let us Commemorate 23rd World Fisheries Day - 2020
Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

පෝට් සිටිය' නොදකින මීගමුවේ ජන දුක

දැන් අපි පාරට වැටිලා ඉවරයි . මේ සියල්ල සිද්ධ වුණේ පෝට් සිටිය නිසයි .අපේ ගෙවල් මුහුදුබත් වුණා. කිසි කෙනෙක් බලන්න ආවේ නැහැ" යැයි මීගමුව පිටිපන වෙරළකන්ද ග්රාමයේ දිවි ගෙවන ජේසිකා බර්නදෙත් පවසන්නීය.
ජේසිකා ඇතුළු සැලකිය යුතු පිරිසකට වෙරළ ඛාදනය තදින් බලපා ඇති අතර මේ වන විටත් ඔවුන්ගේ දේපළ රැසක් මුහුදුබත් වී තිබේ.
මෙවැනි ඛේදජනක තත්ත්වයක් කිසිසේත් බලාපොරොත්තු නොවූ බව බොහෝ දෙනෙක් පැවසූහ.
දෙවියන්ට කීම හැර වෙනත් කළ හැකි දෙයක් ඉතිරිව නොමැති බව ජේසිකා බර්නදෙත් වැඩිදුරටත් කියා සිටියාය
"පරම්පරා කීපයක් අපි මේ ස්ථානයේ ජිවත් වුණා. මුහුදු වෙරළ තිබුණේ මීට සෑහෙන දුරකින්. අපේ ගෙවල් තාප්පවලින් වට කරගෙන හොඳ ජිවිතයක් ගත කළා. නමුත් පෝට් සිටියට වැලි ගත්තා විතරයි මුහුද අපි ළඟටම ඇවිල්ලා. දැන් අපේ දේපලත් විනාශ කරගෙන ගිහින් තියෙනවා. රෑට නිදියන්න බයයි මොකද මුහුද තියෙන්නේ අපේ ගේ ළඟ නිසා. වැසිකිළිය, තාප්පය මුහුදට ගියා දැන් බිත්ති ටිකත් මුහුදුබත් වෙන්න ළඟයි."




අලුතෙන් එක නගරයක් නිර්මාණය කරද්දී තවත් නගර රැසක් විනාශ වුණා"

තවදුරටත් සිදු කෙරෙමින් පවතින මුහුදෙන් වැලි ගැනීම වහා නැවැත්විය යුතු බව 'වෙරළ කන්දේ' ජිවත් වන මරියා සෙලින් පවසයි. "දැන් වැලි ගත්තා ඇති. දැන් කරන්න තියෙන්නේ අපිට ගල්වැටියක් දාලා දෙන එක තමයි. නැත්නම් පරම්පරා හතරක් පහක් ජිවත් වුණ භූමිය දාලා අපිට යන්න වෙන දවස වැඩි ඈතක නැහැ."

වරාය නගරයේ ආරම්භය
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවන පරිසර විනාශය ගැන 2012 වර්ෂයේ සිට බලධාරීන් සහ ලෝක ප්‍රජාව දැනුවත් කළ බව වරාය නගරයට එරෙහිව පෙළ ගැසී ඇති ජනතා ව්‍යාපාරය පෙන්වා දෙයි.
ධීවර ප්‍රජාව සහ මුහුදු වෙරළ ආශ්‍රිතව දිවි ගෙවන ජනතාව, ඔවුන් නියෝජනය කරන සංවිධාන, පරිසරවේදීන්, ආගමික නායකයන්, නීතිඥයන් ඇතුළු විවිධ වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවිධාන වල එකතුවකින් මෙම 'පෝට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය' සංවිධානය වී ඇත.
   ජේසිකා බර්නදෙත් සහ මරියා සෙලින්


"වරාය නගරය මුල්ම අදහස ගෙනාවේ 2002 දී එක්සත් ජාතික පක්ෂය. නමුත් මේ ව්යාපෘතිය ආරම්භ වුණේ 2014 සැප්තැම්බර 17 . පසුව එය යහපාලන රජය බලයට පත් වීමත් සමග නතර වුණා . නමුත් 2015 වසරේ මෙය නැවත ආරම්භ වුණා" යැයි පෝට් සිටි විරෝධී ජනතා ව්යාපාරයේ කැඳවුම්කාරිය සුභාෂිනි කමලනාදන් ප්රකාශ කළාය.

" තිබුණු බිම් ප්‍රමාණයට වඩා එහා ගිහින් තියෙනවා. උද්ඝෝෂණ ,විරෝධතා යහපාලන රජයේ බලධාරීන්ගේ ඇස් වලට පෙනුණේ නැහැ .කන් වලට ඇහුණේ නැහැ. මේ නිසා ඔවුන් දිගටම මේ වැඩේ කළා පසුගිය අවුරුදු හතරකට ආසන්න කාලයක් තුල විශාල වශයෙන් මිගමුව ආශ්‍රිත මුහුදු තිරයෙන් වැලි ගත්තා. පෝර්ට් සිටිය සඳහා භූමිය නිර්මාණය කළා."
"අලුතෙන් එක නගරයක් නිර්මාණය කරද්දී තවත් නගර රැසක් විනාශ වුණා," ඇය පැවසීය.
මේ වන විට මීගමුවේ සිට උඩප්පුව දක්වා වෙරළ තීරයේ නිවාස හා ධීවර වාඩි සියයකට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව සුභාෂිනි කමලනාදන් පැවසුවාය.

 ''ධීවරයාට රැකියාව කරන්න වෙරළ ඕනෑ . වගේම ඔවුන්ගේ නිවාස ඕනෑ . නමුත් දැන් මේ දෙකම ඔවුන්ට අහිමි වෙලා ඉවරයි . කවුද දැන් මේ ධීවර ජනතාව ගැන බලන්නේ. මේ පෝට් සිටි නිසා මහා පාර උරුම වුණ කීදෙනෙක් අද ඉන්නවද? ඔවුන් ගැන කවුද බැලුවේ?."
 "කතෝලික සභාවත් වගකිව යුතුයි"
පෝට් සිටි ව්‍යාපෘතියේ ආරම්භයට කතෝලික නායකත්වය සම්පුර්ණයෙන් වගකිව යුතු බව ජනවබෝධය කේන්ද්‍රයේ සභාපති සරත් ඉද්දමල්ගොඩ පියතුමන් පැවසූහ.
"යහපාලන රජය දෙවෙනි වර මේ ව්‍යාපෘතිය ආරම්භ කරද්දී බරපතල විරෝධතාවක් පැමිණියා .රජයට හැකි වුණේ නැහැ මේ විරෝධතාවය නොසලකා හරින්න. නමුත්, මේ අවස්ථාවේ රජය කළේ කතෝලික සභාවේ සහය මේ සඳහා ලබා ගැනීමයි. අනුව මීගමුවේ තිබෙන ලොකුම ධීවර සමිතිය දින පහක උපවාසයක නිරත වුණා පෝට් සිටියේ වැලි ගැනීමට විරුද්ධව."

                                                  සරත් ඉද්දමල්ගොඩ පියතුමන්"මේ අවස්ථාවේදී රජය කිව්වේ කිලෝමීටර් දහයකට එහායින් වැලි ගන්නවා කියලයි .අන්තිමට රජය පොරොන්දුව කඩ කළා."