Let us Proudly Commemorate International Year of Small Scale Fisheries & Aquiculture - 2022

දකුණේ සුළුපන්න ධීවරයෝ තහනම් ආම්පන්න නිසා විශාල අනතුරක

ධීවර කර්මාන්තය සදහා සාම්ප‍්‍රදායික පන්න ක‍්‍රමවලින් බැහැරව වර්තමානයේ ඇතැම් පුද්ගලයින් තහනම් පන්න ක‍්‍රම උපයෝගි කරගෙන මුසුන් ඇල්ලීමට කටයුතු කිරීම දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලින් අසන්නට හා දකින්නට ලැබෙන සුලභ සිදුවීමක් බවට පත්ව ඇත. කෙසේ වුවත් තහනම් පන්න ක‍්‍රමවලින් මසුන් මැරීම අනාගත ධීවර කර්මාන්තයට කණ කොකා හැඞීමක් ලෙස සදහන් කළ හැක. මන්ද සාගරයට හා අනාගත මත්ස්‍ය සම්පතට එයින් සිදුවන බලපෑම අතිවිශාල ය. 
 කෙසේ වුවත් දකුණේ ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලයින් තහනම් පන්න භාවිතයෙන් මසුන් ඇල්ලීම නිසා අද වන විට දකුණේ ධීවරයින් විශාල අනතුරකට මුහුණ දෙමින් සිටි. සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් බැහැරව පුද්ගලයින් මසුන් මැරීම සුළුපන්න ධීවර කර්මාන්තයේ අනාගතය අසුබ නිමිත්තක් පවසි. ලයිට්කෝස් වැනි තහනම් පන්න භාවිතයෙන් මසුන් මැරීම ගාල්ල ප‍්‍රදේශය තුළ දක්නට ඇති සුලභ දසුනක් බවට පක්ව ඇත. මේ නිසා බලපිටිය, දොඩන්දූව, රත්ගම වැල්ල ආදී ප‍්‍රදේශවල ධීවරයින් මහත් අපහසුතාවයකට පත්ව ඇත. මේ සම්බන්ධයෙන් සුළුපන් ධීවරෝ මුහුණ පා සිටින අනාගත අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡුාවක් දකුණ ධීවර සහයෝගිතා ව්‍යාපාර කාර්යාලයේදී 2020 නොවැම්බර් මස 18 වන දින පැවැත්විණ. මෙම අවස්ථාව සදහා බලපිටිය, දොඩන්දූව, රත්ගම වැල්ල ආදී ප‍්‍රදේශවල ධීවරයින් කිහිපදෙනෙකු ද එක් වූ අතර දකුණේ ධීවර සන්විධානයේ සම්බන්ධිකාරක දුලිප් රංගජිව මහතා ද සම්බන්ධ වූහ.