Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

උතුරු පළාත් ධීවර ගැටලූ පිළිබද වටමේස සාකච්ඡාව

ජාතික ධීවර සහයෝගිතා  ව්‍යාපාරය  පසුගිය  වසර  22 ක් පුරාවට  ලංකාවේ සුඑ පන්න ධීවරයන්ගේ  අයිතීන්  හා ගොවින්, කම්කරුවන් හා වතු කම්කරුවන්ගේ අයිතීන් හා සුභසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන සංවිධානයකි.
එසේම 2002 වර්ෂයේ සාම ගිවිසුමේ සිට  උතුරු හා නැගෙනහිර  පළාත්වල යුද්ධයෙන්  පීඩාවට පත්  ජනතාවගේ අයිතීන්  හා සුභසාධනය  වෙනුවෙන් ද  විවිධ කි‍්‍රයාකාරකම් දියත් කරයි.
යුධ සමයේ  හා යුද්ධයෙන්  පසුව  උතුරේ ධීවර ප‍්‍රජාව  මුහුණ දෙන ගැටලූ  ඉතා විශාලය. විශේෂයෙන් තහනම් පන්න  භාවිතය නිසා හා දකුණේ ධීවරයින්  අසීමිත ලෙස උතුරු පළාතේ විවිධ ගම්මානවලට ගොස් කරන විවිධාකාර  ධීවර උපක‍්‍රම නිසාත්  ඇතිවන ගැටලූ, මෙන් ම ධීවරයින්ගේ වෙරළාසන්න ඉඩම් ගැටලූ විස`දා ගැනීම ස`දහා උතුරේ ධීවර ප‍්‍රජාව හා ධීවර සංවිධාන ගන්නාවු උත්සාහයට ධීවර සංවිධානයක් ලෙස  අප ද එක්ව කටයුතු කරමින් සහයෝගය  ලබා දෙමු.
වර්තමානයේ ඔවුන් මුහුණ දෙන ප‍්‍රධාන ගැටලූවක් නම් දකුණේ ධීවරයන්ගේ සංක‍්‍රමණික ධීවර කර්මාන්තය හා තහනම් ආම්පන්න  භාවිතයයි. මෙම ගැටලූ පදනම් කර ගනිමින් හා ධීවර සංවර්ධනයට බලපාන විවිධ කාරණා හා ඒවාට විස`දුම් ඇතුළත් කර උතුරු පළාත්  ධීවරයින්ගේ  එකතුව හා ධීවර සමුපකාර සමිති මුල්කොට ගෙන  උතුරු පළාත්  ස`දහා  ධීවර ප‍්‍රතිපත්තියක් සකස් කර,  එය උතුරේ ධීවර නිලධාරින්ට හා  පාර්ලිමේන්තු  මන්තී‍්‍රවරුන්ට ඉදිරිපත්  කර ඇත.
එමෙන්ම ධීවර අමාත්‍යතුමා, ධීවර අධ්‍යක්‍ෂ ජනරාල්තුමා  ඇතුඑ  ප‍්‍රතිපත්ති සම්පාදකයින්ටත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිවිල් සංවිධානවල නිලධාරින්,  මානව හිමිකම් සංවිධාන  විද්වතුන් හා  රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමටත් උතුරේ ධීවර ජනතාව සැකසූ උතුරු පළාත් ධීවර ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමටත් වටමේස සාකච්ඡුාවක්  සංවිධානය කළහ.