Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

ඔබ අපේ සහෝදරයෝ. අපි සියලූ භේද පසෙකලා හදවතින් එක්ව වෙමු


අම්හර් මව්ලවිතුමා සහ කරවිලකොටුවේ ධර්මතිලක ස්වාමින් වහන්සේ
ඔබ අපේ සහෝදරයෝ. අපි සියලූ භේද පසෙකලා හදවතින් එක්ව මේ දේදුනු නගරයේ මනුස්සකම පෙරටු කරගත් ගුණ දහමින් පිරි අලූත් නගරයක් මේ රටටම ගෙන යෑමට වෙහෙසෙමු.
මග හොදට තිබේ නම් යන්නට දැසත් පෙනේ නම් කිම බැමි බදින්නේ මිනිසුනේ මන්මුලාවුන් සේ. මේ අන්තවාදය හමුවේ මනුෂ්‍යත්වයේ අභියෝගය ජයගැනීමට ඔබගෙන් සහෝදර දෑත් මහමෙරක් මිස කුඩා ගල්කුළුණු නොවේ. මේ දම්වැලට හෙට දවසේ තවත් පුරුකක් එකතු කරන්නට අපි ඔබ හැමටම ආරාධනා කරන්නෙමු. අන්තවාදය හමුවේ මනුෂත්වයේ අභියෝගය යන මැයෙන් කාලෝචිත සාකච්ඡා මණ්ඩපයක් 2019.09.28 වන දින මීගමු පුරවැසි කමිටුව විසින් ජාතික ධීවර සහයෝගිතා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණ. මේ අවස්ථාව සදහා වැඩම කළ වදාළේ කරවිලකොටුවේ ධර්මතිලක ස්වාමින් වහන්සේ හා අම්හර් මව්ලවිතුමා ද මේ අවස්ථාව ස`දහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.
මනුෂත්වය හමුවේ අන්තවාදයේ අභියෝග යන මැයෙන් කාලෝචිත සාකච්ඡුා මණ්ඩපයක් මෙහිදි නිර්මාණය වු අතර විවිධ පිරිස් හා සංවිධානවල දායකත්වය මේ සදහා ලැබුණි. ජනවබෝධ කේන්ද්‍රය, විමුක්ති ධීවර කාන්තා සංවිධානය, පෙරියමුල්ල මස්ජිත් මුස්ලීම් දේවස්ථානයේ මුස්ලීම් සහෝදරවරුන්ට හා මුස්ලීම් ප‍්‍රජාව ද මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු ද මේ අවස්ථාව සදහා සහභාගි වූහ.